දෙදෙනෙකුට මරණ දඬුවම දෙන්න ජනපති අවසන් තීන්දුව ගනී.. බන්ධනාගාරය නිල ප්‍රකාශයටත් සූදානම්..
February 28, 2019 at 2:10 pm | lanka C news
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරි සතියේදී අවසන් තීන්දුව ගැනීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම කර ඇති දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මකට ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
දැනටමත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළු කටයුතු බන්ධනාගාර බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ඇත.
මරණීය දණ්ඩනය ලබා දීමෙන් පසු ඒ ගැන නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමටද බන්ධනාගාය සූදානමින් සිටින බවද වාර්තා වෙයි.