දෙමල සන්ධානය ඊළම ඉල්ලන්නේ නෑ.. ඉල්ලන්නේ ෆෙඩරල් පමණයි.. ෆෙඩරල් ගැන අප හිතන්නේ වැරදියට..- රාජිත

April 30, 2017 at 5:30 pm | lanka C news
දෙමල සන්ධානය ඊළම ඉල්ලන්නේ නෑ.. ඉල්ලන්නේ ෆෙඩරල් පමණයි.. ෆෙඩරල් ගැන අප හිතන්නේ වැරදියට..- රාජිත

‘ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක්. දේශපාලනඥයින් ලෙස අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ උතුර දකුණ නොඛෙදුනු සාමකාමී හා ස්ථාවර රටක්’ බව සෞඛ්‍ය ඇමැති පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නිර්මාතෘ එස්.ඡේ.වී චෙල්වනායගම් ගුණ සමරු උත්සවය සදහා එක්වෙමිනි. මෙම ගුණසමරු උත්සවය පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය කදිරේෂන් ශාලාවෙි දී පැවැත්විනි.

“මට චෙල්වනායගම් මහතාගේ භාෂාවෙන් කථා කරන්න බැහැ. ඒක තමයි ෙඛිදවාචකය බ්‍රිතාන්‍යයන්ගේ භාෂාව පාවිචිචි කරමින් තමයි අද මට මෙම කථාව කරන්න සිද්ධ වෙන්නේ. මොකද මෙික තමයි අපිට බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුන අධ්‍යාපන ක්‍රමය. සිංහලයින්ට දෙමළ කථා කරන්න සහ දමිළ ජනතාවට සිංහල කථා කරන්න බැහැ. එහෙම දමිල ජනතාව සිංහලයෙනුත් සිංහලයන්ට ද්‍රවිඩ භාෂාවෙනුත් කථා කරන්න පුළුවන් වුනා නම් අපේ රටේ මෙවැනි වාර්ගික ගැටළු පැනනැගීමට ඉඩක් ලැඛෙන්නේ නැහැ. චෙල්වනායගම් ගුණ සමරු උත්සවයේ දී එතුමා ගැන ගුණසමරු දේශනය සදහා ආරාධනය කිරීම සම්බන්ධයෙන් මම ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා.මෙි පිළිබදව කථා කිරීමට තවත් දමිළ හිතවතුන් හිටියත් මා හට ආරාධනය කිරීම ගැන මා ටි.එන්.ඒ නායක ආර් සම්බන්ධන් මහතා සහ සුමන්දිරන් මහතා ඇතුලු මෙම ගුණසමරුව සංවිධානය කළ සියළු දෙනාටත් නැවැත වතාවක් ස්තූතිවන්ත වෙනවා.

චෙල්වනායගම් මහතා කියන්නේ මෙි රටේ හිටපු විශිෂ්ඨ වගේම ශ්‍රේෂ්ඨ නායකයෙක්. මට මුලින්ම චෙල්වනායගම් මහතා දැක ගැනීමට ලැබුනේ පාර්ලිමෙින්තුවෙි දී. එවකට මම ආනන්ද විද්‍යාලයේ පාසල් සිසුවෙක්. අපිට ඒ දවස්වල දේශපාලනය ගැන විශාල උනන්දුවක් තිබුනා. ඒ නිසා මමත් අපේ යාළුවන් කිහිප දෙනෙකුත් අමතර පංතිවලට නොගොස් පංතිවලින් එළියට ඇවිල්ලා පාර්ලිමෙින්තුවෙි විවාද වලට සවන් දෙනවා. ඒ දවස්වල ඉතා වැදගත් වූ විවාදයන් පාර්ලිමෙින්තුවෙි පැවැත්වුනා. විවිධ පක්ෂවල විවිධ නායකයින්ගේ කථා අහන්න මට විශාල කැමැත්තක් තිබුනා. මෙි අතර වාමාංශික නායකයින් මෙන්ම ද්‍රවිඩ නායකයින් සහ සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ කථා මම අසා සිටියේ ඉතාම ආසාවෙන්. චෙල්වනායගම් මහතාගේ කථා වලට මම ඉතාම ඇලුම් කළා. ඒ දවස්වල පාසල් ශිෂ්‍යයෙකු ලෙස මා ඔහු තුලින් දුටුවෙි නිහතමානි, අහිංසක හොද මහත්මයෙකු සහ විශිෂ්ඨ දේශපාලනඥයෙකු ලෙසයි.

මා පාසල් ගියේ ආනන්ද විද්‍යාලයට එය සිංහල බෞද්ධ පාසලක්. පාසල තුල සංස්කෘතිය තිබුනේ ජාතිකත්වයට මුල්තැන දෙමින්. එහි ජාතිකවාදී අදහස් බොහෝ සෙයින් පැතිරී තිබුනා. චෙල්වනායගම් මහතා ෆෙඩරල් ගැන කථා කරද්දි ඒ දවස්වල අපට තේරුනෙත් නැහැ. කැමැත්තක් තිබුනෙත් නැහැ. ඒ වගේම තමයි ෆෙඩරල් ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් තිබුනෙත් නැහැ. ඔහු පාර්ලිමෙින්තුවෙි දී කථා කළ ආකාරය ඉතාම ආකර්ශණීයයි. ඔහු සමග ඔහුගේ අදහස් හා දේශපාලන මතය පිළිබද ගැටුම් තිබුන අය පවා ඔහුගේ කථාවට සාවධානව ඇහුම්කම් දුන්නා. ඔහු කථා කලේ ඉතාම සෙමින්. ඊයර් ෆෝන් නැතිව කථාව අහන්න බැහැ. මොකද ඔහු ඉතාම සෙමින් කථා කළ නිසා. ඔහු ආවෙිගශීලි නායකයෙකුවත්, මිලිටරි නායකයෙකුවත් නොවෙි. බොහොම තැන්පත් විලාසයෙන් තමයි කථා කළේ. ඔහු පාර්ලිමෙින්තුව තුලට සෙමින් සෙමින් පියවර මනිමින් ඇතුල් වුනු ආකාරය මගේ සිතේ තවමත් මතකයේ ඇදී තිඛෙනවා. ඔහු තවත් කෙනෙකුගේ ආධාරයෙන් තමන්ගේ අසුනේ වාඩිගෙන විවාදවලට සාවධානව සවන්දෙමින් සහ එවාට සක්‍රීයව දායක වුනා. ඔහු 1977 දී අභාවප්‍රාප්ත වන විට දේශපාලනය පිළිබද ඉමහත් කළකිරීමෙන් සිටියේ. ඔහුට අවශ්‍ය වුනේ ද්‍රවිඩ ජනතාවට ගෞරවනීය ලෙස මෙම භූමිය තුල ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් සකස් කර දීමයි. 1944 සිට 1977 දක්වා සැමුවෙල් ඡේමිස් වෙිලුපිල්ලේ චෙල්වනායගම් මහතා ද්‍රවිඩ ජනතාවගේ නායකයාව සිටියා. දමිළ ප්‍රජාව ඔහුව හදුන්වා දුන්නේ තාත්තෙයි කියා. තාත්තෙයි කියන්නේ සිංහලෙන් තාත්තා. මෙයින් ඔබට හැගෙන්නේ ඔහු කෙතරම් ද්‍රවිඩ ජනතාවගේ හදවත් වලට සමිීපව හිටියාද යන්නයි කියා. දේශපාලනයේ දී මෙවැනි තාත්තා යන වචනය ඇසීමට දේශපාලනඥයින් වන අපිට බැහැ. විශේෂයෙන්ම දේශපාලනඥයෙකු ජනතාවගේ ආදරය හිමි වන්නේ ඉතාම කළාතුරකින්.

මා නැවතත් සදහන් කරන්නේ චෙල්වනායගම් මහතාට අවශ්‍යව තිබුනේ ද්‍රවිඩ ජනතාවට ගෞරවනීය ලෙස ශ්‍රී ලංකා භූමිය තුල ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමයි. කවදාවත් චෙල්වනායගම් සහ ටි.එන්.ඒ පක්ෂයට වෙනම රාජ්‍ය සංකල්පයක් තිබුනේ නැහැ. ඊලමක් මෙයාලට අවශ්‍යව තිබුනේ නහැ. අවශ්‍ය වුනේ සාමකාමිව එකම රටක බලය ඛෙදීමක් පමණයි. ෆෙඩරල් කියන්නේ මොකක් ද, ෆෙඩරල් කියලා කියන්නේ බලය ඛෙදාහැරිමක්. බලය ඛෙදාහැරිම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ලක්ෂණයක්. මෙයින් එකම රටක විවිධ පළාත්වල විවිධ සංස්කාතින් යටතේ ජීවත්වන ජනතාවට ඔවුන්ගේ ජවිතය නිදහස් හා සාමකාමීව ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙනවා. මෙහිදී කිසිදු අයුරකින් බලය ඛෙදාහැරිමක් මිස රට ඛෙදීමක් සිදු වන්නේ නැහැ. චෙල්වනායගම් කියන්නේ සාමය උදෙසාම ඉපදුන මනුෂ්‍යයෙක්. ඔහුට අවශ්‍යව තිබුනේ ප්‍රචණ්ඩකාරි ලෙස ගැටළු විසදා ගැනීම නොව. සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදා ගැනිමයි. ඔහුට අවශ්‍ය වුනේ දමිළ ජනතාවගේ ආත්ම ගෞරවයට හානි නොවන පරිදි ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාදයන් ලබාදීමටයි. ඒ නිසා තමයි බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කරනු ලැබුයේ. 1957 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරිම හරහා දමිළ ජනතාවට අයිතිවාසිකම් දිනා දීමට ඔහු දැරූ ප්‍රයත්නය අතිවිශිෂ්ටයි.

චෙල්වනායගම් 1957 දී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් ද්‍රවිඩ ජනතාවට අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුනේ නැති නිසා 1965 දී ඩඩිලි.සේනානායක සමග ගිවිසුමට ඇතුළත් වුනා. ඔහුට අවශ්‍ය වුනේ බලය ඛෙදාහැරීමක් තුළ ද්‍රවිඩ ජනතාවට සාධාරණ ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමයි. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට මෙතුමා තම විරෝධය පළ කළා. 1972 දී ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව එරෙහි වන චෙල්වනායගම් එහි ප්‍රතිඵලයක් ලෙස 1972 දී තම ආසනය කංකසන්තුරෙයි ආසනයෙන් ඉල්ලා අස් වුනා. ඉන් අනතුරුව එවකට පැවැති රජය එම ආසනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ අතුරු මැතිවරණය අවුරුදු දෙකක් කල්මරමින් සිට 1975 පෙබරවාරි මස පවත්වන ලදි. මෙහිදී චෙල්වනායගම් මහතාට සියයට 72 ක ජනවරමක් ලැබුනි. එය ද්‍රවිඩ ජනතාව තමන්ගේ නිදහස වෙනුවෙන් මෙම ඡන්දය භාවිත කර තිබුනි. මෙය ද්‍රවිඩ ජනතාවට වෙනම ප්‍රදේශයක් වෙන් කරවා ගැනීම සදහා ලබාදුන් ඡන්දයක්. නමුත් තවමත් ද්‍රවිඩ ජනතාවගේ ගැටළු සදහා තිරසාර හෝ සාධාරණ විසදුමක් ලබා දී නැහැ. පොරොන්දු ගිවිසුම් හා කේවල් කිරීම්වලට පමණක් අද එය සීමා වී තිඛෙනවා. ෆෙඩරල්වලට සහයෝගය ලබා දිය යුතුයි. නමුත් දකුණ ෆෙඩරල් යන වචනය හරියට තේරුම් ගත්තේ නැහැ. ඔවුන් එය තේරුම් ගත්තේ වෙනම රාජ්‍ය සංකල්පයක් ලෙස. ෆෙඩරල් පිළිබද කථා කළ යුතුයි. උතුරේ ද්‍රවිඩ ජනයාට පමණක් නොව දකුණේ සිංහල ජනතාවටත් ෆෙඩරල් අවශ්‍යයයි. මෙයට වගකිව යුත්තේ ප්‍රධාන පක්ෂ දෙක හා සාම්ප්‍රදායික වමේ පක්ෂ සාධාරණ විසදුමක් ද්‍රවිඩ ජනතාවට ලබාදීමට අපොහොසත් වීමයි. 80 දශකයේ දී පැවැති දේශපාලන වාතාවරණය නිසා මොණරාගල, අනුරාධපුර, මාතර ගාල්ල, බදුල්ල, හම්බන්තොට හා කුරුණෑගල දිස්ත්‍රික්කවල දේශපාලන නායකයින් විශේෂයෙන්ම බලය ඛෙදීම සදහා කථා කළ හා කටයුතු කළ නායකයින් තමුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු විය. විශේෂයෙන්ම බලය ඛෙදිම වෙනුවෙන් කථා කළ නායකයින් තමන්ගේ ජිවිත ප්‍රජා කළේ බලය ඛෙදීම පිළිබද කථා කල නිසාවෙනි. එසේ ජීවිත පුජා කර සාධාරණ විසදුමක් ලබාදීමට කටයුතු කළත් දකුණේ අපේ සිංහල ජනතාවට සත්‍ය අවබෝධ කර දීමට අපහසු වී තිඛෙනවා. අපිට වැරදුනේ කොතන ද දකුණේ ජනතාවට ෆෙඩරල් යන වචනය තවමත් නිරවද්‍ය ලෙස ගම්‍ය වී නැහැ.

1947 සිට 2017 දක්වා අවුරුදු 70 ක් බලය කොළඹට සංකේන්ද්‍රණය වී තිබුනා. සෝල්බරි ව්‍යවස්ථාව මෙන්ම පළමු හා දෙවන ජනරජ ව්‍යවස්ථා වලිනුත් බලය සංකේන්ද්‍රණය වී තිබුනා. නමුත් අපේ ජනතාවට තිරසාර සංවර්ධනයක් විශේෂයෙන්ම අපේ රටේ ඒ ඒ පළාත්වල සිටින අහිංසක දුප්පත් ජනතාවට සංවර්ධනය වීමෙි ප්‍රතිඵල ලැබුනේ නැහැ. උදාහරණයක් ලෙස බස්නාහිර පළාතේ මා නියෝජනය කරන දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රීක්කය සංවර්ධනය අතින් ඉන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රීක්කවලට පිටුපසින්. මෙය කියන්නේ අප නොවෙයි. මහ බැංකු වාර්තාවලට අනුව 2012 සහ 2013 බස්නාහිර පළාතේ ඒකපුද්ගල ආදායම රුපියල් 16,124 ක්. දකුණේ එය රුපියල් 10,973 ක්, උතුරු මැද පළාතේ රුපියල් 9,877 ක්. ඌව පළාතේ රුපියල් 9,382 යි. ඒකපුද්ගල දල දේශීය නිෂ්පාදිතය බස්නාහිර පළාතේ රුපියල් 771147 කි. දකුණේ රුපියල් 453714 කි. ඌව පළාතේ රුපියල් 446138 කි. සබරගමුව පළාතේ රුපියල් 392913 කි. බලය අවුරුදු 70 ක් තුල කොළඹට සංකේද්‍රණය වීම තුළ දකුණේ සිංහලයින්ටත්, උතුරේ ද්‍රවිඩ ජනතාවටත් සංවර්ධනයේ නියම ප්‍රතිඵල ලැබුනේ නැහැ. අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ සමාකාමි රටක්. අප දේශපාලය පාවිචිචි කළ යුත්තේ එයටයි.”

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමෙින්තු මන්ත්‍රී චතුර සේනාරත්න, පාර්ලිමෙින්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් යන මහත්වරු, විදේශ නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

89 views

19 Comments to “දෙමල සන්ධානය ඊළම ඉල්ලන්නේ නෑ.. ඉල්ලන්නේ ෆෙඩරල් පමණයි.. ෆෙඩරල් ගැන අප හිතන්නේ වැරදියට..- රාජිත”

  1. LION says:

    අපේ මුතුන් මිත්තන් විසින්ද වර්තමානයේ රණවිරුවන් විසින්ද දිවි පුදා දිවි කැපකොට ආරක්‍ෂා කළ මේ රට “නොබෙදුණු” වචනය ඉදිරියට දමා සියලු බලතල දෙමින් දෙමළ දේශපාලනඥයන්ට තැටියක දමා දීමට මේ රජය සැරසේ. ප්‍රභාකරන්ට යුද්දෙන් දිනාගත නොහැකිවූ දේ අද සම්බන්ධන් ඉතා පහසුවෙන් ලබා ගනිමින් සිටී. එය සාධාරණ කිරීමට සිංහලයන් යෑයි කියාගන්නා පිරිසක්‌ද එක්‌ව සිටී. මහ බැංකු අධිපති, භාණ්‌ඩාගාර ලේකම්, මුදල් ඇමැති, අග්‍රවිනිශ්චකාර තුමා, නගරාධිපති දෙමළ ජාතිකයන් බව ඔවුහු අමතක කරති. කොළඹ සිංහලයන් සුළුතරයක්‌ බවද ප්‍රකාශ නොකරති. අද රටේ තොග වෙළෙඳ පොළ හසුරුවන්නේ, රටේ ප්‍රධාන ව්‍යාපාර සියල්ලක්‌ම භාරව සිටින්නේ කෝටි ප්‍රකෝටිපති දෙමළ ජාතිකයන් බවද නොදන්නා සේ සිටී. සාමාන්‍ය දෙමළ ජනතාවට ඊළම අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය සිංහලයන් සමග සමගියෙන් විසීමය.ෆෙඩරල් අවශ්‍ය වන්නේ බෙදුම්වාදී දුෂ්ට දෙමළ දේශපාලනඥයින්ට සහ රාජිත වැනි නරුමයන්ටය.

    • Saturn Rings says:

      වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහලම ලොක්කන් ඉන්නේ ප්‍රධාන කාර්‍යාලයේ 3 වෙනි තට්ටුවේ. ඒකෙ ගිහින් බැලුවොත් කාමර පෝලිමේ ම ඉස්සරහ ගහල තියෙන්නෙ දෙමල නම්. නමුත් රාජිත වැනි පරයන් නිසා ලෝකෙට යන්නේ වෙන අදහසක්.

  2. sinha le says:

    අද රට තීරණාත්මක සන්ධිස්‌ථානයකට පැමිණ තිබේ. බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව ඇස්‌ කන් ඇර සිටිය යුතුවේ. අසත්‍ය ප්‍රචාරකරමින් රට පාවා දෙන්නන්ද, රට බෙදීමට පිඹුරුපත් සකසන්නන්ද හඳුනාගත යුතුවේ. මවුබිම ආරක්‍ෂා කිරීමට ලක්‍ෂ ගණන් දිවිපිදූ අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් එවන් ෙද්‍රdaහීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට ඉදිරියේදී කාලය එළඹෙන බැවිනි.

  3. gavin gunawardane says:

    උඹ හිතනා විදිහ දන්නෙත් උඹ පමණී
    අප හිතනා විදිහ දන්නෙත් උඹ පමණී
    දැනුනිද නොදැනුනිද අප හට නම් දැනුනී
    උඹ දන්නේ නැති බවවත් උඹ නොදනී

  4. Dr. M.O.I..paala says:

    මාමේ මම ඉල්ලන්නේ ලොකු දුව විතරයි.පස්සේ බාලදුවත් ගන්නම්. නැනදම්මත් ආච්චිටත් කරලා ඉවර වෙලා උබටත් නින්ද ගය වෙලාවක ඔය පනිට්ටු කටටත් දෙන්නම්කො.

  5. ෴හෙළයා෴ says:

    තිස්ස අත්තනායක කිවූ කූඨ ලේඛණ එලියට පනින්නේ දැන් බව කාටත් අවබෝධ විය යුතුය​.මේ රාජිතගේම ප්‍රකාශ බව එකහෙලා පිලිගත නොහැක​.රාජිතගේ ප්‍රකාශ සම්බන්ධව විරෝධයක් නොදක්වන රජයේ පාර්ශවයන් නොකියා කියන්නේ ඒ ඔවුන්ගේද කැමැත්ත බව නොවේද​?මේ වූ කලී මැතිවරණ පොරොන්දු ඉටු කිරීමකි.ලක්‍ෂ පනස් අටත් ලක්‍ෂ හැට දෙකත් අතර වෙනස ගත් කල එය මනාව පැහැදිලිය​.දකුනේ අන්දමන්ද වී කිසිදු පරමාර්ථයකින් තොරව චන්දය පාවිච්චි කල අයත් උතුරේ තම ඉල්ලීම් දිනා ගැන්මම ඒකායන පරමාර්ථය කරගෙන චන්ද පාවිච්චි කල උන්ගේත් වෙනස අවබෝධ කර ගත යුතුය​.උතුර දිනා ඇත​.දකුණට කෙලවී ඇත​.දේශපාළකයින් සමත්‍ වී ඇත.ජනතාව අසමත් වී ඇත​.

  6. ගැමුණු says:

    යමපාලන ආණ්ඩුව දිගටම ගෙනයන්න උතුරේ නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්දයි මෛත්රිගේ හ්රීලංකා ඡන්දයි යූඑන්පී ඡන්දයි රැකගනින තාත්තා සහ පුතා ගෙනයන කපටි ව්‍යාපාරයේ ආරම්භය.

Main News