දෙනුවර මැණිකේට ජනතාවගෙන් යහපත් ප්රතිචාර..
November 1, 2019 at 5:30 pm | lanka C news
දුම්රිය දෙපාර්තුමේන්තුවට අලුතින් ධාවනයට එක් කෙරුණු දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රියට එම දුම්රියෙන් ගමන් ගත මගි ජනතාවගෙන් යහපත් ප්රතිචාර ලැබුණු බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පැවසිය.
දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රිය අද (01) සිය මංගල ගමන කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කෙරිණි.
උදැසන 6.45 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල දෙනුවර මැණිකේ දුම්රිය එදින පස්වරු 4 ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ලගා විමට නියමිත අතර, ඊට පසු දින උදැසන 7.45 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන එම දුම්රිය එදින පස්වරු 4 ට කොළඹ කොටුවට ලගා විමට නියමිත.
වායු සමිකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක් , දෙවන පන්තියේ මැදිරි තුනක් සහ තුන්වන පන්තියේ මැදිරි තුනකින් සහ එන්ජිම් දෙකකින් දෙනුවර මැණිකේ දුම්රිය සමන්විත වන අතර එම දුම්රිය සම්පුර්ණ පහසුකම් වලින් යුත් භෝජනාගාරයකින්ද සමන්විත වෙයි.
සිය මංගල ගමන් අද (01) ආරම්භ කල දෙනුවර මැණිකේ දුම්රිය දෙස් විදේස් සංචාරකයන් විශාල පිරිසක් එක් වි සිටි අතර සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරිම සහ සංචාරකයන්ට මෙරට තුල ප්රවාහන පහසුකම් සැලසිමේ අරමුණින් මෙම නව දුම්රිය ධාවනයට එක් කල බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කියා සිටියේ.
කලින් ආසන වෙන් කරගෙන මෙම නගරාසන්න දුම්රියෙන් ගමන් කල හැකි අතර කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය පොල්ගහවෙල , පේරාදෙණිය , නාවලපිටිය , හැටන් , නානුඔය , බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථාන වල නතර කෙර්.
කොළඹ කොටුවෙන් දිනක් හැර දිනක් ධාවනයට එක් කරන දෙනුවර මැණිකේ දුම්රිය චිනයෙන් ආනයනය කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
අඩෝ අපේ ජනාධිපතිට කින්ඩි දාන්න එපා!
ඒ කියන්නේ කොළඹ ඉඳන් බදුල්ලට ගිහින් එන්න දවස් දෙකක් යනවා. මාතරට කොළඹ ඉඳන් පැය දෙකයි. මාරයි නෙහ්!