දුෂණ වංචා පරීක්‍ෂණ අවසන් අදියරේ… කාවඩියා ළගම එනවා..

April 1, 2017 at 6:48 pm | lanka C news
දුෂණ වංචා පරීක්‍ෂණ අවසන් අදියරේ… කාවඩියා ළගම එනවා..

ආණ්ඩුව රටේ දේපල විකුණන්න යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප‍්‍රකාශ කිරීම ගැන කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකරන ලද්දේ කොටුවිල රුපියල් ලක්ෂ 60 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටුවිල උස්වත්ත මාර්ගය ජනතා අයිතියට පැවරීමේ උත්සවයකදීය.

‘මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවානම් මේ ආණ්ඩුව රටේ දේපල විකුණනවා කියලා. ඒ සම්බන්ධව මං කණගාටු වෙනවා. දැන් අපි හම්බන්තොට වරාය සම්බන්ධව වුනත් යන්නේ හවුල් ව්‍යාපාරයක්. මේ මාතෘ භූමියේ එක බිම් අගලක්වත් අපි විකුණන්නේ නෑ. අපි එතුමාට මතක් කරලා දෙන්න කැමතියි. කොළඹ ගොල් ෆේස් පිට්ටනිය ඉස්සරහා තියෙන ඉඩම් ටික චීනයට ෂැංගිරිලා හෝටලය හදන්න සින්නක්කරව දුන්නේ එතුමා තමයි. ඒ විතරක් නෙමෙයි, එතුමලාගේ කාලේ කොළඹ වරාය නගරය හදන සමාගම අක්කර 20 කට වඩා සින්නකරව ලබා දෙන්න ගිවිසුම් ගත වෙලා තිබුනා. අද වුනත් කොළඹ වරයේ ටර්මිනල් එකක් දීලා තියෙනවා චීනෙට. ඒවා දුන්නේ අපිද. දේශපාලන කුහකයෝ වෙලා දේශපාලන කාන්තාරයේ විනාශ වෙන්න උත්සහ කරනවානම් ඔය වගේ කතා කිව්වට කමක් නෑ. දැන් පරීක්ෂණ වලත් අවසාන අදියරට පැමිණිලා තියෙන්නේ. මල් බයිසිකල් ගිහින් ඉවරයි.මහා බබා දැන් යමින් පවතිනවා. කාවාඩියා නුදුරේදීම එන බව මතක තබා ගන්න කියලා අපි කියනවා’

– මිනුර රෂාන්ත

6 views

5 Comments to “දුෂණ වංචා පරීක්‍ෂණ අවසන් අදියරේ… කාවඩියා ළගම එනවා..”

  1. GONA says:

    This fool does not those inquary help Police Officers to make money and few of country’s adminstrative work twits to false charges. This itself a biggest crime made by bunch of crooks

  2. asitha says:

    Urek uda giya tharama..your days are numbered..

  3. බන්ඩා says:

    මේ බූරුවා දන්න නැහැ 99 අවුරුදු බද්දක් කියන්නෙ පරම්පරා තුනක් ඒ කියන්නෙ සින්නක්කර තමය් කියල. අනෙක බදු වලට විකුනනවා කියන්න බදු ගිවිසුමකට අත්සන් කොරනවා කියන එකය්. ඉතින් ඔය හම්බන්තොට වරාය විකුනන බදු ගිවිසුමේ තියන්නෙ ලංකාවට කෙලවෙන වගන්තිය්. රටේ අාර්තිකය විනාස කල බැඳුන්කර හොරා රනිල ඔිනැ ගිවිසුමක් අත්සන් කොරනවා උෟට කොමිස් දෙනව නම්. ඒකය් මහින්දගෙය් රනිලගෙය් වෙනස

  4. shantha dissanayake says:

    sukara meat good for yuo

    • asaranaya says:

      ඌරු හම්බයෝ පරීක්ශණ කෙසේවෙතත් උඹත් ජම්පරය අඳින්න සුදානම් වෙයන්

Main News