දෙමල ජනතා ගැටළුවලට විසදුමක් දිය යුතුයි..- ගෝටා
January 28, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථාවක් සදහා වන යෝජනාවලියේ එකග විය හැකි කිසිදු කරුණක් නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
මෙම යෝජනාවලිය කෙසේ හෝ පරාජය කල යුතු බවත් යෝජනාවලිය පරාජය කල නොහැකි වුවහොත් රටට ඉතා අහිතකර තත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
දෙමල ජනතා ගැටළු සදහා විසදුමක් ලබා දිය යුතුය යන මතයේ තමන් සිටින නමුත් දෙමල ජනතාව උගසට තබා රට කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු තව දුරටත් පැවසීය.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ වියත්මග කාර්යාලයේදී පැවති සාකච්චාවකදී අදහස් පල කරමිනි.