දූවිල්ලට උණුසුමට ඔරොත්තු දෙන ශාක ප්‍රභේදයන් නව කැළණි පාලම් ව්‍යාපෘති අයත් මාර්ග දෙපස…

August 30, 2021 at 2:28 am | lanka C news
දූවිල්ලට උණුසුමට ඔරොත්තු දෙන ශාක ප්‍රභේදයන් නව කැළණි පාලම් ව්‍යාපෘති අයත් මාර්ග දෙපස…

ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදිවන නව කැළණි පාලම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද ශාක ප්‍රභේද රෝපණය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක රෝපණය කිරිමට ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් යෝජනා කරන ලදී.

මෙසේ රෝපණය කරන ශාක වෙත ජලය සැපයීම සදහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් කඩිනමින් ඉදිකරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා ව්‍යාපෘති අධ්‍යක්ෂිකාවට උපදෙස් ලබා දෙන ලදී.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ එළඹෙන සැප්තැම්බර් මස අවසාන වන විට ජනතා අයිතියට පත් කිරිමට නියමිත නව කැළණි පාලම් ව්‍යාපෘතියේ භූමිය අලංකරණය කල යුතු ආකාරය පිළිබදව Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමට සහභාගි වෙමිනි. මෙම රැස්වීම 2021-08-29 වන අද දින පැවැත්විනි.

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ෂිකා ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

67,696 views

10 Comments to “දූවිල්ලට උණුසුමට ඔරොත්තු දෙන ශාක ප්‍රභේදයන් නව කැළණි පාලම් ව්‍යාපෘති අයත් මාර්ග දෙපස…”

  1. Power says:

    ඒ අණුව, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක රෝපණය කිරිමට ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් යෝජනා කරන ලදී. අන්න හොඳ වැඩ..❤️

  2. CHANDA says:

    ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද ශාක ප්‍රභේද රෝපණය කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබා දෙන ලදී. itS good idea.

  3. සමනා says:

    හොදයි ඒ්කේ තියෙන දේශීය ශාක විතරක් ගන්න මගුල්කරද හොද ‌හෙවනක් හොද ඔක්සිජන් සැපයුමක්

  4. අපි බයේ හිටියෙ තණකොල ටිකක් විතරක් හිටවයිද කියල…ඔබතුමා හොයල බැලුවෙ නැත්නම් මෙලෝ වැඩක් වෙන්නෙ නෑ..ගහක් කොලක් ගැන දන්න එකෙක් මේ රටේ වෙන නෑනෙ……අපි හරි වාසනාවන්තයි…මේ කොරෝන අස්සෙ……

    • Darshana abayakoon says:

      ටැලිපෝන් කබ්බන්ට කන්ඩත් එක්ක තණකොළ වවන්න තමයි මුලින් හිතාගෙන ඉඳල තියෙන්නෙ

  5. තුනේ කල්ලිය says:

    කරන මගුලක් අතීත ශ්‍රී විභූතියට කෙලවෙන් නැතිවෙන්න කොරපල්ල! නැත්නම් දන්නවනෙහ් ?!?
    p.s. ඕන වුනොත් ඔරුගොඩවත්තෙන් උනත් නැති ඉතිහාසයක් මතු කරලා පෙන්වන්නම්!

  6. A Sri Lankan says:

    Some of these media releases are to show the country that the boss is working hard… and then you get a few catchers to have a few favourable comments. These are mostly typical regular Management meetings of ministries but now turned around to create news headlines.

  7. Silva says:

    අන්න අර මුතුරාජවෙල වටේ තියන ඇක්ෂියා ගස් ටික ගලෝල දාපල්ල.. අනාගත පරපුරට පරිසර පද්දතියක්වත් බලා ගන්න බැරි වෙනව…

  8. කොස් දෙල් පොල් වැනි ශාක.... says:

    කොස් දෙල් පොල් වැනි ශාක වර්ගද සුදුසු ස්ථානයන්හි මහජණ පරිභෝජනය සඳහාම ස්ථාපිත කිරීමට රජය පියවර ගත යුතුයි!

  9. නාරද says:

    ඉදිරි ඩොලර් හිගයත් සමග රට රැක ගන්න අධීවේගී මාර්ග දෙපස මඤ්ඤොක්කා සහ වෙනත් බඩගිනි නිවන ඉතා ඉක්මනින් ළුලදාව දෙන වැඩි සාත්තුවක් අවශ්‍ය නැති බෝග සිටුවීමටත් තමන්ගේ ගෙවල් වල අඩුම ගානේ වම්බටු පැලයක් දෙකක්, මීරිස් පැලයක් දෙකක් හිටුවීමට ජනතාව උනන්දු කරවන්නේ නැත්තේ ඇයි

Main News