දෙමළෙන් බණ කියන.. දෙමළ දරුවන් මහණ කරන පන්සලක් කන්කසන්තුරේ..

August 23, 2018 at 4:40 pm | lanka C news
දෙමළෙන් බණ කියන.. දෙමළ දරුවන් මහණ කරන පන්සලක් කන්කසන්තුරේ..

තිස් වසරක යුද්ධයෙන් පසු උතුරු පළාතේ විහාරස්ථාන හා රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්වී ඇති අතර එම විනාශයෙන් බරපතල හානියට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.

බුද්ධශාසන අමාත්‍යාංශයේ මුදල් ප‍්‍රතිපාදන හා පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය දායකත්වය මත සංඝාවාසයක් සහ ධර්ම ශාලාවක් සහිත මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු විහාරාධිපති ශාස්ත‍්‍රපති පාතකඩ විමලඤාන ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම මත සිදු කිරීමට නියමිතය.

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය. ”බෞද්ධාගම හැර ලෝකයේ වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක දේව රූප හෝ වෙනත් ආගමික නායකයන්ගේ ස්ථුප තැන්පත් කිරීමට හෝ වන්දනාමාන කිරීමට ඉඩකඩ නැහැ. නමුත් බෞද්ධාගමේ එහෙම සීමා මායිම් පනවා නැහැ. බෞද්ධාගම බලහත්කාරයෙන් කිසිවකුට බැඳීම් සඳහා උපදෙස් දෙන්නෙත් නැහැ. ඒ අනුව බලන කළ සහජීවනයට සංහිඳියාවට නායකත්වය දෙන්නේ බෞද්ධාගමෙන් බව අපට හොඳහැටි පැහැදිලි වෙනවා.

අද ඉදිකිරීම් සඳහා මුල්ගල් තබන මෙම විහාරස්ථානයේදී අනාගතයේ දෙමළෙන් බණ අහන්න දෙමළ අය මහන කරන්න හැකියාවක් ලැබෙන ස්ථානයක් වේවායි මම ප‍්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ස්ථානය පදනම් කරගෙන බෙදීම් ඇති කරන්න ආගම් අතර භේද ඇති කරන්න කටයුතු නොකරන තැනක් බවට පත්වේවා යයිද මම ප‍්‍රාර්ථනා කරනවා. එසේම මෙම ස්ථානය මනුුෂ්‍යත්වයේ හා සංහිඳියාවේ මූල කඳවුරක් වේවා යයිද මම ප‍්‍රාර්ථනා කරනවා.
බුදුන් වහන්සේට පුළුවන් වුණානම් ජාති කුල මල භේද වලින් තොරව කටයුතු කරන්න, ඒ ආගමේ අනුගාමිකයන් වන අපටද සියලූම භේද වලින් තොරව කටයුතු කළ හැකි විය යුතුයි.

බෞද්ධාගම කොහේ තිබුණත් චීන බුද්ධාගම, තායිවාන බුද්ධාගම, බුරුම බුද්ධාගම, ජපන් බුද්ධාගම කියලා වර්ග කරලා නැහැ. බෞද්ධ ධර්මය කොහේ තිබුණත් කොහේ පැතුරුවත් එකම ධර්මයයි තියෙන්නේ. මහත්මා ගාන්ධිට, නෙල්සන් මැන්ඩෙලාට ප‍්‍රථම ලොවට සමානාත්මතාවය ප‍්‍රකාශ කළේ බුදුන් වහන්සේයි. මේ විහාරස්ථානය වෙනත් ආගම් වලට, වෙනත් බැතිමතුන්ට අභියෝග කරන තැනක් විය යුතු නැහැ. මෙම විහාරස්ථානයේ සියලූම වැඩ කටයුතු මනුෂ්‍යත්වය පදනම් කරගෙන කළ යුතුයි. දකුණු පළාතෙන් උතුරට එන බැතිමතුන්ට නවාතැන් ගන්න පුළුවන් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වැඩි දියුණු විය යුතුයි.

1954 පස් වැනි මස 17 වැනි දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තතෙන් මෙම විහාරස්ථානයේ, පුණ්‍යෝත්සවයක් සංවිධානය කර තිබූ බවට අදාල දැන්වීමක් මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන්වහන්සේ විසින් මාවෙත ඉදිරිපත් කර තිබෙනවා. එසේම 1946 දෙසැම්බර් 18 වන දින ලියාපදිංචි කර ඇති මෙම විහාරස්ථානයේ ඔප්පුව සහිත ලිපි ලේඛණ පවා උන්වහන්සේ මා වෙත ඉදිරිපත් කළා. ඒ නිසා මා මෙහිදී පැහැදිලිවම සඳහන් කරනවා මෙම විහාරස්ථානයේ අලූතින් ඉදිකිරීමක් හෝ ඉඩම් අලූතින් ලබාදීමක් හෝ නොවන බවට. මෙම විහාරස්ථානයට ෙඓතිහාසික වටිනාකමක් තිබෙනවා. මෙම විහාරස්ථානයට අදාල ඉතිහාසගත තොරතුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. එම සියලූම ලිපි ලේඛණ පිළිගත් නිසා තමයි යාපනය දිස්ත‍්‍රික් ලේකම්වරයා මෙම විහාරස්ථානයට අදාලව නව ඉදිකිරීම් සඳහා බලපත‍්‍රය හා අවසර පත‍්‍රය ලබාදී තිබෙන්නේ. මෙම විහාරස්ථානයේ මුල් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩසිටි කළුතර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ අත් අකුරින් විහාරස්ථානයට අදාලව ඉදිරිපත් කළ ලිපි ලේඛණ පවා මා දැක ත’ිබෙනවා. එමනිසා මෙම විහාරස්ථානයේ වර්තමාන ඉදිකිරීම් සැබවින්ම ෙඓතිහාසික පැරණි විහාරස්ථානයක් සංවර්ධනය කිරීම බව මෙහිදී මා අවසන් වශයෙන් සඳහන් කරනවා”.

මෙහිදී යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරස්ථානයේ විහාරාධිපති කළුතර වීරවර්ධනාරාමයේ විහාරාධිකාරී ශ‍්‍රාස්ත‍්‍රපති පාතකඩ විමලඤන ස්ථවිරයන් වහන්සේ පිළිගැනීමේ කතාව කළහ.

මෙම අවස්ථාවට උතුරු පළාතේ බෞද්ධාගමික නායකයින් සහ ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ සිටියහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

112 views

13 Comments to “දෙමළෙන් බණ කියන.. දෙමළ දරුවන් මහණ කරන පන්සලක් කන්කසන්තුරේ..”

  1. Love nature says:

    Like Christianity and Islam and Judaism, Hinduism can be seen as a mythology.

    • Brahmana says:

      This Devaka guy is full of Catholic action; hates Buddhism and its followers.

    • Love nature says:

      ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ බි.ආර්.අම්බෙක්කාර් ඩාලිත් කුලයට අයත් වුවෙකි. ඔහු හින්දු ආගම අතහැර බුදු දහම පිළිගත්තේ කුල වාදයෙන් නිදහස් වීමටය. එ් 1951 දීය. මා උපත ලැබුවා වුවද, හින්දු ආගමික යෙකු වශයෙන් මා මිය යන්නේ නැත යන ඔහු ගේ ප‍්‍රකට කියමන සිහිපත් කළ යුතුය.

    • Amda says:

      You are the biggest myth Devaka

      Buddhism is a philosophy ..and definitely idiots like you cant understand

  2. siri says:

    ..තේරුමක් න්;අති අනවශ්‍ය වැඩක්..

    • Point Blank says:

      තේරුමක් නැති අනවශ්‍ය වැඩක් …. in the eyes of LieTTE supporters!

    • Ane mage kata says:

      Sirita sira gahala neha neva. Ahenam karanna thiyenne galavumkaruta galavenna berividiyata ana gahapu laanchane aragenagos hama bim angalakama thiyana eka neva.

  3. sakalabujan says:

    Buddhism need to expand North ans east. Established new temples and village in order to protect peach among peoples

    • Wijebahu says:

      I think you mean peace.

      Yes, of course, not only that; those who were chased away by Velu from North and East should also
      be resettled in their original places, if a real peace is to happen.

  4. ‍ජ‍හ‍ම‍න‍ය says:

    “පන්සලට අයත් ලිපිලේඛණ ඉපැරනි නිසා තමයි යාපන දිස්ත්‍රික් ලේකම් තුමා
    මේකට අනුමැතිය දෙන්නෙ මේ පන්සල හදන්න” කියල රෙජිනොල්ඩ්තුමා
    කියනව.ඒ කියන්නෙ අළුත් පන්සලක් නම් හදන්න දෙන්නෙ නැහැ කියලනෙ
    කියන්නෙ.එතෙකොට ඔය තියරිය ම දකුණටත් බලපෑවොත් අළුතෙන් කෝවිල් සහ
    පල්ලි හදන්න ඉඩදෙන එක වැරදියි නේද.

    • A citizen says:

      For to be fair for all the religions and races, the current rulers should take immediate steps to resettle the Sinhala people in Jaffna , it’s suburbs and in the Northern and Eastern provinces ,who have been living there for decades ,prior to the LTTE brutal terror period and who were chased out by threatening , while some were killed by the terrorists such as the fate of the Sinhala people traveling on the Water train.While more than half of the Tamil population live happily in the south , they donot allow legitimate past settlers to be resettled in their old residences. Who are the real Racialists???

  5. sunimal says:

    යම් තැනක තථාගත ධර්මය ඇත්ද එතැන මාගේ උපත වේවා….!!! – අම්බෙක්කාර් තුමා

    https://www.youtube.com/watch?v=N6NsjXiTYyI&list=UUmvpt-fH7kH3gVoa-wd2kOA

Main News