දෙපිරිසක් අතර ගැටුමක්.. අයෙක් මරුට.. අයෙකුට බරපතලයි…

January 3, 2022 at 6:20 pm | lanka C news
දෙපිරිසක් අතර ගැටුමක්.. අයෙක් මරුට.. අයෙකුට බරපතලයි…

කිලිනොච්චිය පරන්තන් මංසන්ධියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහර දීමකින් තරුණයෙකු මිය ගොස් තවත් තරුණයකු බරපතළ තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය පොලිසිය පවසයි

මුලතිව් පරන්තන් මංසන්ධියේදී ඊයේ දින තරුණයින් දෙදෙනෙකුට සිව් දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් පැමිණ ඇතිවූ  බහින්බස් වීමක් පසුව එය පහර දී ගැනීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව සිව් දෙනකුගෙන් යුත් පිරිස විසින් තරුණයන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇත.

එහිදී පහරකෑමට ලක් වූ තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් තරුණයෙකු මියගොස් ඇත.

අදාළ පහර දීම කිසියම් පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම ගැටුම ඇති වී ඇති බවට සැකපල කරන අතර පහරදීමෙන් මිය ගොස් ඇත්තේ පරන්තන් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාර්තික් නැමති තරුණයෙකු බවට හඳුනාගෙන ඇත.

මෙම පහරදීම සිදු කරන ලද පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතරම එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරීක්ෂණයක් අරඹා ඇති බවටද කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,524 views

One Comment to “දෙපිරිසක් අතර ගැටුමක්.. අයෙක් මරුට.. අයෙකුට බරපතලයි…”

  1. LION says:

    උතුරේ එන්න එන්න කලබල වැඩියි. හමුදාව මේ ගැන සොයා බැලිය යුතුය.

Main News