දෙමල සන්ධාන නායක මධ්‍යම කමිටුව මුලතිව්හීදී රැස්වෙයි..

June 18, 2018 at 2:06 am | lanka C news
දෙමල සන්ධාන නායක මධ්‍යම කමිටුව මුලතිව්හීදී රැස්වෙයි..

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කමිටු රැස්වීම 16 දින මුලතිව්හි පිහිටි පෞද්ගලික හොටලයකදී රැසිවිය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම සඳහා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු එම පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත්සභා මැති ඇමතිවරුන් සහභාගී වූහ.

මෙවර ඉලජගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කමිටු රැස්වීම තැබීමට පෙර මුලතිව්හි වසරකට වැඩි කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කල අතර එම ගැටලුද සමගින් විසඳුම් සඳහා මෙවර ජිනීවා සාකච්ඡා වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සහභාගීත්වය මතය පිළිබඳ වූ විශේෂ කරුණු සම්බන්ධයෙන් මෙම කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡා කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views