දෙමල සන්ධානය ආණ්ඩුවට.. සම්බන්ධන්ගේ විපක්‍ෂ නායක ධුරය අහිමි වෙයි..??

September 16, 2016 at 10:42 pm | lanka C news
දෙමල සන්ධානය ආණ්ඩුවට.. සම්බන්ධන්ගේ විපක්‍ෂ නායක ධුරය අහිමි වෙයි..??

දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගතවීමට සූදානමක ඇති බව ශ‍්‍රීලනිපය විසින් පැවසීමත් සමග පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් ඇතිව තිබේ.

දෙමල සන්ධානය ශ‍්‍රීලනිපය සමග සන්ධාන ගතවන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය දැරීමට එම පක්‍ෂයට අයිතියක් නැතැයි පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන සෙසු මන්ත‍්‍රීන්ගේ අදහසයි.

මෙම සන්ධානගත වීම සම්බන්ධයෙන් දෙමල සන්ධානය පාර්ශවයෙන් මේ වන තෙක් ප‍්‍රතික්‍ෂෙප කිරිමක් හෝ තහවුරු කිරීමක් සිදු කර නැති අතර ශ‍්‍රිලනිපයද පවසන්නේ නිල වශයෙන් සාකච්චා පවත්වා නැති බවත් ඉදිරියේදී එසේ සිදුවිය හැති බවකි.

10 views
Main News