දෙමල සන්ධානය කළඹමින් විග්නේශ්වරන් පක්ෂයේ වැඩ අරඹයි..

November 7, 2018 at 8:40 am | lanka C news
දෙමල සන්ධානය කළඹමින් විග්නේශ්වරන් පක්ෂයේ වැඩ අරඹයි..

උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා  දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ආරම්භ කරන ලද ටී.එම්.කේ. නොහොත් දෙමළ ජනතා පෙරමුණ වටා ජනතාවට එක් වන ලෙස ආරාධානා කරමින් මේ දිනවල කිලිනොච්චිය පුරා පෝස්ටර් අලාවා ඇත.

උතුරු පලාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා විසින් යාපනය දිස්ත්‍රීක්කයේදී නව පක්ෂය ආරම්භ කරද යාපනය දිස්ත්‍රීක්කයෙන් මැතිවරන ප්‍රචාරන කටයුතු ආරම්භ නොකොට කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් ආරම්භ කිරීම විශේෂත්වයක් වී ඇත.

කිලිනොච්චියේ අලවා තිබූ විග්නේශ්වරන් මහතාගේ රුව ඇතුලත් ටී.එම්.කේ. පක්ෂයෙ පෝස්ටර්හි සඳහන් කොට තිබුනේ

‘දෙමළ ජනතාවනි ඔබලා ආරක්ෂා වීමට අවශ්‍යනම් හා ඔබලාට මේ රටේ අයිතිවාසිකම් අවශ්‍යනම් ”දෙමළ ජනතා පෙරමුණ වටා එක්වන ලෙසත් දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරු බවට ටී.එම්.කේ.පක්ෂය පත්ව ඇති අතර සෙසු දෙමළ පක්ෂ ජනතාවගෙන් ඡන්දය ලබාගෙන වෙනත් දේශපලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණ බැවින් දෙමළ ජනතා පෙරමුන වටා එක්වන ලෙසට ආරාධානා කරමින් එසේ අලවා තිබූ පෝස්ටර් මගින් දැණුම් දී තිබුණි.

කිළිනොච්චියේ නගරබද මෙන්ම ගම්මාන වලද නව දේශපාලන පක්ෂයේ පෝස්ටර් අලවා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,208 Viewers

4 Comments to “දෙමල සන්ධානය කළඹමින් විග්නේශ්වරන් පක්ෂයේ වැඩ අරඹයි..”

  1. Boo says:

    “දෙමළ ජනතාවනි ඔබලා ආරක්ෂා වීමට අවශ්‍යනම් හා ඔබලාට මේ රටේ අයිතිවාසිකම් අවශ්‍යනම් ””……” දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරු ….”

    ප්‍රභාකරන් කිවුවේත් ඕකමයි, ඒ කාලේ වගේම බත් කන එළුවෝ හරක් උතුරේ ඉන්නවනං ආපහු ඔය කතා වලට අහුවෙයි. අපි සතුටින් බලාගෙන ඉමු.

    • මලිති says:

      සහතික ඇත්ත. මුන් හැමදාම කලේ අසරණ දෙමළ ජාතිකයින්ගේ කරපිටින් ඇවිත් තනතුරු අරන් සුරසැප වින්ද එකයි.මේ හිටපු අවුරුදු තුනට එක ගෙයක්වත් හදලා දුන්නේ නෑ කියල ජනාධිපතිම කිව්වේ.

      • Ranga Bandara gelioya says:

        owunta swayan ayithiya denna , eyai owun hata one , persist wdi nowanna

        • sky says:

          Ban ,Wigneshvaran’s political activities ..He is dangerous to our society
          The danger of the past was that Tamils became LTTE terrorists . The danger of the future is that tamil men may become Eelam political leaders

Main News