දෙදරු මවක් මරා දමයි.. හේතුව අනියම් පෙමක්..

February 17, 2018 at 8:02 am | lanka C news
දෙදරු මවක් මරා දමයි.. හේතුව අනියම් පෙමක්..

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඝතනය කොට තිබියදී සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

මිය ගිය දෙදරු මව වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි බාස්කරන් නිරේෂා වන අතර ඇය මිය ගොස් සිටියේ ඇයගේම නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදීය.

මිය ගිය කාන්තාවගේ සැමියා සමග පසුගිය කාලයේ නිතර ආරවුල් සිදුව ඇති බවටත් එම ආරවුල් සැමියාගේ අනියම් පෙමක් නිසා සිදු වූ හෙයින් සැමියා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් අදාල ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ සැමියා වැඩි දුර ප්‍රශන් කිරීම් සඳහා කිලිනොච්චිය පොලීසියට මේ වන විට රැගෙන ගොස් ඇති බවට පරික්ෂණ කටයුතු සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23 views

2 Comments to “දෙදරු මවක් මරා දමයි.. හේතුව අනියම් පෙමක්..”

  1. Christie Ranjith Alosius says:

    These types of brutal crimes were never committed when LTTE was around.

  2. Leon Ma says:

    Ordinary people need not have committed any brutal act because the LTTE it self stood for the worst kind of brutality ever known in the human history.

Main News