දුවන්න සල්ලි නෑ.. රාජ්‍ය සේවය සීමා කරයි.. සතියට දින හතරයි.. යෝජනාව කැබිනෙට්ටුවට..

June 4, 2022 at 1:20 pm | lanka C news
දුවන්න සල්ලි නෑ.. රාජ්‍ය සේවය සීමා කරයි.. සතියට දින හතරයි.. යෝජනාව කැබිනෙට්ටුවට..

ඇතිවී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් අවම කර ගැනීමට රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සතියකට දින හතරකට සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මීට අදාළ කැබිනට් සංදේශයක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව ඒ පිළිබඳව රාජ්‍ය ආයතනවලට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ.

ඉන්ධන, විදුලි අර්බුදය මෙන්ම එම ආයතනය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යන වියදම් සීමා කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.

59,048 views

15 Comments to “දුවන්න සල්ලි නෑ.. රාජ්‍ය සේවය සීමා කරයි.. සතියට දින හතරයි.. යෝජනාව කැබිනෙට්ටුවට..”

  1. User Name says:

    රටේ ධනය නාස්ති කරන රාජ්‍ය සේවය නම් පිලිකාව කප්පාදු කරන්නේ කවදාද?
    රජයක් කල යුත්තේ මිනිසුන්ට පින් පඩි දීමද?
    රාජ්‍ය ‌සේවයේ යෙදෙන බහුතර කාලකන්නින්ට පෞද්ගලික අංශයේ රැකියාවක් කර රටට බරක් නොවී ජීවත් වීමට නොහැකි ඇයි?
    ඔවුන්ට රට කෙරෙයි වෛරයක් ඇත්ද?

    • SKF says:

      රාජ්‍ය සේවයේ ඉන්න පාගා කාරයො අල්ලලා දොට්ට දැම්ම නම් රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙනවා.

    • Vidhura says:

      රජයේ රැකියා ලක්ෂයක් මෑතකදී දුන්නා. දෙන්න වගකීම් වත් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිකන් ඉන්නවා. ඒවා දන්නවද..? ගුරු හිඟයකුත් තියෙනවා.. ඒවා අඩු කරන්නේ කොහොමද? පොඩ්ඩක් පහදලා දෙන්න.

    • Anton says:

      වර්තමාන ඖෂධ හිඟය පවා කොමිස් කාක්කන් නිසා ඇතිවූ බව කියැවේ. නමුත් ඒ කිසිවෙකුට දඬුවම් නොලැබේ.

  2. යහපාලනය හා පොහොට්ටු කැපිල්ලට ගොදුරූ වූ බයියා says:

    බොරු හොර ඒපෙක්ස් බොඩි ඒජන්සි වහලා දාන්න. ඒ සල්ලි වලින් තව කොච්චර දේවල් කරන්න පුලුවන්ද?. ඇයි ඒ ගැන නිශ්ශබ්ද ?. කොච්චර රජයේ සල්ලි නාස්ති කරනවද ඒවාට.

  3. Sirimal says:

    Close down selected government offices for 3.months. Select the useless government offices.

  4. Kumara says:

    රජයේ සේවකයන්ට චෝදනා කරලා වැඩක් නෑ . මේක කාලයක් තිස්සේ ගොඩනැගුනු system එක.
    භාණ්ඩාගාරය හිස්වෙලා මිනිසුන්ගේ බඩට වදිනකන් කව්රුත් රජයේ වියදම ප්‍රශ්න කලේ නෑ .
    රජයේ සේවයට පඩි වැඩිවීම් , දීමනා, වරප්‍රසාද වැඩි කරනකොට මිනිස්සු හිතුවේ නෑ එකේ බර දරන්නේ අපි කියලා.
    රාජ්‍ය සේවය පුද්ගලීකරණයට විරුද්ධ වුනෙත් මේ රටේ බහුතර මිනිස්සු තමයි .ඉතා අඩු පොලියට ණය , Medical Covers, Vehicle Permits, සහන දුරකථන ගාස්තු , විදේශ ශිෂත්ව, ලැප්ටොප් .මේවා වෙනුවෙන් යන වියදම රැකියා වෙළඳපොලේ සමාන සේවකයන් බඳවා ගැනීමට ගෙවන මිලට වඩා ඉහල නොවේද ?

  5. Banda says:

    A very good idea.. This should have been implemented several months ago…

  6. Gamaraala says:

    Next step… Introduce Part Time work with proper guidelines to be followed by the Employers…

  7. ලකියා says:

    රජයේ සේවකයින් නෙවෙයි නිවැරැදි කළමනාකරණයක් නැති එකයි වැරැද්ද. කිසිම ආකාරයක පුද්ගලික ඒකාධිකාරයක් ඇති නොවන විදියට රාජ්‍ය අංශය ප්‍රබල කරන්න පුළුවන් නිවැරැදි කළමනාකරණයක් තියෙනවා නම්. වැඩකරන රජයේ සේවකයින් හොදටම වැඩ. නිකන් ඉන්න රජයේ සේවකයින් හැමදාම නිදහසේ….. හැමෝටම හොදට වැඩ තියෙන්න ඕන.

    • රොයල් කැපිල්ලට අහුවුන මොඩිෆයි බයියා says:

      ඒපෙක්ස් ඒජන්සියේත් බොරු කාරයෝ පිරිලා. සොමිය, ආතල් ගන්නවා.මාස්ටර්ස් කරගෙන ඉන්නවා.

  8. Lalla says:

    පින්පඩිකාරයින් සල්ලි අච්චුගහලහරි වන්දියක් දීල අස්කරන්න. ලඟදී රැකියාවලට ගත්ත බොහෝඅය නිකම් ගෙවල්වල ඉඳන් පඩිගන්නවා.

  9. Elmo Perera says:

    55% of Public Sector can be given a golden hand shake.30% of building space can be rented out.

  10. Asela says:

    සතියට දින තුනක් වැඩකරන රාජ්ය සේවය දින 4ක් කරපු එකට ස්තුතියි

Main News