දූෂිතයින් හිස ඔසවයි.. කැබිනට් සංශෝධනය හෙටත් නොවන ලකුණු.. සුදෝසුදු මෛත‍්‍රී පිල හාන්සියි..

May 21, 2017 at 1:20 pm | lanka C news
දූෂිතයින් හිස ඔසවයි.. කැබිනට් සංශෝධනය හෙටත් නොවන ලකුණු.. සුදෝසුදු මෛත‍්‍රී පිල හාන්සියි..

හෙට සිදු වීමට තිබෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය නොකරන තරමට විශාල පීඩනයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ සඳහා මේ වනවිට ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇති කල කණ්ඩායම් මේ සඳහා නායකත්වය සපයමින් සිටී. ඔහුන්ගේ මතය වී ඇත්තේ ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් වෙනස ඒ සඳහා කිසිම දායකත්වය නොදුන් මහින්ද අමරවීර ලක්ෂමන් යාපා, දයාසිරි ජයසේකර වැන්නන් විසින් විනාශ කිරීමට කරනු ලබන කුමන්ත්‍රණයක් බවත් එහි පිටුපස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින බවත් ය.

මේ අනුව එම පිරිස කණ්ඩායම් වශයෙන් එක් එක් ස්ථානවල එකතු වී හෙට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ පූර්ණ අනුමැතියකින් තොරව පැවත්වීමට නියමිතව ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධනය දින නියමයකින් තොරව කල් දැමීමට අවශ්‍ය තෙරපුමක් ජනාධිපතිවරයා වෙත ඇතී කිරීමට අවශ්‍ය සියලු උපායමාර්ග ගැනිමින් සිටී.

එම උත්සහය සාර්ථක වුවහොත් ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මෛත්‍රී කණ්ඩායම විසින් ඉවත් කිරීමට උත්සහ ගන්නා මහා දූෂිත ලෙස නම් කොට ඇති මුදල් අමාත්‍ය රවි කරුණානයකගේ ධූරය තව දුරටත් ආරක්ෂා වනු ඇත.

45 views
Main News