දෙපිරිසක් පොලු මුගුරුවලින් ගහගනිති.. පිරිසක් රෝහලේ…

September 30, 2021 at 2:18 am | lanka C news
දෙපිරිසක් පොලු මුගුරුවලින් ගහගනිති.. පිරිසක් රෝහලේ…

යාපනය චාවකච්චේරිය පොලිස් වසමේ නාවට්කුලි ප්‍රදේශයේ දෙපිරිසක් අතර වූ පහරදීගැනීමකදී තිදෙනෙකු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙතට අසල්වැසි නිවසක පිරිසක් විසින් කඩාවැදී නිවසේ සිටි පුද්ගලයින්ට පොලුමුගුරුවලින් පහර දී නිවෙසේ තිබූ දේපලවලටද හානි කොට පලා ගොස් තිබුනි.

එහිදී නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනා තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට ඇති අතර රෝහලගත වූවන්ගෙ හිස්වලට සහ අත්වලට තුවාල සිදුව ඇත‍.

පසුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල චාවකච්චේරි පොලීසිය විසින් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,592 views

2 Comments to “දෙපිරිසක් පොලු මුගුරුවලින් ගහගනිති.. පිරිසක් රෝහලේ…”

  1. MD says:

    නිය පොත්තෙන් කඩා ගන්න පොලිස්පතිතුමනි.

  2. Kalu Albot says:

    Ara Soysaa!! Hit the bugger!! That is the way, to be happy and gay!