දෙමටගොඩදී ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැර ගැනීමට හිරුණිකා සම්බන්ධ නෑ.. අනිත් හැමෝම සම්බන්ධයි..- අධිකරණයේදී හෙලිවෙයි..

November 6, 2017 at 12:00 pm | lanka C news
දෙමටගොඩදී ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැර ගැනීමට හිරුණිකා සම්බන්ධ නෑ.. අනිත් හැමෝම සම්බන්ධයි..- අධිකරණයේදී හෙලිවෙයි..

2015 වසරේ දෙැසම්බර් මාසයේදී දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගෙන ගොස් පහර දී අඩත්තේට්ටම් කලේ යයි පවරා ඇති නඩුවේදී චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර සෙසු පුද්ගලයින් 08 දෙනා විසින් චෝදනා පිලිගෙන තිබේ.

අද කොළඹ මහාධිකරණය හමුවේදී මෙම පිරිස චෝදනා පිලිගනු ලැබීය.

නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ 2015 වසරේ දෙසැම්බර් 21 දා දෙමටගොඩදී තරැුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකු විත්තිකරුවන් කරමින් මෙම නඩුව ගොනු කර තිබුනේ නීතිපතිවරයා විසිනි.

13 views

3 Comments to “දෙමටගොඩදී ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැර ගැනීමට හිරුණිකා සම්බන්ධ නෑ.. අනිත් හැමෝම සම්බන්ධයි..- අධිකරණයේදී හෙලිවෙයි..”

  1. නීතියේ කන්‍යාව says:

    කැඩෙයි යකෝ ඕක ඔය හැටි නවන්න ගිහින්.

    • Suraj says:

      තව මොනව කැඩෙන්නද මෙයා…? කැඩුනොත් ඉතිං කරගැටයක් තමා කැඩෙන්න තියෙන්නෙ…

  2. FREE says:

    ඈ මෙයට සම්බන්ධ නැත​.
    ඒ කොළුවා වැරදීමකින් ඇගේ ඩිෆෙන්ඩරයට ගොඩ වී ඇත​.
    කිසිවෙක් නමා නැත
    නමන්නට කියා දෙයක් නැත​..
    දෑස් බැඳි කතට පෙනෙන්නේ නැත​.
    ඒකට කිසිවෙක් පලි නැත​.

Main News