දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්….

August 26, 2020 at 12:00 pm | lanka C news
දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්….

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

නම වන පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනයේ කතානායකට සුබ පැතීමට නැගීසිටි සීවී විග්නේශ්වරන් මන්ත්‍රිතුමා බොරු වැලක් පැවසුවා. දෙමළ භාෂාව ලොව පැරණිතම සජීවී භාෂාව බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් ඔහු පැවසුවා. එතුමාගේ ප්‍රකාශය වැරදි බව ඔප්පු කළ හැක්කේ එයට විරෝධය පළ කිරීමෙන් නොවේ. එය බොරුවක් බව අප කරුණු සහිතව සනාථ කිරීමෙන්. දෙමළ ජනතාව කියන්නේ දෙමළ භාෂාව බිහි වුණේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බවයි. නමුත් චීන අරාබි ග්‍රීක සහ බාස්ක් වැනි භාෂා ඊටත් වඩා පැරණි බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි.

මෙහි වඩාත් භයානක ප්‍රකාශය වන්නේ ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවට එතුමන් කළ ප්‍රකාශයයි. එය කිසිම පුරාවිද්‍යාත්මකව ඉතිහාසගත සාක්ෂි මත ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. ලන්දේසි යුගයේදී යාල්පානම් වෛපමාලෙයි ග්‍රන්තය ලන්දේසීන් විසින් රචනාකරවාගන්නා තුරු දෙමළ ජනතාවට ඉතිහාස පොතක් වත් තිබුනේ නැහැ. එම නිසා සී වී විග්නේෂ්වරන් මැතිතුමාගේ මේ ප්‍රකාශයට විරෝධය පළ කිරීමෙන් එය බොරුවක් බවට පත් වන්නේ නැහැ. බොරුවක් වන්නේ එය බොරුවක් බව ඔප්පු කිරීමෙන් ම පමණයි. එතුමා ප්‍රකාශ කරන්නේ පට්ටපල් බොරුවක් බව ඔප්පු කිරීමට මා සූදානම්. එ බැවින් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව ද කියන කාරණය පිළිබඳව මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සීවී විග්නේෂ්වරන් මන්ත්‍රිතුමාට මා අභියෝග කරනවා. එතුමා සතු සියලුම සාක්ෂි රැගෙන එන්න. ඒ සියල්ල පදනම් විරහිත බව ඔප්පු කිරීමට මා සූදානම්.

ජාතියේ වාසනාවට විග්නේෂ්වරන් මන්ත්‍රිතුමාගේ අන්තවාදය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට යාපනයේ ජනතාව මනාප දුන්නේ 21,554ක් පමණයි. ආණ්ඩුව සමඟ සමගියෙන් කටයුතු කිරීම වෙනුවෙන් පෙනී සිටි අංගජන් රාමනාදන්ට මනාප 36,365ක් සහ ඩග්ලස් දේවානන්ද ට මනාප 32,146ක් ලබාදීමට යාපනයේ ජනතාව කටයුතු කර බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තිබෙනවා. ඉතාම පැහැදිලිව උතුරේ ජනතාව තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් සමග ගමන් කිරීමට සූදානම් නැහැ. ඔවුන් දකුණේ ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන ශ්‍රී ලංකාව සංවර්ධනය කරලා උතුරුට එහි ප්‍රතිලාභ ගෙන යාම වෙනුවෙන් පෙනී සිටිනවා කියන එකයි මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා විග්නේෂ්වරන් මන්ත්‍රිතුමන්ලා අත්කරගත් අන්ත පරාජය හරහා රටටත් ලෝකයටත් ලැබෙන පණිවිඩය.

ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ තිස්ස අත්තනායක කියන්නේ බොරු

ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ ලොකු බොරුවක් කිවුවා. ඒ තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති යටතේ තබා ගන්න බැහැ කියන එක. ජනාධිපතිට ආරක්ෂක ඇමති වෙන්න බෑ කියල ව්‍යස්ථාවේ කොතනද තිබෙන්නේ කියා මම තිස්ස මන්ත්‍රිතුමාගෙන් ප්‍රශ්න කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තිය අනුව ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගන්තිය අනුව ආරක්ෂක ඇමතිධූරය වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැතිව ජනාධිපතිම රඳවා ගතයුතු බවට 2003 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබෙනවා.

19 වන සංශෝධනය ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය වෙනස් කළේ නෑ. ඒ වගන්තිය සංශෝධනය නොකර ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමතිවරයෙකුට පවරන්න බෑ. ඒ වගන්තිය සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා. තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා කියන විදිහට රටේ ජනාධිපති වරයාට ආරක්ෂාව පිළිබඳ ලෝකයේ ඉන්න සුපිරිම විශේෂඥවරයාට ආරක්ෂක අමාත්‍යාංශය දරාගැනීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක්නම් 19 අහෝසි කරන්න ඊටත් වඩා හොඳ හේතුවක් හොයාගන්න බෑ.

– අරවින්ද අතුකෝරල

34,632 views

16 Comments to “දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්….”

  1. country man says:

    I am with you all along regarding this subject Mr.Gamanpila.Otherwise in hundred years time some tamils will really believe this story. They might even say check the hansard in 2020.

    • දයා says:

      යම් පුද්ගලයෙකුගේ කතාවක් හැන්සාඩ් ගතවූ පමනින් එය නීතියක් හෝ පරම සත්‍යය බව හෝ පිළිගැනීමක් ලැබෙන් නෑ. එය අදහස් දැක්වීමක් විතරයි.

      • Coolie says:

        We Coolies have the Coolie complex. We were transported to South Africa, Sri Lanka, Singapore, Malaysia, West Indies and Kenya as slaves after African slavery was banned. So we want to invent some history.

        We have the oldest language which is 10 million years old, even Homo erectus spoke our language, we have proof for that just like we have proof of our ancient homeland in Sri Lanka.

        The thing is we Coolies like to have a proper master (with a whip) like the Dutch and British so please whip us and get us to work. We will then be your loyal servants.

      • COBRA says:

        එත් විග්නේශ්වරන් ජාතිවාදියා ගේ එම බොරු ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කල යුතුයි
        එය ඉවත් කරන මෙන් ගරු කථානායක තුමාගෙන් අපි ඉල්ලමු …ඔහුකල එම ප්‍රකාශය මුළු සිංහල ප්‍රජාවටම කල නින්දාවක් ..ඔහු සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි ..මෙවැනි බෙදුම්වාදී ත්‍රස්තවාදී දෙමල ජාතිකයෙක්වූ විග්නේශ්වරන්ගේ රටේ ප්‍රජා අයිතිය අහෝසි කලයුතුයි …

    • HETTI says:

      පුලුවන් තරම් සිංහලයන් රවටාපල්ලා…විග්නේෂ්වරන් ඔය කතාව කියන කොට පූසො වගේ ඉද්ලා දැන් පොර ටෝක්…ඔය 2025 මන්ත්‍රීවරුන් වීමටය.

  2. Crazy says:

    Excellent. We were expecting this clarfication from You

  3. එක්නැලිගොඩ says:

    හරියටම හරි ඇමතිතුමනි. අපි විරුද්ධයි කියලා උගුර කඩාගෙන කෑ ගහල හරියන්නේ නෑ. මේ මතයට අභියගෙ කරලා කුඩු පට්ටම් කරන්න එකයි කරන්න ඕනෑ.

    • කුරැටු ගීය says:

      අද ජාතික ප්‍රශ්ණය යටගසා ජනතාවගේ අවධානය ව‌ෙනතකට ගන්න කරන තවත් බොරැ සටන් රඟදැක්වීමක්.
      අද රටේ ජාතික ප්‍රශ්ණය ජාතිභේදයකින් තොරව සියලු මිනිසුන් හා රට මහා ව්‍යසනයකට ඇද දමා ඇති විදේශ ණය බරයි.
      ගම්මන්පිලවත්,විග්නේෂ්වරන්වත්,හකීම්ලාවත් ‘නියම ජාතික ප්‍රශ්ණය’ ගැන එකදු වචනයක්වත් කතා නොකරයි-ඒ පිලිබදව කතා නොකර යටගැසීමට ඔවුන් අතර ඇත්තේ පුදුමාකාර එකඟතාවයකි,සහෝදරාත්මක බැඳීමකි.
      මේ විදේශ ණය ව්‍යසනය හමුවේ සිංහල පජාතිවාදීන්ට කතා කරන්නට සිංහල ජාතියක්වත් ද‌ෙමළ පජාතිවාදීන්ට කතා කරන්නට ද‌ෙමළ ජාතියක්වත් තව නොබෝ දිනකින් ඉතිරි වන්නේ නැත.
      මේ රටේ මිනිසුන්,සතුන්,ගහකොල,ජලය,භූමිය මේ හැම ද‌ෙයක්ම දැනටමත් ණයට සින්න වන තැනට පත්ව ඇත.

  4. Love nature says:

    දෙමළ විද්වතෙක්‌ හිටිය මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලා කියල. එතුමාගෙ ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් වෙනව ක්‍රි.ව. 13 වැනි සියවසට පෙර ලංකාවේ ස්‌ථිර දෙමළ ජනාවාස තිබුණු බවට සාක්‌ෂි නැහැ කියල. එහි සාරාංශයක්‌ ඔහු රාජකීය ආසියාතික සමිතියේ, ලංකා ශාඛාවේ සඟරාවට ලියූ ලිපියකත් සඳහන් වෙනව.

  5. 77 UNP says:

    උදය ගම්මන්පිල ඇමති තුමනි, තිස්ස අත්තනායක කියන්නේ පට්ටපල් බොරුකාරයෙක්. මගේ මිතුරෙක් තිස්සට වඩා අවුරුදු දෙකක් කැළණි වී.වී. ජෙයෂ්ඨයෙක් කියපු කතාවක් මෙහෙමයි. ජෙෂ්ඨයා තිස්සගේ මුල් කාලයේදී (රැග් සීසන් එකේදී) තමන්ට යමකුගෙන් ලැබුණ ආරංචියක් අනුව එය සත්‍යද කියා තිස්සගෙන් අහල තියනවා. “මල්ලි ඇත්තද උඹ ඒ. එම්. ආර්. බී. අත්තනායක මන්ත්‍රීතුමාගේ පුතා කියන එක. ඒකට ඔවු හෝ නැහැ කියා පිළිතුරක් නොදී තිස්ස උගේ අර ට්‍රයම්ප් මූනෙන් යන්තම් හිනාවක් දමල ඒ ප්‍රශ්නයට ඔවු කියන උත්තරේ අභිනයෙන් දුන්නා. අන්න තිස්ස අත්තනායක.” වාසියට අම්ම තාත්තා මාරුකරන්න පුළුවන් පොරක්.

  6. fass says:

    Indiayaweth nathi prmukathawayak mun balaporoththu wenne, yako puluwannam indiyawata gihilla me wage deyak kiyapanko balanna ehe ewun gal gahala maranne.

  7. සිම්පල් says:

    ඕකාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් අරන් ඇවිත් පාර්ලිමේන්තුවෙන් පන්නපල්ල.

  8. ගුණසීලි says:

    මීක් හඬක් නැඟුවේ නැහැ විග්නේශ්වරන් එදා ජාති භේදය පාර්ලිමේන්තුවේදී අවුස්සන්න කොට. දැන් බොරුවට බුරනවා.

  9. nihal says:

    පාර්ලිමෙන්තුව තියෙන්නෙ තර්ක- විතර්ක , වාද- විවාද වලට. විග්නේශ්වරන් කතා කරන කොට වලිගෙ කකුල් දෙක අස්සෙ ගහ ගෙන දැන් විවාදයකට එන්න කියනවා. මෝඩ අවලම් හැත්ත.