දෙමල සන්ධානයට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ අසුන් පනවන්නැයි දන්වයි..

January 15, 2019 at 6:27 am | lanka C news
දෙමල සන්ධානයට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ අසුන් පනවන්නැයි දන්වයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.

දෙමළ සංධානයේ නායක සම්බන්දන් මහතා විපක්ෂ නායක ධූරය දැරූ සමයේ ලෝක වාරතා ගණනාවක් පිහිටෙව්වා.  ආණ්ඩුවේ අයවැයකට කිසිම සංශෝධනයක් ඉදිරිපත් නොකර කොන්දේසි විරහිතව එයට සහය දැක්වූ ලෝක ඉතිහාසයේ ප්‍රථම විපක්ෂ නායකවරයා සම්බන්දන් මහතා.  එතුමා ඒ හපන්කම වරක් දෙවරක් නොවේ හතර වතාවක් කළා.  ඒ වගේම අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණාම ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ලෝක ඉතිහාසයේ ප්‍රථම සහ එකම විපක්ෂ නායකත් සම්බන්දන් මහතා. දැන් විපක්ෂනායකකමත් ගැලවී ගිහිල්ලා මොනවද එතුමන්ලා කරන්නේ.

පසුගිය සිකුරාදා යාපනයේ පැවැති රැස්වීමක දී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා කිව්වා අපූරු කතාවක්.  එජාප ආණ්ඩුව කැබිනට් තීන්දු ගැනීමට පෙර ඒ පිළිබඳ දෙමළ සංධානය සමග සාකච්ඡා කරන යාන්ත්‍රණයක් පිහිටුවා තිබෙනවාලු.  ඒ වගේම උතුරු පළාත් සංවර්ධනය අගමැති අතට ගත්තේ දෙමළ සංධානයේ ඉල්ලීමටලු.  උතුරු පළාත් සංර්වධන කටයුතු සිදු වන්නේ දෙමළ සංධානයේ අවශ්‍යතා පරිදිලු.  කැබිනට් තීන්දු ගන්න දෙමළ සංධානය සම්බන්ධ වෙනවා නම් උතුරු පළාත් සංර්වධන අමාත්‍යාංශය මෙහෙයවීම කරන්නේ ඒ අය නම් දෙමළ සංධානය අනිවාරයෙන්ම ආණ්ඩුවේ පාරශවකරුවෙක්.  ඒ නිසා තව දුරටත් දෙමළ සංධානයට විපක්ෂයේ වාඩි වී විපක්ෂයට වෙන් කරන විවාද කාලය කමිටු නියෝජන ලබා දෙන්න පුළුවන් කමක් නෑ.  ලංකා ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් මේ වගේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නෑ.  ඒ නිසා කතානායකතුමා හමු වෙලා වහාම දෙමළ සංධානය ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙස සලකන මෙන් ඉල්ලීම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

කතානායකතුමා මෑතකදී ඔන්න එක තීරණයක් නම් කොන්ද කෙලින් තියාගෙන දෙමළ ජාතික සන්ධානයේ බලපෑම්වලට යටත් නොවී ගත්තා.  ඒ තමයි විපක්ෂනායකධූරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීමේ තීරණය. මේ තීරණයේ දී එතුමන් ස්වාධීනව කටයුතු කරනවාද නැද්ද කියන පරීක්ෂාවක් කරන්න පුළුවන්.

21,477 Viewers

5 Comments to “දෙමල සන්ධානයට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ අසුන් පනවන්නැයි දන්වයි..”

  1. Nim says:

    NIYÁMY
    MONA MAGULAK KARANAWADA ?
    WEPAKSAYA EDAGENA
    MUN OKKOMA ANDU PAKSAYE
    WADI WENNE NATHUWA ?

  2. සිංහල බන්ඩා says:

    අලිකොටිසීනු පරගැති හවුල පරදවමු.

    • The Citizens says:

      A very good ,timely suggestion, as it is very evident to the citizens in our Motherland that U.N,P, T.N.A., and J.V.P. are ,now ruling the country and try to take our Motherland into a unprecedented disastrous situation.The patriotic people in our country must

  3. අංකූරා says:

    ලොක්ක දෙමළ සංධානයට ගහන්න , හැබැයි දෙමළ ජනතාව දිනාගන්න , මේක ජාතික නායකයන් , ජාතික ප්‍රතිපත්ති අත්‍යාවශ්‍ය වෙලාව , බෞද්ධ ආගම තුල සිංහලයන් අතර අනිත් සියලුදෙනා කෙතරම් සුරක්ෂිත දැයි කෙතරම් තෘප්තිමත් දැයි දැන්විය යුතු , පෙන්විය යුතු කාලයයි මේක .

  4. අංකූරා says:

    ලොක්ක දෙමළ සංධානයට ගහන්න , හැබැයි දෙමළ ජනතාව දිනාගන්න , මේක ජාතික නායකයන් , ජාතික ප්‍රතිපත්ති අත්‍යාවශ්‍ය වෙලාව , බෞද්ධ ආගම තුල සිංහලයන් අතර අනිත් සියලුදෙනා කෙතරම් සුරක්ෂිත දැයි කෙතරම් තෘප්තිමත් දැයි දැන්විය යුතු , පෙන්විය යුතු කාලයයි මේක .
    බෞද්ධයාගේ , සිංහලයාගේ ඇති හොඳ දේවල් ටික හරියට මාකට් උනා නම් සියලුදෙනා අපිට ගරු කරාවි , ආදරය කරාවි !!.

Main News