දෙමල සන්ධානයේ කොන්දේසි පිලිගන්න සජිත් හොරගල් අහුලයි…
October 30, 2019 at 4:40 pm | lanka C news
දෙමල ජාතික සන්ධානයේ යෝජනා හමුවේ එක්සත් ජාතික පක්ෂයත්, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත් විශාල හිරවීමකට ලක්ව සිටින බවත් ,දෙපාර්ශවයම හොරගල් අහුලමින් මේ සුදානම් වන්නේ උතුරේ සහ දකුණු ජනතාව මුලා කිරීමේ කූට වෑයමකට බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළකලේ පසුගියදා (ඔක්.28) කොලොන්න මඩුවන්වෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,දෙමල ජාතික සන්ධානයට සම්බන්ධ පක්ෂ විසින් මෙවර ජනාධිපතිවරණයට පෙර එලියට දැමු බෙදුම්වාදී යෝජනා මඟින් එක්සත් ජාතික පක්ෂය අද පඹගාලක පැටලිලා.උණු හින්දා බොන්නත් බෑ.කිරි හින්ද අහක දාන්නත් බෑ.මේ යෝජනා වලට කැමැත්ත ප්‍රකාශ කලොත් ඔවුනට දකුණේ ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා.අකමැති උනොත් දෙමල ඡන්ද ටික නැතිවෙනවා.ඒක නිසා ඉතාමත් සූක්ෂම සැලැස්මක් අනුව කොලේ වහලා ජනතාව රවටලා උතුරේ සහ දකුණේ ඡන්ද ටික තමන්ගේ ගොඩට දාගන්න දැන් සැලසුම් කරමින් සිටිනවා.අවසානයේ දෙමල ජනතාවටත් කොලේ වහලා දෙමල සන්ධානය සජිත් ප්‍රේමදාස මහත්තයට සහයෝගය දෙන බව අපි දන්නවා. සෙනෙවිරත්න මහතා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින්.දැන් මේ දවස්වල තැපැල් ඡන්ද බලාගෙන රාජ්‍ය සේවකයන් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිඹුල් කඳුලු හලමින් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා.1980 වැඩවර්ජනයෙදී සේවකයන් 40,000ක් එක දවසින් ගෙදර යවපු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව දැන් සිල් අරන් වගේ කතා කරන්නේ.රාජ්‍ය සේවක වැටුප දෙගුණ කලාලු.රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය ආරක්ෂා කලලු. හැබැයි අපිට කියන්න තියෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ කොන්ද කැඩුවේ මේ ආණ්ඩුව කියල තමයි.රාජ්‍ය නිලධාරීන්ට බොරු චෝදනා කරමින් හිරේ දැම්මා.රාජ්‍ය සේවකයන්ගේ ඉහලම නිලධාරියා ජනාධිපති ලේකම් පවා හිරේ දැම්මා.මේ නිසා සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රනයම අකර්මණ්‍ය වුණා.රාජ්‍ය නිලදාරීන් වැඩ කරන්න බය වුණා.ඊට පස්සේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් ඇති වන විදිහට සේවාවන් කිහිපයකට වැටුප් වැඩි කලා.ඒ නිසා රාජ්‍ය සේවයේ විශාල කැලඹීමක් මතුවුණා. පරිපාලන සේවයේ නිලධාරීන් පළමු වරට වැඩ වර්ජනය කලා.දුම්රිය,වෛද්‍ය සේවයේ හැමදාම වැඩවර්ජන. නවක රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපත් අහෝසි කලා.එහෙමයි මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කටයුතු කලේ.මන්ත්‍රීවරයා පැවසීය.
මේ මැතිවරණය රටට තීරණාත්මකයි.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය බොහොම සාර්ථකයි.එතුමා තමයි මුලින්ම ජනාධිපති අපේකෂකයා ලෙස සියළු පක්ෂ වලින් පත්වුනේ.ප්‍රතිපත්ති ප්‍රකශයත් නියමිත වෙලාවට ප්‍රකාශයට පත්කලා.එක්සත් ජාතික පක්ෂය සියළු දේට පසුපසින් තමයි යන්නේ.මැතිවරණ ප්‍රතිඵලත් ඒ වගේම තමයි.වැඩි ඡන්ද ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයකින් එතුමා මේ රටේ ජනාධිපති වෙන එක කාටවත් වලක්වන්න බෑ.සෙනෙවිරත්න මහතා පැවසීය
– ධම්මික තිලකරත්න
හොර ගල් ඇහුලවට වැඩක් නැහැ.
අද සුලුජාතික චන්ද 90% ක් එජාපය ලැබුනත් කතෝලික චන්ද ලැබෙන්නෙ උපරිම 25%ය්. එනිසා රටේම චන්ද වලින් සජිත්ට ලැබෙන්නෙ 25%*90% + 25%*8%<39%ට අඩුවෙනුයි.
එනිසා රටේම චන්ද වලින් සජිත්ට ලැබෙන්නෙ: (සිංහල බෞද්ධ – 69.9*22%) 15.4% + (සුලු ජාතික 25%*90%) 20% + (සිංහල කතෝලික -25%*5%) 1.25 <37%ට අඩුවෙනුයි.
good analysis. I agree upto some extent. I think catholic have 4% not 8%. Hope sajith will not pass 40% total votes. Gota will get 70% of sinhala votes = 69 * 70% = 48% + 10% minority votes(=25 * 10 %) 2.5% = 50.5% minimum votes.
වැරදිය් . මහ ජාතියෙ චන්ද 40% පමනකි අවශ්‍ය සුලුතර චන්ද 75% ගත්තොත් . ටී එන් ඒ එකග උනොත් ලැබෙන්නේ එහෙම තමා.
සජිත් තමාගේ නම රැකගන්න නම් පැරදෙන්න කලින් ජනාදි පති තරගයෙන් ඉල්ලා අස්විය යුතුය.