දෙමල ජනතාව වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනගයි…

July 12, 2019 at 2:02 am | lanka C news
දෙමල ජනතාව වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනගයි…

උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දමිල භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදිම සදහා පක්ෂ තුනක් සන්ධාන ගත වි එයට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුහ.

ලංකා කම්කරු කොන්ග්‍රසය , ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොන්ග්‍රසය , ප්‍රජාතන්ත්‍රවාදි විමුක්ති පෙරමුණ මෙසේ අවබෝධතා ගිවිසුමට අද අත්සන් කෙරිණ.

ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනුවෙන්  එම පක්ෂයේ මහ ලේකම් අනුෂා සිවරාජා මහත්මිය , ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොන්ග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පා.ම ප්‍රභා ගනේෂන් , ප්‍රජාතන්ත්‍රවාදි විමුත්කි පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම් යි.කදිර් යන මහතුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදි.

එම සන්ධානයේ නිල තල කිසිවක් කිසිදු පක්ෂයකට මෙතෙක් ලබා නොදි ඇති අතර එම සන්ධානයට මෙතෙක් නමක් තබා නොමැති බව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් අනතුරුව කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදි ප්‍රභා ගනේෂන් මහතා කියා සිටියේය.

නව සන්ධානයට ඕනැම පක්ෂයකට එක් විමට හැකි බවත්, එම සන්ධානය තුලින් දමිල භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දිම අරමුණු කර  ගනිමින් නව සන්ධානය නගා සිටුවු බව ප්‍රභා ගනේෂන් මහතා කියා සිටියේය.

නව සන්ධානයට ඉදිරියේදි  එකතු වන පක්ෂ සහ සංවිධාන එකතු කර ගනිමින් නව සන්ධානයට නමක් තබන බවත්, ඉන් අනතුරුව එම සන්ධානයේ නිල තල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ප්‍රභ ගනේෂන් මහතා කියා සිටියේය.

මෙම මාධ්‍යය හමුවට ලංකාකම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,667 Viewers

Leave a Comment

Main News