දුෂිතයි කියා පුත්තලමේ පොලිස් ලොක්කෙක් මාරු කරන්නැයි රාජ්‍ය ඇමති දන්වයි..

October 11, 2021 at 9:20 am | lanka C news
දුෂිතයි කියා පුත්තලමේ පොලිස් ලොක්කෙක් මාරු කරන්නැයි රාජ්‍ය ඇමති දන්වයි..

පුත්තලම මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

එම නිලධාරියා දූෂිත නිලධාරියකු බවත් වහාම ඔහුව ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා ඇතැයි ද වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් පුවත්පත පොලිස් නිලධාරියාගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෙත්බිම් ඩෝසර් කිරීම සම්බන්ධ පිරිස් තමන්ට විරුද්ධව බවත් ඔවුන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන තමන්ට මාරු කිරීමට සූදානම් වන බවත්ය.

30,801 views

18 Comments to “දුෂිතයි කියා පුත්තලමේ පොලිස් ලොක්කෙක් මාරු කරන්නැයි රාජ්‍ය ඇමති දන්වයි..”

  1. saman says:

    රටට ගිය කලක්….
    බූරුවො පාර්ලිමේන්තුවේ…..
    වැවැඩකරන මිනිසුන් දුක් විදිනවා…
    .හැට නම ලක්ෂයේ අනුභාවයෙන් 20 වන සංශෝධනය මඟින් 19 වන සංශෝදනය ඉවත් කර එහි තිබු පොලිස් කොමිසම ඉවත් කර එය ප්‍රාදේශීය දේශපාලුවන් අතරට පොලිස් බලය යෑමේ ප්‍රතිපල බුක්තිවින්දිමින් සිටි.

  2. baමුනා says:

    මූ තමා මෙහෙ ලොකුම කසිප්පු කාර මැරයා. සැර්ගෙ රට කන මරු යාලුවො ටික​…

  3. බයිලා නන්දසේන says:

    නන්දසේනගේ පාණ්ඩුව. බයිලා නන්දේ දැන්වත් නැගිටලා බලන්න. ඊයෙත් පම්පෝරිය ගැහුවා එක රටක් එක නීතියක් කියකියා.

  4. On The Spot says:

    වෙන්නප්පුවෙ බලවතා ඒ.එස්.පී.මාරු කලා එක ලියුමෙන්.දැන් පුත්තලමෙ බලවතා තවත් පොලිස් නිළධාරියෙකුට මාරු වීම් හදනව​.රැම්සා තෙත් බිම් ඩෝසර් කරන උන් හිතාන ඉන්නෙ උන් බෝ පැල වගේ කියල​.එක රටක් එක නීතියක්,අනේ අපි කවදාක පිහිනමුද ඒ ගඟේ?????

  5. සකු says:

    මේ බුරුවා කියන දේත් අහනව නම් ඉතින් සොරි ම තමා

Leave a Comment

Main News