දෙමල ඊළම පිලිගනී.. පොංගු තමල් ස්ථම්භයක් යාපන සරසවියේ විවෘත කෙරේ…[Photo]

September 18, 2018 at 9:20 am | lanka C news
දෙමල ඊළම පිලිගනී.. පොංගු තමල් ස්ථම්භයක් යාපන සරසවියේ විවෘත කෙරේ…[Photo]

යුද සමයේදී සහ යුද්දයට පෙර සිටම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සමරන ලද පොංගු තමිල් උත්සවය වෙනුවෙන් නිර්මාණය වූ ස්මාර්කයක් ඊයේ (17) දින යාපනය විශ්ව විද්‍යාලයේදී විවෘත්ත කිරීමට පියවර ගෙන තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වසින් මෙම ස්මාර්කය ඉදිකිරීමට පියවර ගෙන තිබුනු අතර මෙම ස්මාර්කය මීට පෙර ඉදිකිරීමට පියවර ගෙන තිබුණද පැවති විරෝධතා හේතුවෙන් ඉදිකිරීම තාවකාලිකව නවතා දැමුනු අතර පසුව එහි ඉදිකිරීම් කටයුතු සිදු කොට මෙසේ විවෘත්ත කිරීම සිදු විය.

පොංගු තමිල් ස්මාර්කය විවෘත්ත කරමින් එහි සඳහන් කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් වන ස්වයං නීර්ණය , සම්ප්‍රධායික මව්බිම, දෙමළ ජාතිකත්වය ,අයිතියක් ලෙස රජය පිළිගත යතු බවට සඳහන් කරමිනි.

එම පොංගුතමල් ප්‍රකාශය 2001 වසරේ ජනවාරී 17 වනදා සිට යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකාශයක් වශයේ ප්‍රදර්ශනය කොට තිබූ අතර පසුව එය මේ වන විට ස්මාර්කයක් වශයේ ගොඩ නගා ඇත.

කෙසේ වෙතත් කොටි සංවිධානය විසින් පොංගු තමිල් උත්සවය යුද්දයට පෙර උත්කර්ශවත් අයුරින් සමරනු ලැබුවේ කොටි නායකයින්ගේද සාමාන්‍ය වැසියන්ද සහභාගී කරගෙනය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩසටහනට සහභාගි වු යාපනය විශ්ව විද්‍යල සිසුන් පැවසූවේ  පොංගු තමිල් ප්‍රකාශයනය වෙනුවෙන් වන සැමරුම් ස්මාරකය යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම මත විවෘත කළ බවයි.

වැඩසටහන් අවස්ථාවට සමගාමීව පැවැත්වු සංස්කෘතික වැඩසටහනක් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා,උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.‍කේ.ශිවාජිලිංගම් මහතා, ඇතුලු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පවසා ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වු සංස්කෘතික වැඩසටහනක් වෙනුවෙන් පමණක් තමන් සහභාගි වු බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

417 views
Main News