දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා.. එක්සත් ශ‍්‍රී ලංකාවකට යෝජනා..

March 25, 2022 at 5:36 pm | lanka C news
දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා.. එක්සත් ශ‍්‍රී ලංකාවකට යෝජනා..

“රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි.

තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

දෙමළ ජාතික සන්ධානය සමග අද (25) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරමින් ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

තවදුරටත් එක්ව කටයුතු කිරීමෙන් උතුරු – නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටුකර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය. රටක් ලෙස අප එකතු විය යුතුයි. එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් මහතා කියා සිටි. ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීමට කැමැත්තෙන් පසුවන බව සම්බන්ධන් මහතා පැවසීය.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශණයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්‍රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීදරන්, ශානක්‍යයන් රාජපුත්‍තිරන්, තවරාජා කලෙයි අර්සන්, සෙල්වම් අඩෙයිකලනාදන්, එස්. නොහාර්තලිංගම්, කෝවින්දන් කරුණාකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

28,226 views

21 Comments to “දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා.. එක්සත් ශ‍්‍රී ලංකාවකට යෝජනා..”

  1. Siripala says:

    Except 13th amendment

  2. ජයෙ says:

    මදැයි සිංහලු ආන්ඩුවක් හැදුවා

    • Imperialism says:

      ගිය පාර කපුටාස් පසුපස ගිය ගොබ්බයන් රැල මෙවර වකපුටාස් පසුපස.

  3. අපතයා says:

    මේක තනි සිංහල ආන්ඩුවක් කියලා නේද අවලස්සන ඇමරිකානුවාගේ අයියලා ගිරිය කඩාගෙන කෑගහමින් කිව්වේ. දැන් කොහොමද දෙමළ ජනතාවගේ චන්ද හිඟාකමින් සමගි ආන්ඩු හදන්නේ? ඔය අවලස්සන එකා ආපසු පටවන්න බැරිද ?

  4. SALMAL says:

    දෙමළ ජාතික සන්ධානය TNA යනු බෙදුම්වාදී ජාති වාදී ,ත්‍රස්තවාදී පක්ෂයක් ..එවැනි දේශද්‍රෝහීන් සමග මොන සාකච්ඡාද ? ඇත්තෙන්ම ඔබට වසර 30 තුලදී සිදු වූ විනාශය අමතක වෙලාද දෙමල කොටි ඩයස් පෝරාව සමග සාකච්ඡා කරන්නේ ? මේ ආර්ථික අර්බුදය අපිම විසදාගත යුතුයි ..සුලුජාතින් හදන්නේ බොරදියේ මාලු බා ගැනිමටයි ..ජනපතිතුමෙනි ,කොටින් සමග පනක් ගිවිසුම් ,ගිවිසුම් ගසා ලබා ගන්න මුදල් වලින් ඇති යහපත කුමක්ද ? තමන්ගේ සිංහල මාතෘ භුමිය බිලි දී ඩොලර් ලබා ගැනීමෙන් සිදු වන්නේ තාවකාලික විසදුමක් දීර්ඝ කාලින විනාශයක් ගැටුමක් ..කරුණාකර අපේ සිංහල එකම මාතෘභූමිය , කොටි බෙදුම්වාදීන්ට බිලි නොදෙන්න අපේ සිංහල මව් බිම විනාශ නොකරන්න 69 ලක්ෂයක් ජනතාව ඔබව විශ්වාස කර පත් කලේ මෙවැනි පහත් නිවට වැඩ කිරීමට නොවේ

    • කැපුවත් පොහොට්ටුවට says:

      උබ වගෙ ජාති ද්‍රෝහි කාලකන්නි යුඑන්පී බල්ලො දැන් 69ලක්ෂයෙ වෙස් අරගෙන අපේ ආන්ඩුවට උපදෙස් දෙන්න එන බව අපි දන්නව. සිංහල කම ගැන තොපි මොනාද දන්නෙ? උබලගෙ පුටානෝ ඇපත් නැතිව පරදිනව මේ පාර.

    • LalithM says:

      69 ලක්ෂයක් නිවටයන් කල මෝඩ ක්‍රියාව අර්ථවත් කරන්න අනාගත්ත රජු සැරසෙනවා. ඇමරිකානුවා මව්රටේ නියෝග ක්‍රියාත්මක කිරීම හැර වෙන මොනව කරන්නද. අනික සිංහ ලේ මෝඩ වුනාට දෙමල ඩයස්‌පෝරාව ලාංකික සමාජයේ කොටසක් නේද. මෙවැනි සිංහල ඩයස්‌පෝරා වෙනත් කලාපවල නැතිද. ඒත් උන්ට මව්බිම අමතක නේද?

      • OLU says:

        සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ඉලක්ක කොට වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා අද රටේ ජනතාව ඉන්ධන ගෑස් අහාර පෝලිම් වල මැරී වැටෙනවා ..මේකද ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම” කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න ..පවුල් පාලනය නිසා අද පොහොට්ටුව විදේශීය රටවල සිටින දෙමළ LTTE ත්‍රස්තවාදීන්ගේ ඩොලර් සදහා සාකච්ජා කරමින් සිටි …
        ඔබතුමා සිංහලයෙක්ද ? දහස් ගණන් අපේ රටේ රණවිරුවෝ ජිවිත පුජා කරලා , රණවිරුවෝ ඔවුන්ගේ ඇස් ,අත් , පා අහිමිව ආබාදිත වුයේ රටවෙනුවෙන් කල උතුම් පරිත්‍යාගයට සේවයට කරන අවමානයක් තමයි කොටි ඩයස් පෝරා සමග ඩිල් දැමීම .ලැජ්ජයි ..කරුණාකර ඔබේ පවුල් පාලනය ආරක්ෂා කිරීමට අපේ රට දෙමළුන්ට බිලිදී සිංහල ජනතාව අපහාසු තත්වයකට පත් නොකරන්න ..වසර 30 ත්‍රස්තවාදය නැවත උතුරේ ඇතිකිරීමට උත්සාහ නොකරන්න …ත්‍රස්තවාදයෙන් යුද්ධයෙන් උතුරේ ජාතිවාදී දමිළයින්ට ලබා ගත නොහැකිවූ දේශපාලන බලය ,බෙදුම්වාදය ,දරුණු මිනීමරු LTTE ත්‍රස්තවාදීන් නිදහස් කිරීම වැනි දේවල් ඔවුන්ගේ ඩොලර් වලට පාවා නොදිය යුතුයි ….රටේ ආර්ථිකය නගා සිටුවීමට මුළු රටේම දේශප්‍රේමී ජනතාවගේ සහය ලබා ගන්න .මුදල් ඇමති බැසිල් ඉවත්කරන්න ..ගෝඨාභය SIR අපේ රට කොටින්ට බිලි දීම නතර කරන්න මෙවැනි ක්‍රියා නිසා ඇතිවන්නේ දීඝ කාලින ගැටුම් …දෙමළ භාෂාව රජයේ බසක් කළා වගේ ..සිංහල මාතෘභූමිය විනාශ නොකරන්න

  5. LION says:

    No agreements with Tamil Tiger political parties such as the Tamil National Alliance. Do not seek help from Tamil terrorists to build our country

  6. John the baptice says:

    ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීමට කැමැත්තෙන් පසුවන බව සම්බන්ධන් මහතා පැවසීය. සම්බන්දන් අපේ සිංහල මාතෘ භුමිය පෙරදිග ස්විස්ටර්ලන්තය කිරීමට අවශ්‍ය නොවේ ..මේ සිංහල ජනතාවගේ මාතෘ භුමිය බව අමතක නොකරන්න ..අපට දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ සහය අවශ්‍ය නැත Once a terrorist, always a terrorist..NEVER TRUST TNA

    • කැපුවත් පොහොට්ටුවට says:

      ජාති ද්‍රෝහි කාලකන්නි යුඑන්පී බල්ලො දැන් 69ලක්ෂයෙ වෙස් අරගෙන අපේ ආන්ඩුවට උපදෙස් දෙන්න එන බව අපි දන්නව. සිංහල කම ගැන තොපි මොනාද දන්නෙ? උබලගෙ පුටානෝ ඇපත් නැතිව පරදිනව මේ පාර.

      • SARA says:

        In every disaster throughout Srilankan histroy Tamils are responsibal ,never trust Eelam Tamils (TNA)& Tamil tiger Diaspora do not deal any pact or any agreements,,for ex-Remembering the Bandaranaike-Chelvanayakam Pact of 1957

    • මාක්ස්වාදී ජෙප්පා says:

      උබ වගෙ කතෝලික පරයොත් අපි ට්‍රස්ට් කරන්නෙ නෑ.

    • Boris Vanculenberg says:

      Go & protest against Nandasena & get him to make you as president. CoZ he now invites Tamil diaspora to come with their money to invest here? Why? He has no option now. But buggers like you are still supporting him!

      • John the baptice says:

        @ Boris Vanculenberg –KEEP YOUR TAMIL DIASPORA BLOOD MONEY ..WE NEED NOT WANT IT YOU FOOL

  7. LalithM says:

    අවලස්සන ඇමරිකානුවෝ සිංහ ලේ වලට නියමම පිලිතුර දුන්න නේද. අපේ නීච හොර චීවරධාරියෝ සිංහ ලේ නිවට කෙරෙව්වා කදිමයි.

  8. SL says:

    කල් යල් බලල ගෙනල්ල තියෙන්නෙ.කාලකන්නි
    එකසත් ප***
    ජවිපෙ මොනවා කියයිද දන්නෙ නෑ.වෙන එකක් නම් මෙලහට පට්ට ගහල

  9. Nishanthi says:

    Me para naayakayo dutugemunu piliruwa abiyasa divrum dunne mama janaadipathi kale sinhalayan sinhala chanda walin kiyala.ehema balayata path una mun ada LTTE diaspora ekka LTTE atawapu pakshe ekka ape mau Bima billata danna yanawa unge balaya reka ganna.sinhala minisune me deshadrohi rajapaksha wanchaakarainta kisidaa samawa nodemu

  10. සල්ලි මල්ලි says:

    ඩයස්ෆෝරාව කොටින්ට එකතුකර දුන් ඩොලර් සියල්ල වැයකරල ආයුධ ගන්නෙ නැතිව ඩොලර් ටිකක් ආණ්ඩුවට දුන්නානම් පිරිබාහරන් තාමත් ජීවතුන් අතර…ඩය්ස්ෆෝරාවටයි, දෙමළ සංධානයටයි දැන් ඒක තේරිලා….ඒකනෙ රටට ඩොලර් එවන්න හදන්නෙ……

    • cobra says:

      පුත්තලම් බුරුවෙක් වුනාට ඒ බව පෙන්වීමට උත්සාහ නොකරන්න …දෙමල දේශපාලුවන්ට අවශ්‍ය ලෝකයේ දෙමළ ජාතියට මව් බිමක්( දෙමළ රටක් )හදා ගන්න …ඊළම කියන්නේ එකයි …අපේ සිංහල දේශපාලුවෝ තමන්ගේ වාසියට ,සිංහලයින්ගේ එකම මාතෘ භුමිය ඉන්දියාවේ ආපු දුම්කොළ වහලුන්ට දේශපාලන අයිති වාසිකම් දීලා ඩීල් දානවා,ගිවිසුම් ගහනවා රට බෙදන්න සහය දෙනවා ඩොලර් වලට …පොහොට්ටුව ඉල්ලා අස්වී ගෙදර පලයව්
      කොටින්ගේ BLOOD MONEY අරන් රටේ ආර්ථිකය ගොඩ දා ගැනීම විහිලුවක් සාපයක්

Main News