දෙදිනකට මිලියනයක් එන්නත්කරණයේ.. ලංකාව එන්නත්කරණයේ අංක එකට.. ඇස්ටසෙනිකා ගැටළුව නිමයි.. තොගයක් කටුනායකට..

July 31, 2021 at 8:40 am | lanka C news
දෙදිනකට මිලියනයක් එන්නත්කරණයේ.. ලංකාව එන්නත්කරණයේ අංක එකට.. ඇස්ටසෙනිකා ගැටළුව නිමයි.. තොගයක් කටුනායකට..

ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලංකාවට ලැබෙන අතර ඒ හා සමාන ප්‍රමාණයක් ලබන සෙනසුරාදා දිනයේ ද ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා (කොවිෂීල්ඩ්) ලබා ගෙන සිටින පිරිසට ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කෙරේ.

තවද ඊයේ දිනයේ ද කොවිඩ් 19 එන්නත් මාත්‍රා 513,820 ක් ලබා දී ඇති අතර ඒ සමග ඊයේ සහ පෙරේදා ලබා දුන් මාත්‍රා ප්‍රමාණය පමණක් දස ලක්ෂය ඉක්මවයි.

මේ හේතුවෙන් ජනගහනයට අනුපාතිකව එන්නත් වැඩියෙන්ම ලබා දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

38,775 views

7 Comments to “දෙදිනකට මිලියනයක් එන්නත්කරණයේ.. ලංකාව එන්නත්කරණයේ අංක එකට.. ඇස්ටසෙනිකා ගැටළුව නිමයි.. තොගයක් කටුනායකට..”

  1. බන්ඩා says:

    ගුරාලා දරැවන් අමතක කර ඉල්ලීම් දිනා ගන්න ස්ට්‍රයික් සෞක්‍ය සේවකයො රට ගොඩ ගන්න වාර්තාතබමින් වැඩ.

  2. රංජිත් says:

    ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටක් සැලකූ විට මෙය අති විශිෂ්ට ජයග්‍රහණයකි. යටිතල පහසුකම් බොහෝ දියුණු යුරෝපීය සහ ඇමරිකාව වැනි රටකට වුවද මෙවැනි ඉලක්කයකට ළඟාවීම ලඟාවීම අපහසුය. දේශපාලන කුහකකම්වලින් තොරව මේ කටයුත්ත අගය කිරීම අප සැමගේ වගකීමකි.

    • බයියා says:

      ජෙප්පො ඉන්නකං කුහකකං කරන එක නැවතෙන්නෙ නෑ.

    • පොඩි එකා says:

      උංං එන්නත් ගහලා රටවල් ඇරලත් ඉවරයි හරකො, තෝ ගංජා ගහලද, උන්ට ලඟාවෙන්ඩ බැරි මගුලක් කියන්නෙ?

  3. Iob says:

    Danna kernek kiyanna. kegalle walata astrazeneka Denni why? Senofame denna beri ?

  4. citizen says:

    Nuwara minissunta Sputnik gahuwa. Ko devini mathrawa? Ena athak neha. kaiwaru vitharai. Nuwarata kohomath kudammage salakili thamai.

  5. Kukula says:

    Lankaawata thamangee Gon kama penweemat ethaa hoda awastawak…

Main News