දුර්ලභ ගනයේ ගෝනකු මැරූ දෙදෙනෙකු අත්අඩංගුවට..

August 25, 2018 at 2:06 am | lanka C news
දුර්ලභ ගනයේ ගෝනකු මැරූ දෙදෙනෙකු අත්අඩංගුවට..

සිංහරාජ රක්ෂිතයේ දුර්ලභ ගනයේ ගෝනකු මැරූ පුද්ගලයින් දෙදෙනෙකු මස් සහ ගිණිඅවියක් සමග නෙළුව-කොස්මුල්ල,තඹලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට ලද තොරතුරක් මත නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතා විසින් ක්ෂණිකව නිලධාරීන් සමග ක්‍රියාත්මක වී තඹලගම ප්‍රදේශයේ කැලෑවක් පරීක්ෂා කිරීමේදී මස් සහ ගිණි අවිය සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකේ තිබී සොයාගත් ගිණි අවිය නීති විරෝධී ගිණි අවියක්ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට චෝදනා ගොනු කරන බව ස්ථානාධිපති වරයා පැවසීය.

සිංහරාජ රක්ෂිතයේදී මෙම දුර්ලභ ගෝනා වෙඩි තබා මැරූ බව සැකකරුවන් පාපොච්චාරණය ඇති බවද හෙතෙම සඳහන් කළේය.

– නෙළුව පියරත්න ජයවික්‍රම /මොරවක ප්‍රියංකර ගමගේ

12 views
Main News