දෙමල සංවිධාන තහනම ඉවත් කිරීමෙන් කෝටි ගණන් ඩොලර් එයි..? මෙරට ඩොලර් අර්බුදය විසදෙයි..?

August 14, 2022 at 10:22 pm | lanka C news
දෙමල සංවිධාන තහනම ඉවත් කිරීමෙන් කෝටි ගණන් ඩොලර් එයි..? මෙරට ඩොලර් අර්බුදය විසදෙයි..?

ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක සහ පුද්ගලයන් තුන්සිය දාසයකට අදාළව මෙරට තහනම ඉවත් කිරීම දෙමළ ජාතික සංධානය ද සර්වපාක්ෂික රජයට එක් කර ගැනීමේ උපක්‍රමයක් විය හැකි බව නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය අහන හරහා දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් විය හැකි බවද හෙතෙම කියා සිටියි.

මෙම තහනම ඉවත් කරන ලද සංවිධාන සතුව විදෙස් රටවල ඇති මුදා නොහරින ලද ඩොලර් කෝටි ගණනක අරමුදල් මේ හරහා උතුරු නැගෙනහිර සංවර්ධනය කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය.

එසේ කළ හැකි නම් ශ්‍රී ලංකාව මුහුණදෙන විදේශ විනිමය අර්බුදයට යම් සහනයක් වනු ඇති බවත් නමුත් එවන් දෙයක් සිදු වේදැයි තමන්ට කිව නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෑත කාලයේ දී දෙමළ ජාතික සන්ධානය ද සඳහන් කර තිබුණේ දෙමළ ඩයස්පෝරාව සතු මුදල් වලින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳිය හැකි බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දෙමළ ජාතික සන්ධානය විසින් මේ පිලිබදව දන්වමින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

95,209 views

23 Comments to “දෙමල සංවිධාන තහනම ඉවත් කිරීමෙන් කෝටි ගණන් ඩොලර් එයි..? මෙරට ඩොලර් අර්බුදය විසදෙයි..?”

  1. Wasudeva says:

    This is it guys.
    Sinhalese and Tamils are good and old friends.
    I mean the ‘Sinhalese and Tamil VIP’ social class who related to politics.
    So only the lower political layer of the community are fighting with each other.
    Racism is bad and that’s it.
    Discrimination is bad, and that’s it.

    Think the positive side. We could use our Tamil diversity to increase the trade amount to India Tamil Nandu.
    I mean win2win sales. That’s the basic concept of a trade right.

  2. THE PEOPLE says:

    There would be not much problem ,if their money would be used only to improve their infrastructure facilities like making roads ,highways etc. If they would try to use this money for secret motives like harming the national interests of the country including national security ,there would be problems from the majority of people. Are the dollars send by people of other races not of any value?_

  3. Aba says:

    They won’t whole hartedly invest their funds in Srilanka , that is for sure ! Might do away with few Lakhs just for name sakw.

  4. කුඹුක්කණ් says:

    සිංහල ජාතියට දෙමලුන්ගෙ ඩොලර් එපා. පොහොට්ටුවෙ මන්ත්‍රී වරුනි වහාම රනිල්ව ඉවත් කරන්න.

  5. NAK says:

    මෙ‍ි මො‍්ඩ හ‍ැත‍් තට තෙරෙන‍් නෙම න‍ැද‍් ද උන‍් වියදමි කරල තියා අපි වියදමි කරල වත‍් උතුර‍ැ න‍ැගෙනනහිර දියුන‍ු කරනවට උන‍් ක‍ැමති න‍ැති වග? එ‍් පලාත‍් දියුනු උනොත‍් උන‍් ගෙ‍් ඊළාමි සිහිනයට කෙලවෙන බව උන‍් හොදින‍් ම දන‍්නවා.

    • THE VOTERS says:

      The Ranil too should realised that this is not his either 2002 government or 2005 Yahapalanaya government ,but a government consisting of members whom 6.9 million people have voted with the fervent wish of protecting national interests of the country including sovereignty. As such ,the people are vigilant and alert and expect him to take decisions collectively with the approval of the other MPs ,without taking upper hand.c

  6. NuwanJ says:

    ඩොලර් එයි හැබැයි එව යොදවන්නෙ එදා කරගන්න බැරිවුන වැඩේ කරගන්න බව අමතක කරන්න එපා නැති නිකං මේ සංවිධාන ලංකාවට ඩොලර් පොම්ප කරයිද

  7. Boo says:

    වහාම රනිල්ව ජනපතිධූරයෙන් ඉවත් කරනු. නැතහොත් මගේ චන්දය නැවත පොහොට්ටුවට නොලැබේ.

    • Boo says:

      ඊට ඉස්සෙල්ලා තමන්ගෙම කියලා නමක් හදාගනිං. බැරිනං මේ නම තියාගනිං, මම වෙන නමක් දාගන්නං.

  8. Felix says:

    Badu Hari…… Lehesthi Wemu Thawa Addawakata….. Thawa Avrudu Keepayakin…. Ballo Marala Hari Salli Thama One… Well done. Thawa Kaanayaka Balan Innawa… Eeekath Ida Demu

  9. RITIGALA says:

    dan cardinal ta ,omalpeta ehema hoda dinnar ekak dila salakapalla….aragalayata billoin ganak wisikarala gotawa elawagaththe wena labbakata newei.
    hamudawe kollo jiwithe dila bera gaththa rata kohendo awa parayo salli walata wikka……

  10. JR says:

    ඔන්න, අරගල ගායට රනිල් දීපු බේත ලංකාවට වහ දුන්නා වගෙයි. ඒක අරං උන් අකුලගෙන ගියා.. මොකද ජාත්‍යන්තරේ උන්ට තිබුන තහනම ලංකාවෙන් ඉවත් කිරීම ඊළම දුන්නටත් වඩා උන්ට වටිනවා. දැන් ලංකා රජයේ අනුමැතිය ඇතුවම රට ඉන්න කොටින්ට ඕන දෙයක් කලහැකියි. රනිල්ට චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි හේතුව රනිල්ගෙ ඔය කොටි වලිගයයි. රනිල්ගෝගම පටන්ගන්කොට ජනාධිපති අගමැති දෙන්නම එකවර යාම හොඳ නෑ කියල හිටං විනගේස්සරන් කිව්වෙ ඕක නිසයි. 2015-2020 නතර කරපු තැනින් එහාට රනිල් එක්ක යන්න ඇහැකි බව මෑන්ල දන්නවා. හැබැයි ඔය විදිහට රනිල්ගෙ ජනාධිපති කමත් ගෝටාබය ඉතුර කරපු කාලයට සීමා වෙනවා. යුද්දෙ කාලෙත් රනිල්ල කලේ කොටි පැරදීගෙන යනකොට සාමසාකච්චා තියතියා නැවත ඔවුන්ට සංවිධානය වීමට හැරීමයි. යුද්දෙ පාවල දීපු සුදුකොඩි පොන්සේකට නම් ඉතිං MR සහ GR බිල්ලට දීල කොටින්ගෙ පැත්තම ගන්න එක සුලු දෙයක්නෙ. හැබැයි මරගලේට මුක්කු ගහපු සහ නොගහපු හිටපු හමුදා නිලයන්ට මොනව වෙයිද දන්නෑ. US, UK, UN එහෙම දඟලන්නෙ ඉරාකෙ, ලිබියාවෙ, සිරියාවේ වගෙ වැඩක් ලංකාවටත් දෙන්නයි. උන් ඔක්කොම U.. U.. කියල හිටං United වෙලා දුර්වල රටවල් බේද කරල උන්ගෙ නරුම අවශ්‍යතා සපුරා ගන්නව.. මේ වගත් එසේමයි!

Main News