‘TNA අයවැයට ඡන්දය දෙන්නේ ඇයි’… අපට පහදනු.. – TNA ශිවශක්ති ආනන්දන් පාර්ලිමේන්තුවේදී පළු ආරී..
March 9, 2019 at 3:50 pm | lanka C news
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ශිවශක්ති ආනන්දන් මහතා අයවැය විවාදයට එක්වෙමින් දෙමළ ජාතික සංධානයට දැඩි විවේචනාත්මක අදහස් පළ කළේය.
ඔහු සදහන් කර සිටියේ දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර අයවැයට සහාය දෙන්නේ නම් ඒ කුමන පදනමක් මතද කුමක්ද කුමන හේතුවකට දැයි උතුරේ ජනතාවට පැහැදිලි කළ යුතු බවයි.
එමෙන්ම මෙවර අයවැය යෝජනාවලිය මගින් කර ඇති යෝජනාවක් වන අතුරුදහන් පුද්ගලයෙකුට රුපියල් 6000 ක දීමනාව හිඟන්නෙකුට ලබාදෙන රුපියලක් වැනි යැයි ද ඔහු කීවේය.
ශිවශක්ති ආනන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයෙන් වසර දෙකක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ අදහස් පල කිරීමට වෙලාව ලබා නොදුන් අතර ඊයේ දිනයේදී ඔහු අදහස් පළකරන ලද්දේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ලබාදුන් කාලයකදීය.
අතුරුදන් වුන කෙනෙකුට 6000 ක් දෙනව කිවිවට ෂුවර් කරන් ඉන්න එපා ආයිබෝං.
බලාපොරොත්තු කඩ උනාම දුක ඇති වෙනවා.
මම තාම මට දෙනවා කිවුව බ්රේස්ලට් එක ගන්න බලන් ඉන්නවා.
කොහොම වුනත් බ්රේස්ලට් දීලා සල්ලි ඉතුරු වුනොත් විතරක් අතුරුදහන් වූ අය ගැන බලන්න කියලා අපි නායක තුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඇයි ගිය අවුරුද්දෙ පාසල් ලමුන්ට දුන්න ටැබ්ලට් එක හම්බ වෙනකන් කොල්ලො කෙල්ලො බලං ඉන්නවා. උන්ට ගිය අවුරුද්දෙ හම්බ වුනේ එකම ටැබ්ලට් එක ඉතිං උණ හෙම්බිරිස්සාවට දෙන ටැබ්ලට් තමා