‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා’ ගෞරව නාමයෙන් සුමන්තිරන් පිදේ.. මල්මාලා දමා පෙරහැරකින් කැදවාගෙන යයි.. උතුර සැණකෙලි සිරි ගනී..

January 17, 2019 at 6:48 pm | lanka C news
‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා’ ගෞරව නාමයෙන් සුමන්තිරන් පිදේ.. මල්මාලා දමා පෙරහැරකින් කැදවාගෙන යයි.. උතුර සැණකෙලි සිරි ගනී..

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරු කොට සුමන්තිරන් මහතාට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා යනුවෙන් ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී ඊයේ (16) සවස පැවත්වීය.

“දෙමළ ජනතාව‍ගේ ආරක්ෂකයා පිළිගනිමු“ යනුවෙන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් සුමන්තිරන් මහතාට මල් මාලා පළඳවා පේදුරුතුඩව වැසියන් විසින් පිළිගැනීම එහිදි සිදු කරනු ලැබීය.

පසුගිය සමයේ ඇතිවු දේශපාලන අර්බුද හමුවේ අදාළ දේශපාලන අර්බුද ප්‍රයෝජනයට ගනිමින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම මඟ පාදා ගැනීම හා දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා දීමට කටයුතු කළ බවත් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම වෙනුවෙන් රජය වෙත බලපෑම් කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට සුමන්තිරන් මහතා කටයුතු කිරීම නිසා මෙම පිළිගැනීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පැවසීය.

සුමන්තිරන් මහතා වෙත මල් මාලා පළඳවා පෙරහැරකින් කැඳවා ගෙන එමින් සුමන්තිරන් මහතා පිළිගැනීම හා ගෞරවය පිරිනැමීම සිදුකළහ.

එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කියා සිටයේ,

‘දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් මේ වසර තුල ලැබෙන්න ඕන කියලා හිටපු ජනපති මහින්දරාජපක්ෂ මහතා තෛපොන්ගල් පණිවිඩයෙන් සඳහන් කරල තිබුනා අපි ඒකට ඔහුට ස්තූති කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එතුමත් එකතු වෙන්න ඕනයි කියලා අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආරාධනා කරනවා රට බෙදීමකට ලක්කරන කිසිදු ආකාරයක යෝජනාවක් නව ව්‍යවස්ථාවේ ඇතුලත් වෙලා නැහැ රටතුල බලය බෙදන යෝජනා පමණයි ඇතුලත් වෙලා තියෙන්නේ අපි ඉල්ලන්නේ එක දෙයයි එක රටක් තුල කටයුතු කිරීමට කිසිම ගැටලුවක් නැහැ අපි කියන්නේ නව ව්‍යවස්ථා ක්‍රියාවලියට හිටපු ජනාධිපතිතුමන් එකතු වෙන්න ඕන කියන එකයි…යනුවෙනි.

වැඩසටහන් අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,673 Viewers

15 Comments to “‘දෙමළ ජනතාවගේ ආරක්ෂකයා’ ගෞරව නාමයෙන් සුමන්තිරන් පිදේ.. මල්මාලා දමා පෙරහැරකින් කැදවාගෙන යයි.. උතුර සැණකෙලි සිරි ගනී..”

  1. LION says:

    ගංවතුරෙන් මුන්ගේ පන බේරාදුන් දකුණේ අයට කම්මුල් පහරක්

  2. Head says:

    අහිංසක දෙමළ ජනතාව දන්නෙ නෑ මේකා තමා කලු සුද්දන්ට කියවල කොටි සංවිධාන ඇතිකෙරෙව්වෙ කියල

  3. Hesh says:

    සින්හල මිනිහගෙයි, දෙමල මිනිහගෙයි වෙනස. මහින්ද දෙමල උනානම් කවදා හරි මැරුන දවසට දෙවියෙක්ට වගේ වදිනවා නිසැකයි.

    • CAT says:

      උතුරේ දෙමල සංහිදියාව පේනවා නේද ? පිරපාකරන්ගේ කොටි අවතාරය වූ සුමන්තිරන් දැන් ගෙනි යන්නේ මල් මාලා පළඳවා පෙරහැරකින් කිසිම දිනක විශ්වාස නොකලයුතු මෙලෙච්චේද සක්කිලි ජාතිය ..මේ සුලුජාතිය අපේ රටට පිළිලක්

  4. sunil attanayaka says:

    Dakka neda apema sinhala jaathiye kalakanni dehspaluwo sinhalayantama viriddhawa atha ussaddi…anik ewun unta thiyena podi chance eken hari unge jaathiya ussala thiyanawaa….!!! ape apathayo apitama kelawanawaa…..Me seratama mula ponna Ranil athulu uooge ponna rela…unta jaathiyak janmayak naha…!!!

  5. සිංහල කොල්ලා says:

    මේ සිංහල අපගෙ රටයි – අප ඉපදෙන මැරෙන රටයි !!!

  6. Alapaluwa says:

    අපේ මේ අමන සිංහල ගොන් හැත්ත නිසා නුදුරු අනාගතයේදී මු අගමැති වෙලා තමයි නවතින්නේ.අන්න එදාට ඔය පස්ස උඩ දාගෙන කැගසුපු ප්‍රජාතන්ත්‍රවාදය කෝ කෝ කිය කියා බේරිහන් අමන හැත්තට තේරෙන්නේ මුට ගොඩාක් උඩයන්න දුන්නා වැඩියි!!

    • sayumi says:

      පේනව නේද දෙමල මිනිසුන් තමන්ගෙ ජාතියට කොයිතරම් ආදරේද කියලා. ඒකට අපේ කාලකන්නි. පිල් බෙදිලා පක්ශ බදාගෙන රට බේරා දුන් නායකයට කොයිතරම් අවමන් කරනවද? මේවා අපේ සිංහලයින්ට හොඳ පාඩම්. පක්ශ බේද අත් හැරලා රට දිනවන නායකයෙක් වටා එකතු වෙන්න දැන් කාලය හරි.

  7. Alapaluwa says:

    අපේ මේ අමන සිංහල ගොන් හැත්ත නිසා නුදුරු අනාගතයේදී මු අගමැති වෙලා තමයි නවතින්නේ.අන්න එදාට ඔය පස්ස උඩ දාගෙන කැගසුපු ප්‍රජාතන්ත්‍රවාදය කෝ කෝ කිය කියා බේරිහන්දීපු අමන හැත්තට තේරෙන්නේ.කොහොමත් අර කැරිඅලයා තමයි මුව නළවන්නේ අම්මපා මුට ගොඩාක් උඩයන්න දුන්නා වැඩියි!!

  8. ගන්ජ බන්ඩා says:

    කෑලි නවයකට වෙන් කරගෙන පාලන තන්ත්‍ර නවයක් විසින් පාලනය කොරන භූමියක් එකම රටක් වෙන්නෙ කොහොමද යකුනෙ?

  9. බන්ඩා says:

    කෑලි නවයකට වෙන් කරගෙන පොලීසි නවයක් සමග පාලන තන්ත්‍ර නවයක් විසින් පාලනය කොරන භූමියක් එකම රටක් වෙන්නෙ කොහොමද යකුනෙ? ඕකට යූනියන් එකක් කිව්ව නම් තමය් හරි.

  10. Suren says:

    මූට වෙන්නෙත් ලොකු කොටියා මැරුනවගේ නන්දිකඩාල් කලපුවෙ මැරෙන්නයි

    • vishnu says:

      සත්තකින්ම මූව මරාගෙන මැරෙන්න
      හිතන්නෙ

    • Hoo !!! says:

      එහෙම වෙන්න තියන ඉඩ අඩුයි. මොකද රනිල් තුමා ඒ රට රැකදුන් ව්රුවන්ව හිර කූඩුවල ගාල්කලා. අනේක දුක් කරදර දුන්නා ඔවුන්ට. එහෙම එකේ ආයි මේ රටේ මිනිස්සු බේරගන්න බෙල්ල දෙන්න කවුරුත් එන එකක් නෑ. රනිල්ට කඩේ යන ගොන් නාම්බන් ටික තමයි යවන්න වෙන්නෙ වැඩේට.😁

Main News