දූෂණ චෝදනාවට හිරේ ගිය AIADMK නායිකා නඩරාජා ශශිකලාට අගමැති මෝදි සමඟ එකට ආණ්ඩු කරන නිසා රජ සැලකිලි.. අධිකරණ ඇමති නිහඬයි..
August 22, 2017 at 5:30 pm | lanka C news
දූෂණ චෝදනා සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින තමිල්නාඩුවේ පාලක ඒ. අයි.ඒ, ඩි.එම්.කේ. පක්ෂ නායිකා ශශිකලා නඩරාජාන්ට ඉන්දියාවේ බැංගලෝර බන්ධනාගාරයේ සියලු වරප්‍රසාද සහිත පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහෙත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණ අමාත්‍යවරයා වෙත හෝ ආණ්ඩුව වෙත කිසිම බලපෑමක් එල්ලවී නොවන්නේ ඇයගේ පක්ෂය ඉන්දීය පාලක පක්ෂය වන අගමැති මෝදි සමඟ එක්ව එකට ආණ්ඩු කරන බැවිනි.
මෑතකදී ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගතව සිටින ඩි.එම්.කේ. පක්ෂ නායිකා නඩරාජා ශශිකලා බන්ධනාගාර බලධාරීන්ගේ සහ ඉන්දීය ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ඇයට අවශ්‍ය වෙලාවට බන්ධනාගාරයෙන් බැහැරව යන බවයි.
මේ එවෙනි අවස්ථාවක් ඉන්දීය මාධ්‍ය විසින් ප්‍රචාරය කල අවස්ථාවකි. බන්ධනාගාර ගතව සිටින තමිල්නාඩුවේ පාලක පක්ෂයේ නායිකාව සියලුම පහසුකම් සහිතව බන්ධනාගාරයෙන් එලියට ගොස් පැමිණෙන වීඩියෝ දර්ශනයකි මේ. Link