දෙදෙනකු ඝාතනය කරයි.. තව අයෙකුට බරපතලයි..

October 18, 2020 at 12:40 pm | lanka C news
දෙදෙනකු ඝාතනය කරයි.. තව අයෙකුට බරපතලයි..

වව්නියාව ඕමන්ත පොලිස් බලප්‍රදේශයේ මාණික්කර් ප්‍රදේශයේ නිවසක් තුල ඊයේ (17) දින තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කරන ලද මළ සිරුරු දෙකක් හා බරපතල තුවාල සිදු වූ අයෙකු සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.

මාණික්කාර් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලදී පුද්ගලයින් සිව් දෙනෙකු මත්පැන් පානය කොට ඇති වූ බහින් බස්වීමක්දී එක් පුද්ගලයෙකුට තිදෙනෙකු විසින් පහරදී ඇති අතර එය දුරදිග යාමෙන් පහරකෑම ලක් වූ පුද්ගලයා විසින් සෙසු තිදෙනාට තියුණු ආයුධයකින් කළ පහරදීමකදී දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.

අනතුරුව පහරදීම සිදු කල පුද්ගලයා පල ගොස් තිබූ අතර අදාල නිවසට අසල්වැසියෙකු ගිය අවස්ථාවේදී පහරදීම සිදු කොට ඇති අයුරු දැක ඒ පිළිබඳව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව ඔමුන්ත පොලීසිය අදාල ස්ථානයට ගොස් තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමට පියවර ගන්නා ලදි.

අනතුරුව ඝාතනය සිදු කොට පලා ගිය පුද්ගලයා  සැකසහිතව ඊයේ දිනම අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔම්නත පොලීසිය විසින් පියවර ගෙන ඇත.

අදාල පහරදීමෙන් මිය ගොස් ඇත්තේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකු වූ 40 හැවිරිදි ගෝපාලි කුගදාසන් හා මාණික්කාර් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිවානු මහේන්ද්‍රන් නැමති අය බවට හඳුනාගෙන ඇතිය පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,155 views

2 Comments to “දෙදෙනකු ඝාතනය කරයි.. තව අයෙකුට බරපතලයි..”

  1. Rama says:

    Serama ewelema athadanguwata ganna ape polisiyata rishad badurdin ganna bahane

  2. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    අන්තිමට අපිට ජාතික ආරක්ෂාවත් නෑ. සනීපාරක්ෂාවත් නෑ.

Leave a Comment