දුෂණය කර මරා දැමූ විද්‍යා දැරියගේ උපන්දිනය වෙනුවන් යුද හමුදාව රටටම දැනෙන දෙයක් කරයි…

November 26, 2017 at 12:40 pm | lanka C news
දුෂණය කර මරා දැමූ විද්‍යා දැරියගේ උපන්දිනය වෙනුවන් යුද හමුදාව රටටම දැනෙන දෙයක් කරයි…

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී කාමාතුරයින් අතින් ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ 21 වන උපන්දිනය වෙනුවෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක වන පදිරි විදයා නමින් පදනමක් හා පුන්කුඩතිව් විදුහලේ දරු දැරයින්ට අධ්‍යාපනික උපකරණ හා පා පැදි බෙදා දීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

2015 වසරේ මැයි මස 13 වනදා පුන්කුඩතිව් පාසල වෙතට යමින් සිටියදී විද්‍යා දැරියට මෙම අවාසනාවන්ත ඉරණම අත් වූ අතර 2017 නොවැම්බර් මස 25 වනදාට විද්‍යා දැරයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් පුන්කුඩතිව් විදුහලේදී මෙම උත්සවය සංවිධානය කොට තිබින.

එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුලු ජ්‍යේෂ්ට යුද හමුදා නිලධාරීන් පිරිසක් හා ප්‍රවීන සිනමා නිලි සුනීතා වීරසිංහ විද්‍යා දැරයගේ මව ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ පූර්ණ අධීක්ෂණයන්ගේ යුතුව මෙම උත්සව අවස්ථාව සංවිධානය කළ අතර සිනමා නිලි සුනීතා වීරසිංහගෙ සංකල්පයකට අනුව පුන්කුඩතිව් විදුහලේ දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ හා පාපැදි බෙදා දීම සිදු විය.

ඊට අමතරව උත්සව අවස්ථාවේදී ආරම්භ කරන ලද විද්‍යා පදනම දිවයින් පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර සෑම මසක පාසල් දරු දැරියන් වෙනුවෙන් මෙසේ ශිෂයත්ව ප්‍රධානයන් සිදු කිරීමට එම පදනම හරහා කටයුතු ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

86 views

10 Comments to “දුෂණය කර මරා දැමූ විද්‍යා දැරියගේ උපන්දිනය වෙනුවන් යුද හමුදාව රටටම දැනෙන දෙයක් කරයි…”

  1. LION says:

    තරුගන්න බලන් ඉන්න කාලකන්නි රට වෙනුවෙන් මිය ගිය රණවිරුවන් වෙනුවෙන් මුන් මොනාද කලේ?

  2. Bandara says:

    Demal sandane koti ralata hoda padamak oka. ara paharaya jaathika kodiya osawanna baha kiyapu okata hoda padamak oka. Sinhalaya laga kisima dawasaka jaathi bedaya naha. ehemanam diwanina pura inna eka Demalekuta Lankawe jeewith venna vidiyak naha.

    • Vasana says:

      යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ට රටජාතියට වෙනුවෙන් කරන්න වෙන වැඩක් නැතුවද උතුරේ මියගිය දෙමළ කාන්තාවකගේ උපන්දිනය සමරන්නේ ? රට ජාතිය වෙනුවෙන් දිවි පිදු අබාධිත වූ අපේ රණවිරුවන් වෙනුවෙන් ඔබතුමා කලේ කුමක්ද ? උතුරේ මිනීමරු ත්‍රස්තවාදී යක්ෂයා පිරපාකරන් සමරනවා එය නතර කිරීමට කටයුතු නොකරන්නේ මන්ද ? ඔබතුමා දැන් උතුරේ LTTE ත්‍රස්තවාදීන් නටවන රුකඩයක්ද ?
      ….අපට ඇත්තේ ඔබවැනි නිවට පුද්ගලයන් ගැන කලකිරීමක් ..මියගිය කාන්තාව අපේ රටට කල සේවය කුමක්ද ?
      මොකද්ද ඔයතරම් ඇගේ ඇති විශේෂත්වය ? දෙමල වීමද ??
      ලැජ්ජයි මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඔබ කරන මෝඩ වැඩ ගැන….ලංකාවේ සිංහල කාන්තාවන් දරුවන් කොතරම් මරාදමා ඇත්ද ? එත් ඒ එක කාන්තවකගේවත් උපන්දින මේ රටේ හමුදාවෙන් පවත්වා තිබේද ? නැහැ නේද ?

  3. ව්දිය බණ්ඩාර says:

    විද්‍යා පදනමට අපි සැවොම පුලුවන් අන්දමට සහභාගි වී පෙන්වමු සහෝදරත්වයේ දෑත.

    • JUDE says:

      WHY? FOR WHAT? Don’t write bullshit ….

    • SUNIMAL says:

      අපේ රණවිරුවන් බොරු චෝදනා මත සිරගෙට පෝරකේට යැවීමට උත්සාහ කරන උතුරේ ජාතිවාදී දෙමළ ජාතිකයන්ට පන්දම් අල්ලන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන්ගේ මෝඩ ක්‍රියාව ගැන අපේ අප්‍රසාදය පල කරමු

  4. Upali says:

    කොහොමද අපේ රටේ හමුදාව. පසුගිය රජයේ ඉතාම හොඳ පරිපාලනයෙන් හික්මූ යහපත් මිනිස්කම් ඇති පිරිසක් තමයොඉ ඉන්නෙ. ඔවුනටත් විරුද්දව ඉතාම සුලු සිද්දීන් කිහිපයක් අල්ලාගෙන චෝදනා කිරීම වැරදි නේද.

    • sky says:

      අපේ රට ජාතිය වෙනුවෙන් දිවි දුන් රණවිරු වන්ගේ පවුල්වලට මෙවැනි උපහාර උත්සව රණවිරු නමින් පදනමක් ආරම්භ කර නොමැත්තේ මන්ද ?
      මේ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගෙන් අපේ රටට සිදු වූ සේවය කුමක්ද ? මොකද මේ තරම් විශේෂත්වයක් ?
      මේ රටේ මරාදමා ඇති සිංහල සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ නමින් පදනමක් කිසිම විටක ආරම්භ කර නැත
      මේ සිදු කරන්නේ අපේ රටේ සිංහලයන් ට අවමන් කිරීමක් ද ?
      දෙමළ ජාතිය සතුටු කිරීමක්ද ? සිරිසේනගේ උතුරේ සහජීවනය ආරක්ෂාකිරීමට කඩේ යාමක්ද ?
      What a shame ?

  5. gamarala says:

    ත්‍රිවිධ හමුදාව ඉන්නෙ රාජ්‍ය රකින්න මිසක් ආණ්ඩු රකින්න නෙවෙයි.

  6. CAT says:

    සිරිසේන කොටි පබයගෙන් තරු පටි ගන්න දෙමළ ජාතියට කඩේ යන්න එපා ..අපේ හමුදාවට ලජ්ජා කරන්න එපා
    සිංහල ජාතියට නිගා නොකරන්න

Main News