මහින්දගේ අවුරුදු සුබ පැතුම මෙන්න..
April 15, 2019 at 6:28 am | lanka C news
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති අලුත් අවුරුදු සුබ පැතුම මෙසේය.
සිංහල දමිළ අලුත් අවුරුද්ද අතිශයින්ම වැදගත් ජාතික උත්සවයක් වන අතර එය මෙරට පමණක් නොව විදෙස්ගතව ද සිටින මුළුමහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා උත්සවශ්‍රීයෙන් සමරයි. අපගේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමග හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කරදෙන අලුත් අවුරුද්ද අප එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ද අවශ්‍ය පරිසරය සකසා දෙයි.
අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් ජනිත කරවයි. සියළු අඩුපාඩු හා පසුබෑම් අතහැර රට ඉදිරියට ගෙනයාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත් තුළ ඇති කරයි. ඒ සඳහා සිතුවිලි මෙන්ම ක්‍රියාවන් ද ප්රගතිශීලි විය යුතුයි. අලුත් අවුරුද්ද ක්‍රෝධය, සතුරුකම්, සහ වැරදි වැටහීම් ඉවත්ව යන මිත්‍රත්වය, එකමුතුව හා සහයෝගිතාව පිළිබඳ අලුත් දැක්මක් ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ඇති කරයි. නව බලාපොරොත්තු පිළිබඳ නව අභිප්රායන් ඇති කරයි. ඒ අභිප්රායන් මුසුවූ බලාපොරොත්තු ශ්‍රී ලංකා මාතාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වනු ඇත.
මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න. ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය, සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟයි.
අලුත් අවුරුද්දේ අලංකාරය සහ සෞභාග්‍යය කිරි ඉතිරවීමෙන් සංකේතවත් කරන්නා සේම, අවුරුදු ක්‍රීඩා මඟින් එකමුතු බව සංකේතවත් කරන්නා සේම, මේ අලුත් අවුරුදු සමයේ ඔබ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් සියළු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මම හදවතින් සුබ පතමි.
මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
සිංහලයා යනු ගල් යුගේ වෙසෙනෙ අන්ත ගෝත්‍රික ජනතාවකි. සිංහල අවුරුද්ද යනු එම ගෝත්‍රික බවේ සංකේතයකි. නැකැත් කියන මිථ්‍යාවෙන් කුරවල් උනු ජනතාවටනම් මේය මහා ලොකු දෙයකි. හේතුවාදී බුද්ධිමත් අපිටනම් මෙය පට්ටම ගෝත්‍රික සංකල්පයකි. බුද්ධිමත් නිදහස් චින්තකයන් කිසි දිනක ගෙවල් වල කිරි උතුරවන්නේ නැත. ඒත් ඔවුන්ගේ ගෙවල් වලට උනු නරකක්ද නැත. ප්‍රශ්න ඔක්කොම ඇත්තේ කිරි උතුරවන ගෙවල් වලය. මේ චාරිත්‍ර සියල්ල වහල් බවේ සංකේතයන්ය. අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි 1 බව බුද්ධිමත් විද්‍යාඥයන් විසින් සනාථ කර ඇත. ඒත් සිංහලයාට අනුව අවුරුද්දේ මැද දවසක එක එකාට හිතු හිතු වෙලාවට අවුරුද්ද ලබයි. එක අවුරුද්දක උදේ වරුවේ අවුරුද්ද ලබන අතර තව අවුරුද්දක හවස් වරුවේ අවුරුද්ද ලබයි. මෙය විහිලුවක් බව ඕනෑම නිදහස් චින්තකයෙකුට වැටහේ. අවුරුද්ද නිසා ගෝත්‍රිකයින්ට නිවාඩු දීමට ආයතන ගනනාවක් වසා ඇත. එයින් රටේ සේවය අඩපණ වී ඇත. ඒත් සිංහලයාටනම් ඕනේ ගෙදරට වී කැවුම් කිරිබත් වැනි තෙල් පිටි අධික ශරීරයට අහිතකරම ආහාර ගිලීමටය. මේ බව තේරුම්ගත් බුද්ධිමත් සුදු ජාතිකයින් කීවේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියල.
සමලිංගික චින්තනය……! – (මූලික අවධිය)
කුහක ජෙප්පො මේකටත් අපහාස්මක කොමෙන්ට් දායි.