දෙමල සන්ධානය උතුරේ ජනසංහාර සතිය සැමරුම් අරඹයි..

May 13, 2019 at 12:00 pm | lanka C news
දෙමල සන්ධානය උතුරේ ජනසංහාර සතිය සැමරුම් අරඹයි..

යුද්දය හේතුවෙන් මිය ගිය උතුරු නැගෙනහිර සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජනසංහාර සතියක් නම්කොට උතුරු නැගෙනහිර ස්ථාන කිහිපයකදී ඔවුන් සිහිපත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් කියා සිටියේය.

හිටපු මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ ජනසංහාර සතිය ඊයේ (12) දිනයෙන් ආරම්භ කරමින් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි යුද්දය හේතුවෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පහන් දල්වා මිය ගිය වැසියන්ට ගරු බුහුමන් දැක්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

මේ අනුව මැයි 12 වනදා සිට 18 වනදා දක්වා ජනසංහාර සතිය ලෙසින් නම් කොට ඇති බවටත් ඊයේ දිනයේදී අවසන් යුද්දය පැවති මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් ආරම්භ කිලිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිටදී මිය ගිය වැසියන් සහිපත් කිරීම සිදු කළ අතර අනතුරුව වව්නියාව බණ්ඩාර වන්නියන් ප්‍රතිමාව ඉදිරිපිටදීද සිහිපත් කිරීම සිදු කරනු ලැබීය.

අනතුරුව අද (13) දිනය වන විට මන්නාරම දිස්ත්‍රීක්කයන්හි ජනසංහාර සතිය සිහිපත් කොට හෙට (14 ) දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ සිදු කිරීමට නියමිත බවටද සිවාජිලිංගම් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේය.

රටේ පවතින අයහපත් වාතාවරනය අනුව ජන සංහාර සතිය සිහිපත් කිරීමේදී වැඩි පිරිසක් එක් රැස් නොකරගන්නා ඉතා කුඩා කණ්ඩායම් රැස් වී මෙම සැමරීම් සිදු කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

15 Comments to “දෙමල සන්ධානය උතුරේ ජනසංහාර සතිය සැමරුම් අරඹයි..”

  1. LION says:

    සිවාජිලිංගම් කියන්නේ මිනීමරු පිරපාකරන්ගේ මස්සිනා මුගේ නංගිගේ බදින්න හිටිය පාසල් මිතුරාව පිරපාකරන් මරාදමා මුගේ නංගිව බලෙන් විවහකරගත්තා මු ගැන ලැජ්ජයි

  2. ගරසරප says:

    How about LTTE and ISIS celebrate this together. I wonder what Mr Mangala Samaraweera has to say.

  3. amaris aiya says:

    These unfaithful sakkiliya buggers are going to start their old game again, to sling mud at our brave security forces….We request the Govt. to withdraw every security unit sent to North & East recently, after the ISIS violence… Hope those people have not forgotten the Kaththankudi Mosque Janasanharaya by these sakkiliyas…

  4. මුන්ට ආරක්ෂාව දෙන්න හොඳ නෑ. උතුරේ ජනතාව පලිහක් විදිහට තියාගෙන අන්තිම සතියේ මිනිමැරුවේ L.T.T.E මිලේච්ඡයෝ. උන්ව විනාශ කිරීම ජන සංහාරයද?. තොපේ ජනයා සංහාරය කරන්න ISIS එනකොට අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව ඉල්ලනේ ඇය?