දෙමල සන්ධානයට බියේ ජනතාව පන්සල් නොයයි..

June 17, 2019 at 5:30 pm | lanka C news
දෙමල සන්ධානයට බියේ ජනතාව පන්සල් නොයයි..

දෙමළ ජාතික සන්ධානයේ ඇතම් දෙශපාලඥයින්ගේ ජාතිවාදී ක්‍රියාකලාප හේතුවෙන් මුලතිව් දෙමළ වැසියන් හා සිංහල වැසියන් අතර භේදීම් සිදුව ඇතැයි ජාතික හිමිකම් සංවිධානයේ සභාපති, දේශප්‍රේමි භික්ෂු පෙරමුනේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පැවසුවේය.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ බව පවසා සිටියේ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉදිරිපිටදී ගුරුකන්ද විහාරය ආරක්ෂා කර දෙන මෙන් සිදු කරන ලද විරෝධතාවක් අතරතුරදී මාධ්‍යට අදහස් දක්වමිනි.

ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරු ඉවත් කොට නීරාවයඩි පුල්ලයාර් නමින් කෝවිලේ නාම පුවරුව පමණක් බුදු පිළිමය ඉදිරිපිට ඉතිරි කිරීම හා දෙශපාලඥයින්ගෙන් ගුරුකන්ද රජමහා විහාරයට එල්ල වන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් ඊයේ දින හෙලජන බලය විසින් සංවිධානය කොට විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා වැලිඔය ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

විරෝධතාවය වෙනුවෙන් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ද සහභාගී වූ අතර එහිදී මාධ්‍යට අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ,

‘අද වනකොට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට එදිනෙදා ආපු ගියපු දෙමළ ජනතාව එන එක නතර වෙලා ඒ අයගේ සහජීවනය නැතිකරල ඒ හැම එකකටම වග කියන්න ඕන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඒ අයට බයේ මේ දෙමළ සාමාන්‍ය මිනිස්සු පන්සලට එන්නෙත් නැහැ ඒක ලොකු බරපතල කාරණාවක්,

අනිත් එක තමයි මේ ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පෞරාණික උරුමයක් දළදා වහන්සේගේ ආගමනයේ පළමු සන්ධිස්ථානය ඒ බව පුරා විද්‍යා සාධක මගින් සාක්ෂි තියනවා ඒ වගේම අධිකරණයෙත් ඒ බව ඔප්පු වෙලා තියනවා එහෙම තියෙන අවස්ථාවක පන්සලට මෙලෙසින් බලපෑම් එල්ල වන අවස්ථාවේදී බලධාරීන් බිහිරිව සිටීම අප කාගෙත් අවාසනාවක් වහාම සියලු දෙනා මේ අසාධාරණයන් වෙනුවෙන් එක් විය යුතුයි’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42 views

10 Comments to “දෙමල සන්ධානයට බියේ ජනතාව පන්සල් නොයයි..”

  1. SL says:

    එකනේ සිංහලය ගැන බලන්න එකෙක් වත් නැහැ .කෝ මේ මංගල ,මහින්ද ,රනිල් ,රවී, කරු ……………..70% ඉන්න සිංහලයෝ.තම්බින්ට තම්බි ඉන්නවා, දෙමළුන්ට ද්මලු ඉන්නවා උන් දෙගොල්ලටම ඉන්දියාවයි ,අරාබියයි ඉන්නවා ,සිංහලුන්ට මොකෙක් වත් නැත . 50% ට බැස්ස ගමන් සිංහලුන් කම්මුතුයි………….

  2. sinha le says:

    මුලතිව් මහේස්ත්‍රාත් සෙල්වනායගම්ගේ කැකිල්ලේ නඩු තීන්දුව මෙන්න, ගුරුකන්ද රජමහා විහාරයේ කෝවිලක් නොමැති බවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් පැමිණ සාක්ෂි දෙද්දී මුලතිව් මහේස්ත්‍රාත් නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කරන්න කියා තීන්දු කරලා

  3. sinha le says:

    ඈත ඉතිහාසයක් සහිත විහාරස්ථාන

    උතුරුකරයේ විහාරස්ථාන 184 ක් තිබෙනවා. ඉන් නැවත ප්‍රතිසංස්කරණය කරන ලද විහාරස්ථාන තිබෙන්නේ පන්සල් 17 ක් පමණයි. මන්නාරම්, මුලතිව්, කිලිනොච්චි, යාපනය යන ප්‍රදේශවල මෙම විහාරස්ථාන පිහිටා තිබෙනවා.

    මේ පන්සල් සියල්ල රජමහා විහාර. ඒ කියන්නේ අවුරුදු 600 පෙර ඉදිවුණු විහාරස්ථාන. නමුත් පසුගිය යුද්ධ කාලයෙන් පසුව හමුදාව විසින්මයි මෙම පන්සල් සොයාගනු ලැබුවේ. මහජනතාවට වැඳපුදා ගැනීමටමේ පන්සල් යළිත් ප්‍රතිසංස්කරණය කර දෙනවා නම් එය ඉතා යහපත් කාරණයක් කියා සිතනවා.

  4. LION says:

    දකුණේ කෝවිල් ඉදිවෙන එක ගැන දකුණට ප්‍රශ්නයක් නෑ …උතුරේ පන්සල් හැදෙන එකත් උතුරට ප්‍රශ්නයක්

  5. sinha le says:

    පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි අපේ නායකයන් ලැජ්ජා වෙන්න ඕනේ

  6. Samuel says:

    සංහිදියාව කියන්නේ පක්ස වල මැති ඇමති වරැන් සමගියෙන් ඔිනෑම කුප්ප වැඩකට සහයෝගයෙන් සිටීමයි. ජනතාවට බමිබු ගහගන්න කියන්න.

  7. Love nature says:

    BAN TNA RACIST TAMIL POLITICAL PARTY ARREST ALL TNA RACIST TAMIL MEMBERS

  8. dinesh says:

    sinhala baudda rate pansalakata minissunta yanna baha
    mona napunsaka adnuwak da meka

  9. Sun says:

    Language or ethnicity is not a barrier to develop inner power of the mind. The person who develop can see the nature of life. This is cycles of births and deaths and continue until you understand the cause if this. People who know go and develop the mental ability and realize nibbana. If someone stops that they are inducing negative kamma and continue to face difficulties during this life and after due to negative kamma.

Main News