දෙකෝටියක අල්ලස් ගනිද්දී මාට්ටු වූ ජනධීපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..

September 25, 2018 at 12:00 pm | lanka C news
දෙකෝටියක අල්ලස් ගනිද්දී මාට්ටු වූ ජනධීපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..

රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ගෙන එය ගණන් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ගෙන රිමාන්ඞ් කර සිටි අයි.එච්.කේ. මහනාම ජනාධිපති හිටපු කාර්යා මණ්ඩල ප‍්‍රධානියා හා රාජ්‍ය දැව සංස්ථා හිටපු සභාපති පියදාස දිසානායක ඇප මත නිදහස් කර ඇත.

අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මෙම දෙනෙනා නිදහස් කර ඇත්තේ එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3ක් මතයි.

කන්තලේ සීනි සමාගමේ උපකරණ විකිණීම සදහා මිලියන 540ක අල්ලසක් ඉල්ලා මිලියන 100 තෙක් අඩු කර අත්තිකාරම් ලෙස මිලියන විස්සක් ලබා ගනිද්දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගලධාරී හෝටලයේ රථ ගාලේදීය.

95 views

One Comment to “දෙකෝටියක අල්ලස් ගනිද්දී මාට්ටු වූ ජනධීපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..”

  1. Nim says:

    MEHEMATH ANDUWAK
    ALLI BABALA DENNA SAHA
    HORU RALAK .

Main News