දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ඉල්ලා රජයට බල කරයි.. දෙමල පක්‍ෂ උතුරේ එක්වේ…

February 16, 2021 at 2:22 am | lanka C news
දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ඉල්ලා රජයට බල කරයි.. දෙමල පක්‍ෂ උතුරේ එක්වේ…

දෙමළ ජනතාවට ඇතිව තිබෙන ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම උදෙසා දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් නායකයින් පිරිසක් විසින් 14 සවස යාපනයේ නල්ලූර් මාර් ගයේ පිහිටි පෞද්ගලික හෝටලය විශේෂ හමුවක් පවත්වනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානය නියෝජනය කරමින් සුරේස් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ සිවාජිලිංගම්, ඊල තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිධරන් ඇතුලු පක්ෂ නියෝජිතයින් රැසක් මෙම හමුවට සහභාගී වී සිටියහ.

වත්මන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වූ ඉඩම් ගැටලු, පුරාවිද්‍යා කැනීම් , අතුරුදහන් වූ ඥාතීන්ගේගැටලු ඇතුලු ප්‍රධාන කරුනු කිහිපයක් මුල්කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

එහිදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මෙතෙක් විසඳී නොමැති මෙම ගැටලු වෙනුවෙන් ඉදිරියේදී රජයට බල කරමින් දේශපාලනික විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,005 views

5 Comments to “දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ඉල්ලා රජයට බල කරයි.. දෙමල පක්‍ෂ උතුරේ එක්වේ…”

  1. සිංහල බන්ඩා says:

    Sumanthiran’s orumittanadu is not our political solution to the North.

  2. සිංහල බන්ඩා says:

    Sumanthiran’s orumittanadu is not our political solution to the North. Unitory Sri Lanka and one country one law is the basis for any solution.

  3. Pada Demala says:

    මොනාද දෙමළුන්ට තියෙන ප්‍රශ්න ? සාමාන්‍ය දෙමල ජනතාවට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාලට ඕන සාමයෙන් ජිවත් වෙන්න.

    නමුත් බල ලෝභී දෙමල දේශපාලුවන්ට ඕන රට බෙදලා වෙන් කරන්න. ඔන්න ඕක තමා දෙමළුන්ට තියෙන එකම ප්‍රශ්නේ.

    • Ivan says:

      ලංකාවේ දෙමල ජනතාවගෙ “ප්‍රශ්නය” ලංකාව සුද්දන්ගෙන් නිදහස ලැබුවට පස්සෙ මහ ජාතිය අසාධාරණ විදිහට පාගා ගෙන ඉන්න බැරිවීම හා එසේ හිටපු කාලය ඉවර වීම. ලංකාවේ දෙමල ජනතාවගෙ “ප්‍රශ්නය” මොකක්ද කියල ඇහුවාම දෙමල නායකයන්ටත් කවදාවත් පැහැදිලි කෙලින් උත්තරයක් නැති වීමෙන් ඒක පේනවා.

  4. D.Nimal says:

    Tamils living in Island has to understand that there is any possibilities of seek separatism for “Tamil Homeland” an Island of Sri Lanka .Well establish historical facts has been proven beyond doubt that Tamil Nadu is their homeland of all Tamils decedens living in Island soil.
    Having right to lives in Tamil an Island and been accepted by majority people of Sinhalese.
    What else do Tamils wanted ? “Separate State” for Tamils was not in our political system since last 4000 to 5000 ancient times. …even modern State of Island Republic. We are a democratic country rule by ballots not by bullets of Tamil Terrorism.

Main News