දෙමල සන්ධාන මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට එක්වෙන්න පණිවුඩය එවයි..

August 14, 2020 at 3:21 am | lanka C news
දෙමල සන්ධාන මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවට එක්වෙන්න පණිවුඩය එවයි..

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක් විම සඳහා කැමැත්ත පළ කර ඇත.

නැගෙනහිර පළාත නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් හරහා මෙම පණිවිඩය ලබා දී තිබේ.

නමුත් ආණ්ඩුව එයට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව වාර්තා වෙයි.

දෙමල සන්ධානය මෙවර මැතිවරණයෙන් ඇති වූ පසුබෑම හා එම පක්‍ෂයේ අභ්‍යන්තර බෙදීම් හේතුවෙන් මන්ත‍්‍රීවරුන් අඩක් පමණ කලකිරී සිටින බවද එම මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

49,629 views
Main News