දෙනුවර මැණිකේ දුම්රියට ගැටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට….

February 3, 2020 at 2:19 am | lanka C news
දෙනුවර මැණිකේ දුම්රියට ගැටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට….

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ ගැටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානය කරා ළගා වන අවස්තාවේදි හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි දුම්රිය මාර්ගයේ ගමන් ගත් අවුරුදු 65 පමණ වයසැති මෙතෙක් අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති පුද්ගලයෙකු මෙසේ දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත.

දුම්රියේ ගැටුණු පුද්ගලයා තුවාල සහිතව සිටි නිසා දෙනුවර මැණිකේ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් එ පිලිබදව හැටන් දුම්රිය ස්ථානය වෙත දැනුම් දි 1990 හදිසි ගිලන් රථ සේවය මගින් තුවාල කරු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

32 views