දෙමල නායකයින්ට ආරක්ෂාව දෙන්නේ සිංහල පොලිස් නිලධාරීන්… දෙමල නායකයන්ට සිංහල පොලිස් නිලධාරීන් දමිළ පොලිස නිලධාරීනට වඩා විශ්වාසයි..
December 26, 2017 at 6:48 pm | lanka C news
යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවතිව් හා අනලාතිව් දුපත් වල ජීවත්වන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉටුකිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවතිව් හා අනලාතිව් දුපත් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර එච්. ජී. එම්. සී. පලිහක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම යාත්‍රාව ලබාදීමට කටයුතු සූදානම් කරතිබූ අතර මේ සඳහා මිලියන 132ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වෙන් කරන ලදී.
වායු සමනය කරන ලද සියලූ පහසුකම් වලන් සපිරුනු මෙම මගී ප්‍රවාහන යාත්‍රාව ‘එළුතාරකයි’ යන නමින් හඳුන්වා ඇත. වරකට මගීන් 40කට අධික ප්‍රමාණයක් මෙම යාත්‍රාව මගින් ප්‍රවාහනය කල හැකි අතර යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතාගේ මූල්‍යාධාර වෙන්කිරීම තුලින් ප්‍රදේශයේ ජනතාවට මෙම පහසුකම උදාවිය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් බවත් ප්‍රකාශ කල ආණ්ඩුකාරතුමා ද්‍රවිඩ දේශපාලන නායකයින් සිංහල පොලස් නිලධාරීන් විශ්වාස කරන තරම් දමිළ පොලිස් නිලධාරීන් විශ්වාස නොකිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කළහ.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම් සෝමසිරි මහතා, ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා, උතුරු පළාත් භාර නාවික හමුදා රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හා එළුවතිව් හා අනලාතිව් ¥පත්වාසීන් සියලූ දෙනාම සහභාගි වී සිටියහ.
– වජිර කොඩිතුවක්කු
මුලු උතුරේ ඩ්‍රවිඩ ජනතාවම ත්රශ්තවාදීන්ගෙන් රැක ගත්තේ ප්‍රදානවම සින්හල වීරයෝ තමයි.
ඒ වුනාට කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ වැඩකරන දෙමල මිනිස්සු කැනඩාවට යන්න වීසා දෙන්නේ දෙමල යට විතරයි. කොටින්ගේ මහවිරුසමරුමට යන්න යාපනේ LTTE කාරයන්ට වීසා දුන්නා. උන් දැන් එහෙ ගල් වෙලා. කැනඩාවේ තියෙන ලංකාවේ පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙක් එහි වසර කිහිපයක් වැඩ විසාලා නැවත ලංකාවට ඇවිත් යන්න ගියාම ලංකාවේ තියෙන කැනඩියානු මහකොමසාරිස් කාර්යාලයෙන් වීසා දුන්නේ නැහැ. එතන වැඩකරන ලාංකිකයන්ගෙන් සියයට සියයක්ම ද්‍රවිඩ අය සහ සමහර අය හිටපු LTTE කාඩරයන්.