දෙදරු පියා යතුරු පැදියෙන් යද්දි දුම්රියේ හැපී මිය යයි..

December 19, 2021 at 5:30 pm | lanka C news
දෙදරු පියා යතුරු පැදියෙන් යද්දි දුම්රියේ හැපී මිය යයි..

කිලිනොච් මුරුගණ්ඩි අක්කරායන්කුලම්  ප්‍රදේශයේදී  යතුරුපැදියක් දුම්රියක ගැටීම හේතුවෙන් පුද්ගලයෙකු  ඊයේ (18)  රාත්‍රියේ මියගොස් ඇති බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා යතුරුපැදියකින් සිය නිවස කරා යමින් සිටියදී  අක්කරායන් ප්‍රදේශයේ පිහිටි හරස් මාර්ගයකදී යතුරුපැදිය ගමන් කිරීමට ගත් උත්සාහයකදී මෙලෙස කොළඹ සිට යාපනය බලා ගිය දුම්රියක ගැටී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දුම්රිය ගැටීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ මුරුගන්ඩි ප්‍රදේශයේ පදිංචි  52 හැවිරිදි දෙදරු පියෙකු වූ පී. පත්මසීලන් නැමැති දෙදරු පියෙකි.

අනතුර සිදු වූ  ස්ථානයේ දුම්රිය හරස් මාර්ගයක් තිබුණද ආරක්ෂිත ගේට්ටුවක් නොමැති බවටත්  එම ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් ලබා දෙන ලෙසටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියහ.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කිලිනොච්චිය මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,171 views

2 Comments to “දෙදරු පියා යතුරු පැදියෙන් යද්දි දුම්රියේ හැපී මිය යයි..”

  1. sunimal says:

    උතුරේ ජනතාවගේ චන්දය ලබාගත් TNA වග කිව යුතුය.

  2. David Milli-banda says:

    Lately, have been reading of unforseen & unexpected death being reported from the North & mainly from Killinochchiya.
    Its better if the Northern Tamils appease their Gods.

Main News