දෙමල සන්ධානය සජිත් පිලට විරුද්ද වේ.. රනිල්ගේ විධායක අහෝසි කරන උගුලේ සජිත් පිලම වැටේ.. දැන් ඡන්ද ලක්ෂ 10ක් අහිමියි…
September 20, 2019 at 12:02 am | lanka C news
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ වන යහපාලන කණ්ඩායම් සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඔහු එමගින් කියා සිටින්නේ විධායකය අහෝසියට විරෝධය පෑම මගින් එම කණ්ඩායමේ ආත්මලාභය සහ අවස්ථාවාදිත්වය පෙන්නුම් කරන බවයි.
නවතම තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතා හිතවාදී කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නොලැමට වැඩිම ඉඩක් ඇත.
දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්රකාශකවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් මත පළකරමින් ඇත්තේ අගමැතිවරයා විසින් සිතා මතා අටවන ලද උගුගත සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම ඇද වැටී ඇති බවයි.
මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඡන්දය ඉල්ලීමට කටයුතු කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයද යහපාලන කණ්ඩායමෙන් ඉවත් කිරීමට අගමැතිවරයා උපක්රමිකව කටයුතු කර ඇති බව ඔවුන් පෙන්වාදෙයි.
මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වුවද ඔහුට අමතරව ඡන්ද ලක්ෂ 10 ක් දැනටමත් අහිමි වී ඇති බව ඔවුන්ගේ අදහසයි.
Don’t worry, TNA has only 4 lak votes at current condition
Kohomadha Ranilge Tikiri Mole?
කලු සුද්දන්ගේ ඉදිරි පෙල මෙහෙයවන්නේ දෙමළ සන්ධානයයි
UNP මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක් සහ පෙරමුණේ අනිත් සෑම පක්ෂයක්ම ඉන්නේ සජිත්ගේ පැත්තේ මේ පාර නම් රනිල්ට නෝ චාන්ස් , UNP එකෙන් ඉදිරිපත් කළ හැකි ජනප්‍රියම අපේක්ෂකයා තමයි සජිත් , මේ ගෙවී යන්නේ රනිල්ගේ දේශපාලන ජීවිතයේ අවසාන කාලයයි
සජිත්ට දෙන්නේ ජනාධිපති අපේක්ශකකම මිසක් පක්ශ නායකකම නෙවෙ. සජිත් පැරදුනාට පස්සෙ රනිල් දිගටම පක්ශ නායක. සජිත් කොහොමත් කොන්ද පණ නෑ අලුත් පක්ශයක් හදන්න.
මේ ඡන්ද ලක්ෂ 10 අල්ලා ගන්නා ක්‍රමය හඳුනා ගැනීම……..ම්….ම්…..
සිරිසේන රනිල් ජෝඩුව එකම වල්ලෙ පුහු පොල්. ජනාධිපතිවරණයක් කැඳවල තියන අවස්ථාවෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යෝජනා කරන්නෙ බල ලෝබී උන්මත්තකයො පමනය්. මෙම සදාචාර විරෝධී ප්රජාතන්ත්ර විරෝධී යෝජනාවට පක්ෂ උන් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතාව ප්‍රතික්ෂේප කල යුතුය්.
TNA EKATH LOKU WALAKA WATUNA.DAN ITIN MADA KAKA INNA.DUNNA NIDAHASA AYUTU WIDIYATA PAWICHCHI KARANNA GIYA.SORRY MA TAMA.SAMARISI RALATA EKATU WEI.🤣🤣🤣🤣🤣🤣
සුමන්තිරන්ලාට ඕනෙ කට්ට කෛරාටිකයෙක් මිස ගොං හරකෙක් නෙවෙයි.
ඕකයි උන් අකමැති හේතුව බොලව්.
සුමන්දිරන්ලට ලක්ෂ දහයක් දැන් නෑ. උන්ට වඩා දැඩි මත ධාරී එල්ටීටීය වෙනුවෙන් පෙණී සිටින දේශපාලන කණ්ඩායම් විග්නේෂ්වරන් බිහි කර ඇත