දෙමල තරුණයන් අතුරුදන් වීමක් ගැන යුද හමුදාපතිට යාපනය මහාධිකරණයේදී පෙනී සිටින්නැයි නොතීසි..

November 16, 2017 at 8:40 am | lanka C news
දෙමල තරුණයන් අතුරුදන් වීමක් ගැන යුද හමුදාපතිට යාපනය මහාධිකරණයේදී පෙනී සිටින්නැයි නොතීසි..

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා යාපනය මහාධිකරණයේදී පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා ඊයේ (15) නියෝග කලේය.

1996 වසරේ ජූලි 19 වැනි දින යාපනය නාවක්කුලි ප්‍රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත්  දෙමළ තරුණයින් 24  දෙනෙකු අතුරුදහන් වූ බව කියමින් එම තරුණයින් කොටසකගේ ඥාතීන් විසින් ගොනුකළ පෙත්සම් නඩුව 15 වනදා විභාගයට ගත් අවස්ථාවේදී  මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කොට ඇත.

මෙම 24 දෙනා අතරින් 12 දෙනෙකුගේ අතුරුදහන් වීම් පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමේ  නඩුව යාපනය මහාධිකරණයේදී පසුගිය 9 වැනිදා සිට විභාගයට ගැණුනේ නීතිපතිවරයා නම්කල විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය.

2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකල මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි  මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට යාපනය මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.

මෙම පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා, නීතිපතිවරයා හා  නාවට්කුලිය යුද හමුදා කඳවුරේ  එවකට අණදෙන නිලධාරියා නම් කර ඇති අතර ඔවුනට එළැඹෙන ජනවාරි 18 වැනිදා යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

1996 වසරේ සැප්තැම්බර් මාසයේ චාවකච්චේරි නාවට්කුලි ප්‍රදේශයේදී එවකට නාවට්කුලි හමුදා කඳවුරේ සිටි අන දෙන නිලධාරියා විසින් අත්අඩංගුවට ගත් පිරිසක් මෙසේ අතුරුදන් වි ඇතැයි මෙම පෙත්සම යොමු කර ඇත.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 18 වැනිදාට කල්දැමූ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විසින් මෙදිනට හමුදාපතිවරයා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි  නියෝග කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

45 views

4 Comments to “දෙමල තරුණයන් අතුරුදන් වීමක් ගැන යුද හමුදාපතිට යාපනය මහාධිකරණයේදී පෙනී සිටින්නැයි නොතීසි..”

  1. Saradiel says:

    කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නඩුතීන්දු මිට වඩා සාධාරණයි ..රට ජාතිය බේරාගත් අපේ හමුදා විරුවන් අධිකරණයට මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදීන් අද නිදහසේ ,,,මේ සේරම දෙමල කොටි ඩයස් පෝරාවේ බොරු චෝදනා ..TNA Propaganda වැඩ ..
    යමපාලනයට සාපවේවා ! සිරිසේන- රනිල් කරුණාකර අස්වී ගෙදර පලයව් …අපේ රටේ මහා ජාතිය නිදිද ?
    යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට අපේ රට ජාතිය ආරක්ෂාකිරීමට ගත් උදාර සේවයට අපේ ජාතියේ ප්‍රණාමය
    උත්තමාචාරය ..සිහලුනේ අවදි වේව් …අප රැකි රණවිරුවන් රැකීමට පෙරට වරෙව්

  2. OLU says:

    ද්‍රෝහී ආණ්ඩුවේ රණවිරු දඩයමේ ඊලඟ බිල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ද ???
    යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට විරුද් ධව සිදුකරන බොරු චෝදනා අපි තරයේ හෙළා දකිමු ..රණවිරු දඩයම වහාම නතර කරනු
    අතුරුදහන් වූ දෙමල තරුණයන් වෙන නම් වලින් යුරෝපයේ කැනඩාවේ හෝ වෙනරටක සරණාගතයින් ලෙස සැපට ඇති
    මේ සේරම අපේ රණවිරුවන් අපරාධකාරයන් කිරීමට ගොතන බොරු චෝදනා …පබයා සිරිසේන අපේ රණවිරුවන් අපරාධකාරයන් කර LTTE ත්‍රස්තවාදීන් නිදහස් කිරීම සිදුකරමින් සිටි ..මිනිසුනේ අපේ රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන වත්මන් පාලකයින් නෙරපා දැමීමට පාරට බසිව් අවුරුදු 30 බිහිසුණු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් අපේ රටට කල දරුණු අපරාධ නුබලාට අමතකද ?

  3. sky says:

    යහපාලන කරපිටින් අපේ රණවිරුවන් පෝරකේට සිරගෙට යවන්න කොටි දෙමල ඩයස් පෝරාවට ඉඩදී බලා සිටීමට තරම් සිංහල මිනිසුනේ ඔබලා ගුණමකු
    නිවට ජාතියක් වුයේ කෙසේද ? රට රැකි රණවිරුවන් රැකීම සිංහලයන්ගේ යුතුකමයි වගකීමයි …ත්‍රිවිඩ හමුදාපති වරුනි ..මේ අසාධාරණය යුක්තිය අවනිතියට විරුද්ධව කටයුතු කිරීමට දැන් කාලයයි …බලාසිටීමට කාලයක් නැත අපේ රට අනතුරේ

  4. සුදු පරවියා says:

    රණවිරුවන් බොරුචෝදනා වලට අත්අඩංගුවට ගනිද්දී මේ යමපාලනය කරන ජාතික අපරාධය දෙස නිවටයන් ලෙස බලා සිටින්නේ මන්ද සිංහලුනේ
    උබලා රට රැකි රණවිරුවන් පාවා දෙනවාද ? නැත්නම් බේරාගන්න සටන් කරනවද ? දැන්වත් ඇස් ඇරපල්ලා
    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

Main News