දුරකතන බද්ද 49%යි.. අද සිට 15% වැට් බද්ද ක්‍රියාත්මකයි..
November 1, 2016 at 8:40 am | lanka C news
ඊයේ වන තෙක් 11%ක්ව පැවති වැට් බද්ද අද දිනයේ සිට 15%ක් තෙක් ඉහල දැමීම ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව අද දිනයේ සිට දුරතකන හා අන්තර්ජාල සේවා ගාස්තු පුද්ගලික රෝහල් සේවාවන් සදහා අලූතෙන්ම 15%ක වැට් බද්දක් එක් කෙරේ. මේ අනුව අද දිනයේ පටන් දුරකතන ගාස්තු සදහා 49%ක බද්දක් පැනවෙයි.
ජාත්‍යන්තර මූඞීස් ආයෝජන සේවාව සදහන් කරන්නේ මෙම බදු ඉහල දැමීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කල යෝජනා අනුව සිදුවන්නක් බවයි.