දෙමල ජනතාවට බලය බෙදා 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමැති දන්වයි..

September 27, 2020 at 10:40 am | lanka C news
දෙමල ජනතාවට බලය බෙදා 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමැති දන්වයි..

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව ඉදිරියට ගෙන යාම සඳහා සුළුතර දෙමළ ජනතාවට බලය බෙදා හැරීම කළ යුතු බව ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි පවසයි.

ඒ සදහා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක යුතු බවද ඉන්දීය අගමැතිවරයා පැවසූ පව ද හින්දු පුවත් පත වාර්තා කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර ඊයේ පැවති හමුවේ දී ඔහු මෙම අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව යුක්තිය සාමය සාක්ෂාත් කර ගැනීමට දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක විය යුතු බවද ඉන්දීය අගමැතිවරයා අවධාරණය කර ඇතැයි වාර්තාවේ දැක්වෙයි.

ඔවුන් දෙදෙනා අතර සිදු වූ සාකච්ඡාව සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

*****

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද 2020.09.26 දින පවත්වන ලදී.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශවික සාකච්ඡාව මෙයයි.

මෙම ද්වී පාර්ශවික සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමාට සුභ පැතුම් එක් කරන බවයි.

පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පක්ෂය ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහණය, ඉන්දියානු මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමානව බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මහඟු සහයෝගීතාවයකට එම මැතිවරණ ජයග්‍රහණ ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද පැවසීය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බවත්, ඒ පිළිබඳව දෙරටේ ජනතාව නව බලාපොරොත්තුවකින් හා අපේක්ෂාවන්ගෙන් අප දෙස බලා සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පුළුල් සාකච්ඡාවක්  පැවැත් වූ අතර මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව හා දෙරටේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රය, වෙළඳ සබඳතා අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ මාර්ග මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක පවත්නා සහයෝගීතාව පුළුල් කිරීම වැනි කාරණා ගණනාවක් පිළිබඳව ද නායකයෝ දෙදෙනා සාකච්ඡා කළහ.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ ද්වීපාර්ශවීය සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දැක් වූ අදහස් මෙසේය,

“මම මේ සමුළුවට ඔබව ආදරයෙන් පිළිගන්නවා. හැමදාම වගේ ඔබව ඉන්දියාවට අපි ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. භාරතයට පැමිණෙන ලෙස මම ඔබට හැමදාම ආරාධනා කරනවා. මෙම සම්මුඛ සාකච්ඡාව මෙලෙස සිදු කිරීම පිළිබඳව මා හට ඉතා සතුටුයි.

මේ සාකච්ඡාව සඳහා මගේ ආරාධනවා පිළිගැනීම පිළිබඳව ඔබට මම ස්තූතිවන්ත වෙනවා. නව අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් ද මම ඔබට මේ අවස්ථාවේ සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මෙවැනි ජනවරමක් ලබා ගැනීම පිළිබඳව මම ඔබට සුබ පැතුම් එක් කරනවා. මේ මැතිවරණ ජයග්‍රහණය මඟින් ජනතාව ඔබ ගැන තිබූ විශ්වාසය තවදුරටත් පෙන්නුම් කරනවා.

ඔබ ලබා ගත් මෙම ජයග්‍රහණය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක්.  අපි දෙදෙනාගේම දෙරටේ ජනතාවට අලුත් සිහිනයකින්, උද්යෝගකින් අපි දෙස බලන් ඉන්නවා. අපිට හැම පාර්ශවයකින්ම ප්‍රගතියක් ඔස්සේ ඉදිරියට ගමන් කළ හැකියි. අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය, වෙළඳාම වගේම තවත් ක්ෂේත්‍ර ගණනාවක් යටතේ අපිට ඉදිරියට යා හැකියි. ඔබගේ ආණ්ඩුව මූලික ආර්ථික ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”  යැයි පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේය,

“මේ සමුළුවට ආරාධනා කිරීම ගැන සතුටු වනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වුණාට පසුව මේ මම සහභාගී වන පළමු සමුළුවයි.

අප එකිනෙකා මුහුණට මුහුණ හමු නොවුණත් අපි අතර ඇති සුහදත්වය, මිත්‍රත්වය, සහෝදරත්වයේ බැඳීම, ඒ ආකාරයෙන්ම පවතින බව මම කියන්න ඕන.

ලෝකයම මුහුණපා සිටින කෝවිඩ්-19 අර්බුදය ආරම්භ වුණ අවස්ථාවේදීම ඉන්දියාව අසල්වැසි රටවල් වෙනුවෙන්, ඒ රටවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන අපේ ප්‍රශංසාව හිමිවෙනවා.

සාර්ක් රටවල ප්‍රධාන රට වශයෙන් කලාපයේ නායකයින් සියලු දෙනා සමඟ ඉන්දියාව මේ ආකාරයටම තමන්ගේ අදහස් හුවමාරු කර ගත්තා.

ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදීත් ලංකාවේ රජයට විශාල ජනවරමක් ලැබුණා. ඒ අනුව සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා.

අපට ලැබුණ ජනවරම අනුව අපි කොවිඩ් 19 වසංගතය ජයගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව රටේ තිබෙන ප්‍රසාදය පිළිබිඹු වන බව මම කියන්න ඕනේ.

ඉතාම අසීරු අවස්ථාවක වුවත් අපි ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මුල්තැන දීලා කටයුතු කළ බව කියන්න ඕනේ.

ඒ වගේම කෙතරම් දුෂ්කර තත්ත්වයක් ආවත් අපේ පොදු ජනතාවගේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ අත්‍යාවශ්‍ය දේවල් හැකි උපරිම ආකාරයෙන් සපුරාලන්න කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ අඩු ආදායම් ලාභී පවුල්වලට, විශ්‍රාමිකයින් සහ ආබාධිතයින්ට, ‍දෛනිකව වැටුප් ලබන්නන්ට සහ ගොවීන්ට මූල්‍ය සහාය දුන්නා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සහ  එම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරමින් කළමණාකරණය කළා.

කොවිඩ් වෛරසය තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුණා.

ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට සමීපව පිහිටා තිබීම නිසා මතුවන ආරක්ෂක, සුරක්ෂිතතා සහ දේශසීමා සම්බන්ධ තර්ජනවලට විසඳුම් ලබාදීමේ දී අප රටවල් සමීපව කටයුතු කිරීමත් අවශ්‍යයි.

නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න නිවීමට සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මඟින් පෙනීයන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම ප්‍රයෝජනවත් බවයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සිදුවූ ආර්ථික කඩාවැටීම හමුවේ ඉන්දියාවේ වෙළෙඳපොළ සඳහා භාණ්ඩ සැපයීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබාදීම සුදුසු බව මගේ හැඟීමයි. මෙය දෙරටේම ආර්ථික වර්ධනය සඳහා යෝග්‍යයි.

ආගමික, සංස්කෘතික සමානකම් ඇති අප දෙරට අතර පවතින නොබැඳි මිත්‍රත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යාමටත් අපි මූලිකත්වය දෙනවා.

අපට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධතාවය වගේම අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරවලින් උරුම වුනු  ඉවසීම, සංයමය, කැපවීම, පදනම් කරගෙන මේ සියලු අභියෝග ජයගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.”  යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, එම්. යූ. එම්. අලි සබ්රි, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ජීවන් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රියර් අද්මිරාල් මහාචාර්ය ජනතාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහත්වරු ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

52,211 views

45 Comments to “දෙමල ජනතාවට බලය බෙදා 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනු..- ඉන්දීය අගමැති දන්වයි..”

  1. Don says:

    අනිත් රටවල් වල දෙමල මිනිස්සු ගැන හිතන්න කලින් උඹලාගේ දෙමල මිනිස්සුන්ට කක්කුස්සි හදල දීපන්.

  2. sunimal says:

    අපි මොදිට කියමු පළමුවෙන් කාස්මිරය ගැන කටයුතු ක‍රන්න කියා.

    • JUDE says:

      Majority of Sri Lankans will vote to repeal the 13th Amendment at a referendum Abolition of the 13th amendment, was a demand from the time this was instituted under duress by India,. The SLFP opposed it declaring it a monster and a white elephant ,therefore India please mind your own business….This is Sinhalese Motherland not a Indian Colony
      It is time the TNA and MUSLIM CONGRESS should be banned.

    • Eka hari sunno, Modi kiyana buru thadi horata thawama bariwuna India wala Corona virus lede adukaraganna. Me naki pamba, patholaya hriyatama ape Maithriya wage uta thiyenne Pus Labu katak witharai, Me hora nikamma nikam gon thadiya hadanne Lankawata naya salli deela Mahindawa bayakarala 13 kriyathmaka karala, Sambabdan hora wal desha drohi LTTE thrasthayata utura/negenahira sampurnayenma bara denna. Namuth apr Gota raja ekka ewa karanda uta beha. Api 69 lakshayak Gota ta thamai chande Vote kale, 13 Modigei Sambabdangei backside eke gahaganda kiyala.

  3. දුටුගැමුණු says:

    යකෝ මෝඩි ! මේක ඉන්දියාව නෙමෙයි ලංකාව. උබලාගේ බලපෑම් වලට යටවෙන ආන්ඩුවක්ද නෙමෙයි දැන් ලංකාවේ තියෙන්නේ !

    • LION says:

      Mr. Modi ,Sri-Lanka is not Indian Colony ..Mind your own business. Take all Indian tamil Parasites back to India ..This is Sinhalese Motherland …

  4. මැදමුලනෙ මුත්තා says:

    කෝ අර සරත් වීරසේකර කොළුව ඉන්නවැයි?

    • 13ද 3ද? says:

      අයියෝ 13 නැති කරන්න ගිහිල්ලා අන්තිමට තමන්ගේ 3 නැති කරග‌ෙනයි ගියේ.

      • Vasana says:

        ඉන්දියාව අපට බලෙන් පැටවූ 13 සංශෝධනය අහෝසිකරනු ….ඉන්දියාවේ මුදල් වලට අපේ රට පවා නොදීමට පොහොට්ටුව ක්‍රියා කල යුතුයි . ඉන්දියාවේ මුදල් වලින් ,අපෙ රටේ ඉඩම් නොමිලේ දමිළ ජනතාවට ලබා දෙමින් ,කදුකරේ තේවතු කොළණි ගොඩ නගමින්ඉන්දියාවේ නායකයින්ගේ නම් යොදමින් ඉන්දියාවේ ග්‍රාම ලෙස නම් කිරීමට සහය දෙමින් ඒවා විවෘත කිරීමට තරම් පහත් දේශපාලකයින් සිටින අපේ රටේ ,අභ්‍යන්තර කටයුතු වලට ඉන්දියාවේ මෝඩිලා බලපෑම් නොකර සිටීද ? ඉන්දියාවේ වැසිකිලි නැහැ ..කුමකටද අපේ රටට ඉන්දියාවෙන් මුදල් දෙන්නේ ?ඒ දෙන මුදල් ගන්න ලජ්ජා නැද්ද ? අපේ රට ඉන්දියාවේ යටත් විජිතයක් හෝ ප්‍රාන්තයක් නොවන බව පෙන්වා දීමට තරම් අපේ රටේ කොන්ද පන ඇති දේශපාලකයින් නැද්ද ? ලැජ්ජයි

    • India should understand the wishes of the vast majority of people in this country. They should also know that ,that unpopular J.R. _ Rajiv Gandhi pact was signed in 1987 amid curfew and country wide protest against it from the people. The people in Sri Lanka are well determined to protect the unitary nature of their motherland and as such are prepared to make any sacrifice to depend it. If they try to bully again ,like they did in 1987, a strong hate towards India from the people are inevitable. Also the Sri Lankans would tend to seek the help of other friendly nations like China to protect
      their motherland’s sovereignty. The India should not interfere in the other countries internal affairs and Sri lanka’ s strategies to depend their unitary status.

  5. Duka says:

    මෝඩි බටර් ගාමින් ඉන්නේ බලාගෙන වැඩ කලොත් හොදයි

    • sky says:

      මෝඩිට අවශ්‍ය ඉන්දියාවේ සිටින කල්ලතෝනි අපේ රටට ඒවා ඉන්දියාව දියුණු කරන්න …ඉන්දියාවේ තැමිල් නාඩුවේ සිටින රැකියා නැති උගත් කමක් නැති ද්‍රවිඩ ජාතිකයින්ටඅපේ රටට පන්නා දමා අපේ දෙමළ රටේ ඊළම ලබා දීමටයි මේ උත්සාහ කරන්නේ ….සිංහලයෙනි ,මේ ගැන අවධානයෙන් පසුවෙයව්

  6. Alapaluwa says:

    දේශප්‍රෙමි සරත් වීරසේකර මීයෙක් ගානට වැටුනා එහෙනම්. 😀

  7. අල්ලා says:

    13 > 1 + 3 = 4 හතර වරං…

  8. No to Indian threats! says:

    13 වැනි සංශෝධනය ඉන්දියාව බලෙන් ලංකාව මත පැටවූවක්. එමනිසා එය වලංගු නැත. ඉස්සරහට ඉන්දියාව ලංකාවට විශාල තර්ජනයක් වෙනවා. එම නිසා නායකයන් ගන්න තීරනයක් දැන්ම ගතයුතුයි, 13වැනි ව්‍යාවස්ථා සංශෝධනය වහාම ඉවත් කලයුතුයි. ඉන්දියාවේ තර්ජන වලට බිය නොවෙනු. දෙමලාගේ රට තමිල්නාඩුවයි.

    • ටිකිටි says:

      එදා දුටුගැමුණු කාවන්තිස්සට ගෑණු ඇඳුම් යැව්වාලු.
      අද 13නිසා “නූතන දුටුගැමුණුට” බයියන් ගෑණු ඇදුම් එවන තත්වයක් උදා ව‌ෙලා.

  9. Nimal says:

    Ape konda pana nathi desapaluwanta mudi indiyawe muslim janayata salakanawidiha kiyaladenna barida

  10. sira says:

    ඉල්ලන් කව නේද, එක්ක රටක් එක නීතියක් දැන් සැපේ

Main News