දුවන්න ඉන්ධන නෑ… දුඟඳ හමන කසල පිරවූ රථ නගර සභා භූමියේ ගාල් කර තබයි…

September 8, 2021 at 6:22 am | lanka C news
දුවන්න ඉන්ධන නෑ… දුඟඳ හමන කසල පිරවූ රථ නගර සභා භූමියේ ගාල් කර තබයි…

බේරුවල නගර සභාවේ දින කීපයක් තිස්සේ මෙතෙක් විසඳුමක් නැති මේ වන විටත් තිබෙන ඉන්ධන ගැටළුව හේතුවෙන් කසල බැහැර කිරීමට නොහැකි වී මහා මාර්ගයෙන් නවතා තිබූ කසළ පිරවූ ට්‍රැක්ටර් රථ වලින් දැඩි දුගඳක් හමා යන බැවින් ඒවා නගර සභා භූමිය ගාල් කිරීමට පියවර ගත් බව බේරුවල නගර සභාවේ සභාපති මසාහිම් මොහොමඩ් මහතා පැවසීය .

මේ අතර බේරුවල නගර සභාව කසල බැහැර කිරීම සිදු කරන මාලිගා හෙන වෙත්තිම රාජපුර කසල අංගනයේ තත්ත්වයඅද 7දින නිරීක්ෂණය කිරීම සඳහා නගර සභාපතිවරයා මාධ්‍යවේදීන්ට ද කළ ආරාධනය මත එහි ගිය අපට දැක ගැනීමට හැකි වූයේ කසල අංගන යෙන් දැඩි දුර්ගන්ධයක් සමග කසල නිසි ලෙස ඉවත් කර පස් දමා වසා දැමීමක් හෝ නොකර දැඩි පාරිසරික හානියක් සිදු වී ඇති ආකාරයයි .

එම කසල අංගනය අසල පදිංචි කාරියක් වූ විවාහක දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන කාන්තාවක් නගරාධිපතිවරයාට චෝදනාත්මක ව කියා සිටියේ මේ ගැටලුව කෙසේ හෝ විසඳා දී තමන් දැඩි දුෂ්කරතාවය මැද ජීවත්වන තත්ත්වයෙන් මුදවා ගන්න ලෙසයි .

මෙහිදී එම කාන්තාව මාධ්‍යවේදීන් ඉදිරියේ කියා සිටියේ ,,ජනාධිපතිතුමා හෝ අප ජීවත් වන තත්ත්වය ගැන සොයා බලා මෙයට විසඳුමක් දෙන ලෙස ආයාචනය කළේය.

මෙහිදී නගරාධිපතිවරයා කියා සිටියේ කසල අංගනයේ කසළ ඉවත් කිරීම් සිදුකරන යන්ත්‍රය කුලී පදනම මත ලබා ලබාගෙන තිබෙන බවත් එම යන්ත්‍රයට ද අදාළ ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් කසල බැහැර කිරීමට සහ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකමින් මේ තත්ත්වයට මුහුණ දී ඇති බවයි. මේ තත්ත්වය කඩිනමින් විසඳා දීමට පළාත් පාන කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා .

22,065 views

9 Comments to “දුවන්න ඉන්ධන නෑ… දුඟඳ හමන කසල පිරවූ රථ නගර සභා භූමියේ ගාල් කර තබයි…”

  1. MD says:

    නගරාධිපති කෙනෙක් කියන්නේ තොත්ත බබා කෙනෙක් ද?අරන් ඵන කුණුත් පරණවෙලා ගඳ ගහනකොට ගෙනල්ලා තියන් ඉන්නකොට පරිසරයට වන හානිය තේරෙන්නෙ නැද්ද?විසදුම් හොයන්න ඉන්ධන ඔක්කොම ඉවරවෙනකම් ඉන්නවාද.අසමද්ජාතී කථා ඕවා.බොරු බේගල්.තනිකරම ආණ්ඩුවට එරෙහිව කඩාකප්පල්කාරී සංදර්ශන දැන් යන්නේ.ඕවාට හදිසි නීතිය අවශ්‍යමයි.

  2. Unlimited Fun says:

    පොඩ්ඩක් හිටහල්ලා මොළ හතාNO තවම වැඩ පටන් ගත්තේ නෑ හරියට.
    තව මාස 3 කින් තමා හරියටම ඇඟට දැනෙන වෙනස වෙන්නේ.

  3. රංජිත් විජේසිංහ says:

    මේ වන විට මහ ජනයාවෙත විවිදඅභියෝග වලට මුහුණ දිමට සිදුව තිබේ. ඒ අතර මෙවැනි අභියොග වලට මුහුණ දිමට සිදුවීම කනගාටුවකි. ඔවුන්ගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් සොයා ඔයට නිසි පියවර ගැනීම බළධාරීන්ගේ කාර්්‍යකි.

  4. Sunil Perera says:

    megollanta sama warshayakama wiyadamata anduwen mudal wenkaranawane ewata mko wenne? ewa kabasina karanawada aurudda iwara wenna issella.

  5. පාවඩදෙණිය දොස්තර says:

    පෙට්‍රල් ඩීසල් ටිකක් ගෙදරම හිද ගන්න විදිහ කියා දෙන්නද බයි මල්ලිලාට .පරගැති තෙල් මොටද අපි හදමු හෙළ වාහන ගොන්කරත්ත.ගොන්නු නම් ලක්සම හැට නමයක් ඉන්න රටේ ඕකත් කජ්ජක්ද

  6. Chathura Gunarathna says:

    thopi sabawata hamba wena ewa gedara wadata yoda gaththama sabawe wada walata ithuru wenawadadan ithin boge salli walin wada tika karanam hari

  7. Sagarika Alvis says:

    ane ikmanata eyalage prashne wisadanna. mona unath eka manussa aithiwasi kamak neh’

  8. රුක්ෂාන් සිල්වා says:

    ඔය කිඹුල් අතක් වෙන්න බැරිද?

  9. චන්ඩි කොල්ලා says:

    මේ නගරසභාවේ පාලනය අයිති කුමන පක්ෂයටද? එජාපයට නම් මේක අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණයක්.ඇයි මේ නගරසභාවට ආදායමක් ලැබෙන්නේ නැද්ද? ඉන්ධන හිඟයක් කොහෙද තියෙන්නේ?