දෙමල ජනතාවගේ එකම නායකයා ප්රභාකරන් පමණයි.. මියගිය කොටි සාමාජිකයන් සැමදා සමරනවා..
July 6, 2020 at 3:00 pm | lanka C news
දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
තමන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරාතුවම අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට බවත් තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝන දිනය වන කළු කොටි දිනය සමරනු ඇතැයි වූ බියසැක මත වැල්වැටිතුරෙයි පොලිසිය අත්අඩංගුවට ගත් බවත් සිවාජිලිංගම් මහතා සදහන් කළේය.
තමන් අත්අඩංගුවට ගැනීම පිළිබද අද (6) අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
1987.07.05 වනදා තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝනය (කළු කොටි) ආරම්භ වුනේ.එදින නිල්ලර් නැමති එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමයි යාපනය නෙල්ලිඅඩි හමුදා කදවුරට ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කලේ.මේ නිසා තමයි ජුලි 05 වනදා කළුකොටි දිනය වශයෙන් සමරන්නේ.
මම කළුකොටි දිනය සමරන්න යනව කියල පොලිසියට තොරතුරක් ගිහින් තිබුණා.ඒ නිසා වැල්වැටිතුරෙයි පොලිසිය පේදුරුතුඩුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අනුව මාව අත්අඩංගුවට ගත්තේ. ඒ වරෙන්තුව නිකුත් කරල තියෙන්නේ 2018.11.26 දින තිරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට නොයාම නිසයි.ඒක සති කිහිපයකට කලින් නිකුත් කරපු වරෙන්තුවක්.ඒ වරෙන්තුව පොලිසිය ඊයේ ප්‍රයෝජනයට ගත්තා.
මම එක දෙයක් කියන්න කැමතියි.එල්.ටී.ටී.ඊය සටන් කළේ දෙමළ ජනතාවගේ නිදහස උදෙසා වූ නිදහස් දෙමළ ඊලමක් වෙනුවෙන්. ප්රභාකරන් දෙමළ ජනතාවගේ නායකයා නිසා තමයි ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා පවා සාම ගිවිසුමකට අත්සන් කලෙත්. දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්රභාකරන් පමණයි.දෙමළ ජනතාවගේ ඒ හැගීම වෙනස් කරන්න කිසිවෙකුටත් බැහැ.
අපි අද කියන්නෙත් දෙමළ ජනතාවගේ නිදහස තවමත් හිමිවෙලා නැහැ කියන එකයි. ඒ ජනතාවගේ නිදහස වෙනුවෙන් අප ප්රජාතන්ත්රවාදී අරගලයක තවමත් නිරතව සිටිනවා.දෙමළ ජනතාවගේ නිදහස තහවුරු කිරීමට ඔවුනව ගෞරවනිය ජාතියක් ලෙස ජීවත් කරවීමට නම් එම ජනතාවට තනිව තීන්දු ගත හැකි ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි.
අපි එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දත් ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දිවිදුන් සාමාජිකයින් මෙන්ම මියගිය සිවිල් වැසියන් සිහිකර පහන් දල්වනවා.මියගිය කෙනෙක්ගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් පහනක් දල්වනව කියන්නේ වැරද්දක් නෙවෙයි.අපිව නවත්වන්න කාටවත් බැහැ. යැයිද සිවාජිලිංගම් මහතා සදහන් කලේය.
– lankadeepa
අවුලක් නෑ මචං.
උඹල පුභාකරන් ගිය මග පුළුවන් කරං උඹලගේ කට්යියව අරං පලයං.
මෙකෙද උඹල සිය සැරයක්ඔ ඔය මග ගියත් අනිවාර්යයෙන්ම පාර ඉවර වෙන්නෙ නන්දිකඩාල් වලින්.
👍
Great comment.. 100% agree …Thanks
Some one is driving you from abroad. So they can make millions again. Just like the past.
At the same time,he was the most hated person by the majority people in the country due to the brutal killings of thousands of innocient civillians including infants, children and old people under his instructions.
බලඝනය ආයිත් ඵන්න..
ආයිත් දෙන්නමි…..
පුක උඩ දාගෙන
ඇස් ඇරගෙන …නන්දිකඩාල් වලට
සමරන දේවල් ලංකාවේ ජාතෘන්තර මුහුදු සීමාවෙන් ඵහා කරගත්තට අපේ කිසිම විරුද්ධත්වයක් නැත.ඉන් මෙහා කලොත් ඔයාට ගොඩක් වරදියි.සොරි වෙන්න ඕන
එහෙමනම් තොත් පල ප්රභාකරන් ගාවටම තොගෙ ඉලම ඌ ගාව තමයි තියෙන්න අහිංසක දෙමළ මිනිසුන් බිල්ලට දෙන්නෙ නැතිව අවජාතක පඩ දෙමළා