දෙමල සන්ධානය සයිනයිඩ් කා මිය ගිය කොටි සාමජිකයන් යාපනයේදී සමරති..
June 6, 2018 at 1:20 pm | lanka C news
එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවති සමයේදී සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු සාමාජිකයා වූ පොන් සිවකුමරන් මිය ගොස් අදට (05) වසර 44 ක් පිරීම නිමිත්තෙන් ඔහු සිහිකරමින් උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් පහන් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
යාපනය උරුම්පිරායි පොදු වෙළඳසැල ඉදිරිපිට පිහිටි පොන් සිවකුමරන් මහවිරුවාගේ පිලිරුව ඉදිරිපිටදී අද උතුරු පලාත් මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් පහන් දල්වා මිය ගිය මහවිරුවා සිහි කිරීමේ වැඩසටහනට එක් වීය.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනයේ පිහිටි බැංකු මංකොල්ල කන කාල වකවානුවේදී යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි බැංකුවක් මංකොල්ල කන බවට යාපනය පොලීසිය තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය විසින් අදාල බැංකුව වටලන අවස්ථාවේදී බැංකු මංකොල්ල කමින් සිටි පොන් සිවකුමරන් නැමත්තා පොලීසියට හසුවීමට ආසන්න අවස්ථාවේදී ඔහු සමීපයේ තිබූ සයිනයිඩ් කරලක් කා මිය ගොස් ඇත.
මේ හේතුවෙන් සයිනයිඩ් කා මිය ගිය පළමු මහවිරු ශිෂ්‍ය සාමාජිකයා වශයෙන් පොන් සිවකුමරන් නැමත්තාගේ පිලිරුවක් උරුම්පිරායි ප්‍රදේශයේ ඉදිකොට තිබූ අතර යුද්දය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ විසින් අදාල පිලිරුව ඉවත් කලද 2017 වසරේදී එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් නැවත මෙම පිලිරුව ඉදි කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හරිම ෂනීපයක් දැනෙනවා මේවා අහද්දි දකිද්දි…….. එහෙම අත්දැකීමක් අපට විදින්න දුන්න ලක්ෂ 62 ක වෘෂභ සෙට් එක හද පිරි මෙව්වා එකෙන් යුතුව සිහිපත් කරනවා…..
Oka samaranna thibune Araliya gaha mandire hari Janadi pathi mandirene. eka wadi ataka naha.
hitanta mewa hodai habai media thamai wairadi