දෙමල දේශපාලඥයන් විරුද්ද වුණත් අපේ වැඩේ අපි කරනවා..- ජනපති UN ලොක්කීට කෙලින්ම කියයි…

January 18, 2020 at 6:26 am | lanka C news
දෙමල දේශපාලඥයන් විරුද්ද වුණත් අපේ වැඩේ අපි කරනවා..- ජනපති UN ලොක්කීට කෙලින්ම කියයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය  ප්‍රසාදය පළ කරයි.

17 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි.

දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි. අඩු ආදායම්ලාභීන්   ලක්ෂයකට රැකියා ලබාදීම සහ සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. අදාළ පවුල්වල ජීවනෝපායමාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය. තම දේශපාලන අභිලාෂයන්ට පටහැනිවිම හේතුවෙන් ද්‍රවිඩ දේශපාලනඥයන් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියට පත් පවුල්වල යහපත සැලසීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ

57 views

9 Comments to “දෙමල දේශපාලඥයන් විරුද්ද වුණත් අපේ වැඩේ අපි කරනවා..- ජනපති UN ලොක්කීට කෙලින්ම කියයි…”

  1. 👌 නියමයි.. නියමයි .. කොන්ද කෙලින් තියෙන්නේ … ඔහොම යං…

  2. CHAMINDA - SADA STF says:

    DEKATA NAVILI NA… KELIN KATHA….

  3. අශෝක says:

    ආඩම්බරයි ආදරණීය ජනාධිපති තුමනි , අපි ඔබ සමග යි.

  4. MD says:

    Suman,sambandan,vigneswaran Raten pituwahal karanna.Ranil Ranjan mangala Rata Pawadunna.Rajadrohiyo.Sajith Owa Ahune naha wage hitiya.Dan udin Pathwela wage Eyalama gahapu giwisum iraladannalu.🤣🤣🤣🤣🤣🤣

  5. piyal mampage says:

    apita rajek etha puthuneee

  6. Aurora says:

    යුද්දේ ඉවරවුනාට පස්සේ වවුනියාවේ වැවක් හදල ඒකෙන් වතුර අරන් විශාල ජල පවිත්‍රාගාරයක් හැදුවා. ඒකට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇමති හැටියට. ඒකෙන් වවුනියාවේ පානීය ජල ප්‍රශ්නයෙන් විශාල කොටසක් විසඳුනා. නමුත් දෙමළ ජාතිවාදී නායකයන්ට ඒකෙන් පලක් නැහැ. UNP දේශ ද්‍රෝහීන්ටත් ඒකෙන් පලක් නැහැ. උන් ඊට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. මේ රටේ දකුණේ කිසිකෙනෙක් ඒ ගැන දන්නෙත් නැහැ. දෙමළ දේශපාලන නායකයන් කියන දේශද්‍රෝහී කුඩල්ලන්ට ඕන කරන්නේ රටෙන් කොටසක ලේ උරාබීමේ අයිතිය පමණයි. ඒකට උන් කියන්නේ දෙමළ ජනතාවගේ අභිලාෂය කියල.

    • tikka says:

      ඔවා මොනවද බං.. බයියින්ගෙ ළදරු වැඩ. අපේ වික්කමසිංහ මැතිතුමා දෙමළ ජනතාව වෙනුවෙන් හයිබ්‍රිඩ් පොර්ට් එකක්ම හැදුවා යකෝ.. ඒකෙ පායන කාලෙට එයාපෝර්ට්, වහින කාලෙට සීපෝර්ට්.. කොහොමද මොළේ.. 2020 ජනාධිපතිවරෙණෙදි දෙමළ ජනතාව එක පයින් UNP එකට ඡන්දෙ දුන්නෙ ඒකනේ බොලව්..

  7. Gotaimbara says:

    Well said Mr President. Now people are with you, unlike what happened to Mahinda. Jayawewa!

  8. sinha le says:

    UN එකේ බලවත්තු සියල්ලම රටවල් කොල්ලා කාපු අය ඇමෙරිකාව එංගලන්තය ප්‍රන්සය ජෙර්මනිය අනික් රටවල් කොලනි කරපු අය.

Main News