දෙමළ ඩයස්පෝරාව පිළිගෙන දෙමළ ජනතාවගේ ගැටලු විසඳන්නැයි යාපනයේ විරෝධතා…

March 27, 2022 at 6:20 pm | lanka C news
දෙමළ ඩයස්පෝරාව පිළිගෙන දෙමළ ජනතාවගේ ගැටලු විසඳන්නැයි යාපනයේ විරෝධතා…

රට මුහුණපා ඇති ආර්ථික බලපෑමට විසඳුමක් ලෙස දෙමළ ඩයස් ෆෝරාව පිළිගෙන දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට රජය කටයුතු කළ යුතු යැයි පවසා යාපනයේ විරෝධතාවක් පැවත්වූහ.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් යාපනය බස් නැවතුම්පල ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන අය ඇතුලු පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගී වී සිටියහ.

එහිදී විරෝධතාවයේ නිරත වූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු පිරිස වැඩිදුරටත් පවසා සිටියේ,

‘රජය සමග දෙමළ ජාතික සන්ධානය පැවත්වූ සාකච්ඡා ස්තීර විසඳමක් හෝ තීරණයකින් තොරව අවසන් වී ඇති අවස්ථාවක දෙමළ ජනතාවට විසඳුම් ලබාදීම අවිනිස්චිත වී ඇති බවටයි.

එමෙන්ම රජය විසින් දෙමළ ඩයස් ෆෝරාවේ අයෝජන සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගන්නනේ නම් ලක්ෂ 12 කට ආසන්න විදෙස්ගත දෙමළ ජනතාව ඇතුලු ඩයස් ෆෝරාව පිළිගෙන මෙරට ආර්ථිකයට විසඳුම් ලබාගත යුතු බවටත් එමගින් උතුරු නැගෙනහිර ඇතුලු යුද්දයෙන් පීඩා විඳි දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් දෙමළ ඩයස් ෆෝරාව හරහාද විසඳුම් ලබාගත හැකි බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,551 views

21 Comments to “දෙමළ ඩයස්පෝරාව පිළිගෙන දෙමළ ජනතාවගේ ගැටලු විසඳන්නැයි යාපනයේ විරෝධතා…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මෝඩ පුටානෝ ආවොත් රට සුන්. කොටි එක්ක රට බෙදනව. රට බේරාගත හැක්කෙ පොහොට්ටු ආන්ඩුව දිගටම බලයේ තබා ගැනීමෙන් පමනයි.

    • LalithM says:

      යුද විරුවා අන්තිමට ඩයස්‌පෝරාව ඉදිරියේ විරවගන්න වගේ… අනේ අපේ රට!!!

  2. ලප කුමාර says:

    දහස් ගානක් හමුදා සාමාජිකයන් ජීවිත පූජා කරලා බේරා ගත්ත ලන්කාව කොටි මිනීමරු කල්ලියට ආපසු පූජා කරපියව්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දෙමළ මන්ත්‍රී වරු බොහොමයක් කොටි කල්ලියේ ඉතා කිට්ටු සාමාජිකයන්.

Main News