දුෂ්කර ගම්වල වැසියන්ට ත්‍රිවිද හමුදාවේ විශේෂඥ වෛද්‍යවරුන් 40 ක් සමග විශේෂ වෛද්‍ය සායනයක්…
November 25, 2018 at 2:47 am | lanka C news
වැලිඔය ඇතාවැටුනු වැව දුෂ්කර ගම්මානයක් වූ ගජබාපුර ඇතුලු ගම්මාන කිහිපයක ජීවත් වන වැසියන් වෙනුවෙන් වන්නි ආරක්සක සේනා මූලස්ථානය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් සංවිධානය කොට තිබුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා වෛද්‍ය බලකායේ අධිපති මේජර් ජෙනරල් එස්.එච් මුනසිංහ මහතාගේ අධීක්ෂණයෙන් 62 වන සේනංකාධිපති බ්‍රිගෙඩියර් සංජය වනිගසිංහ මහතාගේ මෙහෙයවීම මත 14 වන පාබල රෙජිමේන්තුවෙන් නිලධාරීන් විසින් ගජබාපුර පරණගම විද්‍යාලයේදී මෙම වෛද්‍ය සායනය සංවිධානය කොට තිබුණි.
ගුවන් හමුදාව, නාවික හමුදාව සහ යුද හමුදාවේ විශේෂඥ වෛද්‍ය වරුන් 40 දෙනෙකු සහ හෙද කාර්ය මණ්ඩලයේ 80 දෙනෙකු පමණ මෙම වෛද්යසායනයට සහභාගී වී සිටියහ.
බාහිර රෝගී ප්‍රතිකාර , කායික රෝගී සායනය, නාරි හා ප්‍රසව සායනය, ළමා රෝග සායනය, අක්ෂි සායනය, දන්ත වෛද්‍ය සායනය, එක්ස්රේ පරික්ෂණ, වෛද්‍ය රසායනාගාර සේවාවන් සහ භෞතසිකිත්සක යන සායනයන් වෙනුවෙන් වැසියන් 1200 ක් පමණ දෙනා සහභාගී වී වෛද්‍ය සේවාවන් ලබා ගත්හ.
– වන්නි රොමේෂ් මධුෂංඛ